2 සාමුවෙල් 24:16 - Sinhala New Revised Version දේව දූතයා ජෙරුසලම විනාශ කරන්නට තමාගේ අත ඒ දෙසට දිගු කළ විට, සමිඳාණන් වහන්සේ විපත ගැන තැවී සෙනඟ අතරේ විනාශ සිදු කරන දූතයාට කතා කොට, “ඉතින් ඇති, නුඹේ අත ඉවත් කර ගන්නැ”යි වදාළ සේක. සමිඳාණන් වහන්සේගේ දූතයා ඒ අවස්ථාවේ දී ජෙබුසිය අරව්නාගේ කමත ළඟ සිටියේ ය. Sinhala New Revised Version 2018 දේව දූතයා ජෙරුසලම විනාශ කරන්නට තමාගේ අත ඒ දෙසට දිගු කළ විට, සමිඳාණන් වහන්සේ විපත ගැන තැවී සෙනඟ අතරේ විනාශ සිදු කරන දූතයාට කතා කොට, “ඉතින් ඇති, නුඹේ අත ඉවත් කර ගන්නැ”යි වදාළ සේක. සමිඳාණන් වහන්සේගේ දූතයා ඒ අවස්ථාවේ දී ජෙබුසිය අරව්නාගේ කමත ළඟ සිටියේ ය. Sinhala Revised Old Version දේවදූතයා යෙරුසලම විනාශකරන්ට තමාගේ අත ඒ දෙසට දිගුකළ විට ස්වාමීන්වහන්සේ විපත ගැන තැවී සෙනඟ විනාශකරන දූතයාට කථාකොට: ඉතින් ඇත, නුඹේ අත නවතාගන්නැයි කීසේක. ස්වාමීන්වහන්සේගේ දූතයා යෙබූසිය අරව්නාගේ පාවර ළඟ සිටියේය. |
එදින ගාද් දාවිත් ළඟට අවුත්, “ඔබ ගොස් ජෙබුසිය අරව්නාගේ කමතේ සමිඳාණන් වහන්සේට පූජාසනයක් ගොඩනඟන්නැ”යි ඔහුට කී ය.
ඒ දවසේ දාවිත් කතා කොට, “ජෙබුසිවරුන්ට පහර දෙන සියල්ලෝ ම දිය අගල තුළින් ගොස් මා ද්වේෂ කරන මේ කොරුන්ටත්, අන්ධයන්ටත් පහර දෙත් වා”යි කී ය. ‘අන්ධයන් ද කොරුන් ද දේව මාලිගාවට ඇතුළු නොවිය යුතු ය’ යන කීම ඇති වූයේ මේ නිසා ය.
තමා ම මුළු දවසක ගමන් ප්‍රමාණය නිමවමින් පාළුකරයට පිවිස රෝතෙම් නම් ගසක් යට වාඩි වී, තමා මැරෙන ලෙස ඉල්ලමින් “සමිඳාණන් වහන්ස, ඉතින් ඇත, දැන් මාගේ ප්‍රාණය ගත මැනව. මන්ද, මාගේ පියවරුන්ට වඩා මම උතුම් නොවෙමි”යි කී ය.
ඒ රාත්‍රියේ සමිඳාණන් වහන්සේගේ දූතයා පිටත් ව ගොස් අසිරියන්වරුන්ගේ කඳවුරෙහි එක්ලක්ෂ අසූපන්දහසකට පහර දුන්නේ ය. මිනිසුන් අලුයම නැඟිට බලන විට, ඒ සියල්ලෝ මැරී සිටියහ.
එකල සලමොන් තමාගේ පිය වූ දාවිත්ට ජෙරුසලමෙහි දී සමිඳාණන් වහන්සේ දර්ශනය වූ මොරියා කන්දේ ජෙබුසිය වූ ඔර්ණාන්ගේ කමතේ දාවිත් විසින් නියම කරන ලද ස්ථානයෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්න පටන්ගත්තේ ය.
