Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 19:11 - Sinhala New Revised Version

11 ඔවුන් ජෙබූස් නගරයට ළං වන විට බොහෝ සවස් වී තිබුණේ ය. එවිට වැඩකාරයා, “අපි ගොස් ජෙබුසිවරුන්ගේ මේ නගරයට ඇතුළු වී එහි නවාතැන් ගනිමු”යි තමාගේ ස්වාමියාට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඔවුන් ජෙබූස් නගරයට ළං වන විට බොහෝ සවස් වී තිබුණේ ය. එවිට වැඩකාරයා, “අපි ගොස් ජෙබුසිවරුන්ගේ මේ නගරයට ඇතුළු වී එහි නවාතැන් ගනිමු”යි තමාගේ ස්වාමියාට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 ඔවුන් යෙබූස්ට ළංවෙන විට දවාල බොහෝසෙයින් ගතවී තිබුණේය; වැඩකාරයාද: අපි ගොස් යෙබූසිවරුන්ගේ මේ නුවරට ඇතුල්වී එහි නවාතැන් ගනිමුයයි තමාගේ ස්වාමියාට කීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 19:11
8 හුවමාරු යොමු  

රජු ද ඔහුගේ සෙනඟ ද රටේ වැසියන් වූ ජෙබුසිවරුන්ට විරුද්ධ ව ජෙරුසලමට ගියෝ ය. ඔව්හු ද, “දාවිත්ට මෙහි ඇතුළු වන්නට බැරි ය”යි කියමින් දාවිත්ට කතා කොට, “ඔබ මෙහි ඇතුළු නොවන්නෙහි ය. අන්ධයන් හා කොරුන් ඔබ පහකරදමනු ඇතැ”යි කීවෝ ය.


එහෙත්, ඒ මිනිසා ඒ රාත්‍රියේ නවතින්නට නොකැමැති ව නැඟිට, සෑදල දැමූ කොටළුවන් දෙදෙනෙකු ද තමාගේ උපභාර්යාව ද රැගෙන ගොස්, ජෙබූස්, එනම්, ජෙරුසලම ඉදිරිපිටට පැමිණියේ ය.


බෙන්ජමින්ගේ ගෝත්‍රයේ මිනිස්සු ජෙරුසලමේ විසූ ජෙබුසිවරුන් පන්නා නොදැමූ හ. ජෙබුසිවරු අද දවස දක්වා බෙන්ජමින් ගෝත්‍රයේ සෙනඟ සමඟ ජෙරුසලමේ වාසය කරති.


එහෙත්, ජෙරුසලමේ වාසය කළ ජෙබුසිවරුන් පන්නාදමන්නට ජුදා ජනයාට නොහැකි විය. අද දවස දක්වා ජෙබුසිවරු ජුදා ජනයා සමඟ ජෙරුසලමෙහි වාසය කරති.


ජෙබුසිවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද ගිර්ගාෂිවරුන්ගේ ද


ඔහුගේ ස්වාමියා පිළිතුරු දෙමින්, “ඉශ්රායෙල් පුත්‍රයන්ට අයිති නැති අන්‍යයන්ගේ නුවරකට නොගොස් ගිබියාවට යමු”යි ඔහුට කීවේ ය.


අපේ කොටළුවන්ට පිදුරුත්, කෑමත් තිබේ. මට සහ මාගේ උපභාර්යාවට ද මාගේ වැඩකාරයාට ද රොටිත්, මුද්‍රික පානයත් තිබේ. කිසි දෙයකින් අපට අඩුපාඩුවක් නැතැ”යි ඔහුට කීවේ ය.


ජෙබුසිවරු ද අමෝරිවරු ද ගිර්ගාෂිවරු ද;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්