Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 9:7 - Sinhala New Revised Version

7 ඔව්හු ලේ සහිත මාංස වත්, තහනම් කරන ලද කෑම වත් තවත් අනුභව නොකරන්නෝ ය. ඔව්හු ද ඉතිරි ව සිටින සියලු දෙනා සමඟ දෙවියන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය; ඔව්හු ජුදාහි ගෝත්‍රයක් මෙන් වන්නෝ ය; එක්‍රොන්වරු ද ජෙබුසියයන් මෙන් වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 ඔව්හු ලේ සහිත මාංස වත්, තහනම් කරන ලද කෑම වත් තවත් අනුභව නොකරන්නෝ ය. ඔව්හු ද ඉතිරි ව සිටින සියලු දෙනා සමඟ දෙවියන් වහන්සේගේ සෙනඟ වන්නෝ ය; ඔව්හු ජුදාහි ගෝත්‍රයක් මෙන් වන්නෝ ය; එක්‍රොන්වරු ද ජෙබුසියයන් මෙන් වන්නෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 ඔහුගේ ලේ ඔහුගේ කටින්ද ඔහුගේ පිළිකුල්කම් ඔහුගේ දත් අතරෙන්ද පහකරන්නෙමි; ඔහු අපේ දෙවියන්වහන්සේ උදෙසා ඉතිරිවී, යූදාහි අධිපතියෙකු මෙන් සිටිනවා ඇත, එක්‍රොන් යෙබූසියයෙකු මෙන් වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 9:7
21 හුවමාරු යොමු  

ඔබ සියල්ලන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ එක් කෙනෙකු මෙන් සිටින නිසා, ජුදෙව්-ග්‍රීක භේදය වත්, දාස-නිර්දාස භේදය වත්, ස්ත්‍රී-පුරුෂ භේදය වත් නැත.


ඒ දවස්වල දී විදේශීහු දසදෙනෙක් ජුදෙව්වෙකු වෙත පැමිණ, ඔහුගේ වස්ත්‍ර කොන අල්ලාගෙන, දෙවියන් වහන්සේ ඔබ සමඟ සිටින බව අපි අසා ඇති බැවින් ඔබ සමඟ යන්න අපි කැමැත්තෙමු යි කියන්නෝ ය.”


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරමින්, “එඬේරෙකු, සිංහයාගේ කටින් බැටළුවෙකුගේ කකුල් දෙක හෝ කනින් කෑල්ලක් හෝ ගළවාගන්නාක් මෙන් දෙවියන් වහන්සේ සමාරියේ වසන ඉශ්රායෙල් ජනයා ගළවාගන්න සේක. ගළවනු ලබන්නේ, ඇඳක ලී පතුරක් හෝ කෑල්ලක් හෝ වැනි, ඉතා ස්වල්ප දෙනෙක් පමණි.


එහෙත්, මතු දවස්වල දී ඒලාම් යළිත් සමෘද්ධිමත් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


“එහෙත්, පසු ව අම්මොන්වරුන්ගේ වහල්කම මම පහකරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


එහෙත්, මතු දවස්වල දී මම මෝවබ්ට සමෘද්ධිය යළි ඇති කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය. මෝවබ් ගැන විනිශ්චය මෙය වේ.”


අහෝ දෙවිඳුනි! ඔවුන්ගේ මුඛයේ දත් පොඩි කළ මැනව; මේ සිංහ පෝතකයන්ගේ දළ බිඳ දැමුව මැනව.


සමිඳුනි, වැඩිය මැනව; දෙවිඳුනි, මා මුදාලුව මැනව. මන්ද, ඔබ සතුරන්ගේ බල සිඳලන සේක; දුදනන්ගේ දළ බිඳලන සේක.


දෙවියන් වහන්සේ ජෙරුසලම විනාශ කරන්න දූතයෙකු යැවූ සේක. ඔහු එය විනාශ කරන්න යන විට සමිඳාණන් වහන්සේ බලා ඒ විපත ගැන තැවී, විනාශකාර දූතයාට කතා කොට, “ඉතින් ඇත. නුඹේ අත නවත්වන්නැ”යි වදාළ සේක. සමිඳාණන් වහන්සේගේ දූතයා ජෙබුසි ජාතික ඔර්ණාන්ගේ කමත ළඟ සිටියේ ය.


අෂ්දොද්හි අවජාතක සෙනඟක් වාසය කරන්නෝ ය. මම පිලිස්තිවරුන්ගේ ඔද බිඳදමන්නෙමි.


එවිට මම මාගේ දේශය ආරක්ෂා කොට ඒ මැදින් යුද්ධ හමුදාවලට යන්න ඉඩ නොදෙන්නෙමි. ඔවුන්ට පීඩා කරන්න කිසිවෙකුට ඉඩ නොදෙන්නෙමි. මාගේ සෙනඟගේ දුක මම දිටිමි.”


ජෙබුසිවරු ද අමෝරිවරු ද ගිර්ගාෂිවරු ද;


ඔව්හු සොහොන්වල වාසය කරති; ඔව්හු ඌරු මස් කති; පිළිකුල් කෑම ඔවුන්ගේ භාජනවල තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්