එවිට සමිඳාණන් වහන්සේ දේව දූතයෙකු එවූ සේක. ඔහු අසිරියාවේ රජුගේ කඳවුරේ සියලු බලවන්ත යුද්ධ භටයන් ද ප්‍රධානීන් ද අධිපතීන් ද මරා දැමුවේ ය. මෙසේ සෙනකෙරීබ් රජ අපකීර්තියට පත් වී හැරී තම දේශයට ආපසු ගියේ ය. ඔහු තමාගේ දෙවියන්ගේ ගෘහයට ගිය විට, තමාගේ ම පුත්‍රයෝ එහි දී ඔහු කඩුවෙන් මැරුවෝ ය.
මන්ද, සමිඳාණෝ තමන් සෙනඟට යුක්තිය ඉටුකර දෙන සේක. ස්වකීය මෙහෙකරුවන්ට අනුකම්පා කරන සේක.
එහෙත්, දයානුකම්පාවෙන් එතුමාණෝ ඔවුන්ගේ පාප කමා කළ සේක; ඔවුන් නොවැනසූ සේක; විටින් විට තම කෝපය සංසිඳුවාගෙන තම උදහස ඇවිලෙන්නට ඉඩ නුදුන් සේක.
සමිඳුනි, මෙපමණ දිගු කලක් ඈත් වී නොසිට ඔබ අප වෙත පෙරළා පැමිණිය මැනව. ඔබේ දාසයන්ට අනුකම්පා කළ මැනව.
නුඹලා සිටින ගෙවල් මත තවරා ඇති ලේ නුඹලා ඒවායේ සිටින බවට ලකුණක් වන්නේ ය. මම ලේ දකින විට නුඹලා පසු කර යන්නෙමි. මිසර දේශයට මා පහර දෙන විට, ඒ මාරක දඬුවම නුඹලා වෙත නොපැමිණෙනු ඇත.
මන්ද, සමිඳාණන් වහන්සේ මිසරයට පහර දීමට දේශය මැදින් යන සේක. මෙසේ යද්දී උළුවස්සේ උඩ ලීයේ හා දෙපස කණුවල ලේ උන් වහන්සේ දකින විට, එම දොර පසු කොට ගොස් ඔබ මැරීමට, මාරක දූතයාට ඔබගේ ගෙවලට ඇතුළු වීමට ඉඩ නොදෙන සේක.
අහස් ගිගුරුම සහ ගල් වර්ෂාව නවත්වන ලෙස සමිඳාණන් වහන්සේට යාච්ඤා කරන්න. මම ද නුඹලාට යන්න අවසර දෙමි. නුඹලා තවත් මෙහි නැවතීම උවමනා නැතැ”යි කී ය.
සමිඳාණෝ සිය සෙනඟ වහල්කමට යවමින් ඔවුන්ට දඬුවම් කළ සේක; නැගෙනහිරින් හැමූ අකුණු සුළඟකින් ඔවුන් පහකර දැමූ සේක.
මා කෙරෙන් ජීවනදායක ආත්මය නික්මෙන බැවින්, මා ජීවන හුස්ම මවා ඇති බැවින් මා තවදුරටත් මාගේ සෙනඟ සමඟ විවාද කරන්නේ වත්, සෑම කල් ම උදහස් වී සිටින්නේ වත් නැත.
එහෙත්, ජුදාවේ රජු වූ හෙසකියා සහ සියලු ජුදාවරු ඔහු මැරුවෝ ද? ඒ වෙනුවට හෙසකියා සමිඳාණන් වහන්සේට බිය වී උන් වහන්සේට කන්නලව් කෙළේ නැද් ද? සමිඳාණන් වහන්සේ ද ඔවුන්ට විරුද්ධ ව ප්‍රකාශ කළ විපත ගැන සිය අදහස් වෙනස් කළ සේක. දැන් අප, අප පිට ම දරුණු විපතක් පමුණුවාගන්නට ළඟ ය.
