Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 14:23 - Sinhala New Revised Version

23 ඔව්හු කඳු මත පූජාස්ථාන ගොඩනඟා, සියලු උස් හෙල් පිට ද විශාල අතුපතර ඇති සියලු ගස් යට ද පිළිම සහ අෂේරා කප් කණු ඉදි කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ඔව්හු කඳු මත පූජාස්ථාන ගොඩනඟා, සියලු උස් හෙල් පිට ද විශාල අතුපතර ඇති සියලු ගස් යට ද පිළිම සහ අෂේරා කප් කණු ඉදි කළෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 ඔව්හුද සියලු උස් හෙල් පිටත් සියලු අමු ගස් යටත් උස් තැන්ද රූප-කුළුනුද අෂේරා කණුද සාදාගත්තෝය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 14:23
29 හුවමාරු යොමු  

තවද, ඔහු ගිරිකුළු දේවාල සාදා, ලෙවීගේ වංශයට අයත් නුවූ අය මුළු සෙනඟ අතරෙන් පූජකයන් වශයෙන් පත් කෙළේ ය.


ඉශ්රායෙල්වරුන් තමන්ට අෂේරා කප් කණු සාදාගෙන සමිඳාණන් වහන්සේ කෝප කළ බැවින්, බට ගහක් වතුරේ සලෙවෙන ලෙස සෙලවීමට උන් වහන්සේ ඔවුන්ට පහර දී, ඔවුන්ගේ පියවරුන්ට දුන් මේ සශ්‍රීක දේශයෙන් ඔවුන් පහකර, යුප්‍රටීස් ගංගාවෙන් එතෙරට ඔවුන් විසුරුවාදමන සේක.


ඔහු සල්ලාලයන් දේශයෙන් පහකොට, තමාගේ පියවරුන් සෑදූ සියලු දේව රූප අහක් කරදැමී ය.


තවද, සිරියාවේ රජුගේ සේවකයෝ ඔහුට කතා කොට, “ඔවුන්ගේ දෙවියෝ කඳුවල දෙවි කෙනෙකි. එබැවින් ඔව්හු අපට වඩා බලවත් වූවෝ‍ ය. එහෙත්, සම භූමියෙහි අපි ඔවුන්ට විරුද්ධ ව සටන් කරමු නම්, අපි සැබැවින් ම ඔවුන් පරාජය කරන්නෙමු.


ඒ කාලය වන තුරු සමිඳාණන් වහන්සේගේ නාමයට කිසි මන්දිරයක් ගොඩනඟා නොතිබුණු බැවින් සෙනඟ ගිරිකුළුවල පූජා ඔප්පු කළෝ ය.


සලමොන් තම පිය වූ දාවිත්ගේ නියෝග ලෙස හැසිර සමිඳාණන් වහන්සේට ප්‍රේම කෙළේ ය. තවද, ඔහු කඳු මත පූජාස්ථානවල පූජා සහ සුවඳ දුම් ඔප්පු කෙළේ ය.


තවද, ඔව්හු බාල්ගේ දේවාලයේ ශිලාස්තම්භය පිටතට ගෙනවුත් පුළුස්සාදමා,


ඔහු ගිරිකුළු දේවාලවලත්, හෙල් පිටත්, සියලු අතු පතර ඇති ගස් යටත් පූජා ඔප්පු කොට සුවඳ ද්‍රව්‍ය පිදී ය.


ඔව්හු තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ සියලු ආඥා අත්හැර, වාත්තු කළ පිළිම වන වස්සන් දෙදෙනෙකු ද අෂේරා කප් කණු ද සාදා ගෙන ආකාශ වස්තූන් සියල්ලට නමස්කාර කරමින්, බාල් දෙවියාට සේවය කළෝ ය.


ජුදාවරුත් තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ ආඥා රක්ෂා නොකොට, ඉශ්රායෙල්වරුන් සාදාගත් පණත් ලෙස හැසුරුණෝ ය.


ඔව්හු තමන්ගේ පියවරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව අත්හැර දමා අෂේරා කප් කණුවලටත්, පිළිමවලටත් සේවය කළෝ ය. ඔවුන්ගේ මේ වරද නිසා ජුදා දේශය ද ජෙරුසලම ද පිට දේව උදහස පැමිණියේ ය.


ඔහු ගිරිකුළු පිටත්, හෙල් පිටත්, අතු පතර ඇති සියලු ගස් යටත් පූජා ද සුවඳ දුම් ද ඔප්පු කෙළේ ය.


