Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 14:41 - Sinhala New Revised Version

41 උන් වහන්සේ තෙ වන වරත් අවුත් ඔවුන් අමතමින්, “තවමත් නිදි ද? තවමත් විවේකයෙන් ද? ඉතින් ඇති; නියමිත මොහොත පැමිණ තිබේ; මෙන්න, මනුෂ්‍ය-පුත්‍රයාණෝ පවිටුන්ගේ අත්වලට පාවා දෙනු ලබන සේක;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

41 උන්වහන්සේ තුන් වන වරටත් ඔවුන් වෙත පැමිණ, ඔවුන් අමතමින්, “ඔබ තවමත් නිදාගෙන විවේක ගන්නවා ද? දැන් ඇති; පැය පැමිණිලා; මනුෂ්‍ය පුත්‍රයාණන් පව්කරුවන්ගේ අත්වලට පාවා දෙනු ලබයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

41 උන් වහන්සේ තෙ වන වරත් අවුත් ඔවුන් අමතමින්, “තවමත් නිදි ද? තවමත් විවේකයෙන් ද? ඉතින් ඇති; නියමිත මොහොත පැමිණ තිබේ; මෙන්න, මනුෂ්‍ය-පුත්‍රයාණෝ පවිටුන්ගේ අත්වලට පාවා දෙනු ලබන සේක;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

41 උන්වහන්සේ තුන්වෙනි වර ඇවිත් ඔවුන්ට කියනසේක්: දැන් නිදාගන නිවාඩු ගන්න; ඉතින් ඇත; පැය පැමිණ තිබේ; මෙන්න, මනුෂ්‍ය පුත්‍රයා පව්කාරයන්ගේ අත්වලට පාවාදෙනු ලබයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 14:41
23 හුවමාරු යොමු  

මඳක් පෙරට ගොස් මුණින්තලා වී, හැකි නම්, ඒ පැය තමන් කෙරෙන් පහ ව යන ලෙස යාච්ඤා කරමින්,


කුමක්නිසා ද, උන් වහන්සේ, “මනුෂ්‍ය-පුත්‍රයාණෝ මිනිසුන් අතට පාවා දෙනු ලබති; ඔව්හු එතුමාණන් මරන්නෝ ය. මරනු ලැබූ පසු එතුමාණෝ තෙ දිනකින් නැවත නැඟිටින්නාහ”යි ශ්‍රාවකයන්ට ඉගැන්වූ බැවිනි.


ජේසුස් වහන්සේ මේ දේවල් වදාරා, ස්වර්ගය දෙසට ඇස් ඔසවා මෙසේ යාච්ඤා කළ සේක: “පියාණෙනි, දැන් නියමිත මොහොත පැමිණ තිබේ. පුත්‍රයාණන් විසින් ඔබ මහිමයට පමුණුවනු ලබන පිණිස, ඔබ ද පුත්‍රයාණන් මහිමයට පැමිණෙව්ව මැනව.


ඔබගේ පියවරුන් පීඩා නොකළ දිවැසිවරයෙක් ඇද් ද? ඔව්හු ධාර්මිකයාණන්ගේ ආගමනය කල්තියා දැන්වූ අය මරාදැමූ හ. දැන් ඔබ ඒ ධාර්මිකයාණන් පාවා දී මරාදමා ඇත.


“දැන් මාගේ සිත කැළඹී ඇත; ඉදින් මම කුමක් කියම් ද? ‘පියාණෙනි, මේ මොහොතෙන් මා ගැළවුව මැනවැ’යි කියම් ද? නැත, මා මේ මොහොතට පැමිණියේ මේ උදෙසා ම ය.


ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මනුෂ්‍ය-පුත්‍රයාණන් මහිමයට පමුණුවනු ලබන නියමිත මොහොත පැමිණ තිබේ.


උන් වහන්සේ මේ වචන වදාළේ දේව මාලිගාවේ උගන්වන අතර, පඬුරු ගබඩාවේ දී ය. එහෙත් කිසිවෙක් උන් වහන්සේ අල්ලා ගත්තේ නැත. මන්ද, උන් වහන්සේගේ නියමිත මොහොත ඒ තාක් නොපැමිණි බැවිනි.


මෙසේ වදාළ විට, ඔව්හු උන් වහන්සේ අල්ලාගන්නට උත්සාහ කළහ. ඒ නමුත්, උන් වහන්සේගේ නියමිත මොහොත නොපැමිණි බැවින් කිසිවෙක් උන් වහන්සේ පිට අත් නොතැබූ හ.