‘නුඹලා මේ දේශයේ ම සිටින්නට කැමැත්තහු නම්, මම නුඹලා නොවනසා පිහිටුවන්නෙමි. නුඹලා උදුරා නොදමා හිටවන්නෙමි. මන්ද, මා නුඹලාට පැමිණෙවූ විපත්ති ගැන කණගාටු වෙමි.
සමිඳාණන් වහන්ස, ඔබ කර ඇති සියලු දේ ගැන මා අසා ඇත. සමිඳාණන් වහන්ස, ඔබේ ක්‍රියා මා තුළ ගරුබිය දනවයි. ඔබ වහන්සේ පෙර කළ බලවත් ක්‍රියා මේ කාලයේදීත් කළ මැනව; පෙන්නුව මැනව; උදහසේ දී ඔවුන්ට දයාව දැක්වුව මැනව.
ඔව්හු ලේ සහිත මාංස වත්, තහනම් කරන ලද කෑම වත් තවත් අනුභව නොකරන්නෝ ය. ඔව්හු ද ඉතිරි ව සිටින සියලු දෙනා සමඟ දෙවියන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය; ඔව්හු ජුදාහි ගෝත්‍රයක් මෙන් වන්නෝ ය; එක්‍රොන්වරු ද ජෙබුසියයන් මෙන් වන්නෝ ය.
උන් වහන්සේ තෙ වන වරත් අවුත් ඔවුන් අමතමින්, “තවමත් නිදි ද? තවමත් විවේකයෙන් ද? ඉතින් ඇති; නියමිත මොහොත පැමිණ තිබේ; මෙන්න, මනුෂ්‍ය-පුත්‍රයාණෝ පවිටුන්ගේ අත්වලට පාවා දෙනු ලබන සේක;
හෙරොද් දෙවියන් වහන්සේට දිය යුතු ගෞරවය නුදුන් බැවින්, සමිඳාණන් වහන්සේගේ දුතයෙක් එකෙණෙහි ම ඔහුට පහර දුන්නේ ය. ඔහු පණුවන් විසින් කාදමන ලදුව මළේ ය.
ඔවුන්ගෙන් සමහරෙකු මැසිවිලි කීවාක් මෙන් මැසිවිලි නොකියන්න. මැසිවිලි කීමෙන් ඔව්හු මාර දූතයා විසින් විනාශ කරනු ලැබූ හ.
එහෙත්, ජෙරුසලමේ වාසය කළ ජෙබුසිවරුන් පන්නාදමන්නට ජුදා ජනයාට නොහැකි විය. අද දවස දක්වා ජෙබුසිවරු ජුදා ජනයා සමඟ ජෙරුසලමෙහි වාසය කරති.
බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මිනිස්සු ජෙරුසලමේ විසූ ජෙබුසිවරුන් පන්නා නොදැමූ හ. ජෙබුසිවරු අද දවස දක්වා බෙන්ජමින් ගෝත්‍රයේ සෙනඟ සමඟ ජෙරුසලමේ වාසය කරති.
ඔවුන් ජෙබූස් නගරයට ළං වන විට බොහෝ සවස් වී තිබුණේ ය. එවිට වැඩකාරයා, “අපි ගොස් ජෙබුසිවරුන්ගේ මේ නගරයට ඇතුළු වී එහි නවාතැන් ගනිමු”යි තමාගේ ස්වාමියාට කී ය.
“මම සාවුල් රජකමට පත් කිරීම ගැන තැවෙමි; මන්ද, ඔහු මාගේ ආඥා නොපවත්වා මා කියන දේ ඉටු නොකර මා වෙතින් අහක් ව ගොස් ඇතැ”යි වදාළ සේක. සාමුවෙල් උදහස් වී රාත්‍රිය මුළුල්ලේ සමිඳාණන් වහන්සේට යාච්ඤා කෙළේ ය.