තවද, නුඹ ඔවුන්ගේ පූජාසන වනසා ශිලාස්තම්භ කුඩු කොට, අෂේරා නම් ශුද්ධස්ථාන සිඳ හෙළිය යුතු යි.


ආලෝන ගස් අතරේත්, සියලුම අතු පතර ඇති ගස් යටත් නුඹලා කම් සැපෙහි යෙදෙන්නහු ය. මිටියාවත්හි හා පර්වත විවරයන්හි නුඹලා දරුවන් පූජා කරන්නහු ය.


නුඹලාගේ දරුවෝ අතුපතර ඇති ගස් ළඟ ද උස් හෙල් උඩ ද


සියලු බලැති මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “එම්බා ඉශ්රායෙලය, අතීතයේ දී නුඹ මාගේ වියගහ නමැති පාලනයත් මට කීකරුවීමත් ප්‍රතික්ෂේප කර, ‘මම සේවය නොකරන්නෙමි’යි කීවෙහි ය. එහෙත්, උස් වූ හැම හෙලක් පිට ද අතුපතර ඇති හැම ගසක් යට ද නුඹ වැතිර වෙසඟනක මෙන් අන් දෙවිවරුන්ට නමස්කාර කෙළෙහි ය.


වරද කළ නුඹ නුඹේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලි ගැසූ බව පිළිගන්න. මාගේ හඬට කීකරු නොවී, හැම අතුපතර ඇති ගස් යට විදේශීය දෙවිවරුන්ට නුඹේ ආදරය දුන් බව පිළිගන්න. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.


උස් වූ සියලු හෙල්වලත්, සියලු කඳු මුදුන්වලත්, සියලු අතු පතර ඇති ගස් යටත්, අතු ඇති සියලු ආලෝන ගස් යටත් තමන්ගේ සියලු දේව රූපවලට මිහිරි සුවඳ ඔප්පු කළ සෑම පූජාසන වටකර මළකඳන් වැටී තිබෙන කල, මා සමිඳාණන් වහන්සේ බව නුඹලා දැනගනු ඇත.


‘එම්බා ඉශ්රායෙල්හි කඳු, මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේගේ පණිවුඩය අසන්නැ’යි කියන්න. කඳුවලටත්, මිටියාවත්වලටත්, නිම්නවලටත් දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. මෙන්න, මම, මම ම, නුඹලා පිට කඩුවක් පමුණුවා, නුඹලාගේ කඳු මත පූජාස්ථාන නැති කරන්නෙමි.


නුඹලාගේ පූජාසන පාළු වී, නාස්ති වී, නුඹලාගේ දේව රූප කඩා දමනු ලැබ, ඒවා විනාශ වී නුඹලාගේ ධූම පූජාසන කඩාදමනු ලැබ, නුඹලාගේ කර්මාන්ත නැති වී යන පිණිස නුඹලාගේ සියලු වාසස්ථානවල නගර නටබුන් ගොඩක් වන්නේ ය. කඳු මත පූජාස්ථාන ද පාළු වන්නේ ය.


ඉශ්රායෙල් සෙනඟ බොහෝ පල දරන සරු මිදි වැලක් මෙන් වූ හ. ඔවුන්ගේ පල වැඩි වන්න වැඩි වන්න ඔව්හු වැඩි වැඩියෙන් පූජාසන සාදාගත්හ. ඔවුන්ගේ දේශය වර්ධනය වූ පමණට ඔව්හු පූජනීය රූපස්ථම්භ වැඩි කරගත්හ.


“නුඹලාගේ දේශයෙහි නුඹලාගේ වන්දනාව පිණිස දේව පිළිම හෝ කැටයම් කළ ප්‍රතිමා හෝ ශිලාස්තම්භ හෝ නෙළූ ගල් රූප හෝ නොසෑදිය යුතු ය. නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම වෙමි.


මම නුඹලාගේ රටේ ඇති අෂේරා කප් කණු බිඳ හෙළා නුඹලාගේ නගර විනාශ කරන්නෙමි.


ඔබ යටත් කරගන්න ජාතීන් තමන්ගේ දෙවිදේවතාවන්ට වැඳුම්පිදුම් කළ උස් කඳු මත ද, කඳු හෙල් මත ද, සෑම අතුපතර ඇති ගසක් යට ද වූ සියලු වන්දනා ස්ථාන සහමුලින් ම වනසා


අෂේරා කප් කණුවක් ද එහි ඉදි නොකළ යුතු ය. මෙසේ කිරීම දෙවි සමිඳාණන් වහන්සේට පිළිකුලකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්