ඔවුන් වාඩි වී භෝජන වළඳමින් සිටිය දී ජේසුස් වහන්සේ, “සැබැවින් ම මම ඔබට කියමි, ඔබෙන් එක් කෙනෙක්; මා හා සමඟ වළඳන කෙනෙක්; මා පාවා දෙන්නේ ය”යි වදාළ සේක.


දොළොස් දෙනාගෙන් එක් කෙනෙකු වූ ජූදස් ඉස්කාරියොත් ජේසුස් වහන්සේ නායක පූජකවරුන්ට පාවා දෙනු පිණිස ඔවුන් වෙතට ගියේ ය.


උන් වහන්සේ තවදුරටත් කතා කරමින් මෙසේ වදාළ සේක: “ඔබේ සම්ප්‍රදායයන් පිළිපදින පිණිස ඔබ දෙවියන් වහන්සේගේ ආඥාව ප්‍රතික්ෂේප කිරීමට හරි දක්ෂයෝ ය.


“තව දෙදිනකින් පාස්කු මංගල්‍යය පැමිණෙන බව ඔබ දන්නහු ය; මනුෂ්‍ය-පුත්‍රයාණන් කුරුසියෙහි ඇණ ගසනු ලැබීමට පාවා දෙනු ඇතැ”යි වදාළ සේක.


එම්බා ඉශ්රායෙල් වංශය! මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: නුඹලා මට සවන් දෙන්නේ නැත්නම්, ගොස් එකිනෙකා තම තමන්ගේ දේව රූපවලට දැනුත් මතුත් සේවය කරන්න. එහෙත්, මාගේ ශුද්ධ නාමය නුඹලාගේ පඬුරුවලින් ද නුඹලාගේ දේව රූපවලින් ද තවත් නොකෙලෙසන්න.


තරුණය, ඔබේ යොවුන් වියේ දී ප්‍රීති වන්න; ඔබේ යෞවන දවස්වල ඔබට සිත් සතොස ලැබේ වා! ඔබට රිසි යයි පෙනෙන පරිද්දෙන් ඔබ හැසිරෙන්න. එහෙත්, මේ සියල්ල ගැන දෙවියන් වහන්සේ ඔබ විනිශ්චයයට පමුණුවන බව දැනගන්න.


එලිෂා ඉශ්රායෙල් රජුට කතා කොට, “මා සමඟ ඔබට ඇති ගනුදෙනුව කුමක් ද? ඔබේ පියාගේ දිවැසිවරුන් ළඟටත්, ඔබේ මවුගේ දිවැසිවරුන් ළඟටත් ගිය මැනැවැ”යි කී ය. ඉශ්රායෙල් රජ ද, “එසේ නොවේ වා. මන්ද, සමිඳාණන් වහන්සේ මෝවබ්වරුන් අතට පාවා දෙන පිණිස මේ රජුන් තුන්දෙනා වන අප ගෙන්වූ සේකැ”යි ඔහුට කී ය.


ඔහු රජු ළඟට ආ කල රජු ඔහුට කතා කොට, “මීකායා, අපි රාමොත්-ගිලියද්ට විරුද්ධ ව යුද්ධයට යමු ද නොයමු දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “ගොස් ජය ගත මැනව, සමිඳාණන් වහන්සේ එය රජු අතට පාවා දෙන සේකැ”යි උත්තර දුන්නේ ය.


ඉර මුදුන් වේලාවේ එලියා ඔවුන්ට කවටකම් කරමින්, “ශබ්ද නඟා මොරගසන්න, මන්ද, ඔහු දෙවියෙකි. ඔහු කල්පනා කරමින් හෝ බැහැර ගොසින් හෝ ගමනක් යමින් හෝ ඇත. සමහර විට ඔහු නිදාගෙන සිටියි. ඒ නිසා පුබුදු වන්න උවමනා ය”යි කීවේ ය.


නුඹලා තෝරාගත් දෙවිවරුන් කරා ගොස් ඔවුන්ට මොරගසන්න. ඔව්හු නුඹලාගේ විපත්ති කාලයේ දී නුඹලා ගළවත්වා”යි වදාළ සේක.


ඉන්පසු නැවතත් හැරී අවුත් ඔවුන් නිදා හිඳිනු දුටු සේක. ඔවුන්ගේ ඇස් නිදිබර ව තිබිණි. උන් වහන්සේට කුමන පිළිතුරක් දෙන්න දැ යි ඔව්හු නොදත්හ.


නැඟිටින්න; අපි යමු; මෙන්න මා පාවා දෙන්නා ළඟ ම ය”යි වදාළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්