හිතෝපදේශ 26:1 - Sinhala New Revised Version 2018 ගිම්හානයේ දී හිම ද, ගොයම් නෙළන කාලයේ දී වැස්ස ද, අනුවණයෙකුට ගරු සම්මාන ද හරි නැත. Sinhala New Revised Version ගිම්හානයේ දී හිම ද, ගොයම් නෙළන කාලයේ දී වැස්ස ද, අනුවණයෙකුට ගරු සම්මාන ද හරි නැත. Sinhala Revised Old Version ග්‍රීෂ්ම කාලයට හිම මෙන්ද, ගොයම් කපන කාලයට වර්ෂාව මෙන්ද, අඥානයෙකුට ගෞරවය නොහොබනේය. |
ඔහු දුදනන් පිළිකුල් කරන්නේ ය. සමිඳුන්ට ගරු කරන අයට ඔහු ගරුසරු පා, වාසි අවාසි නොතකා, සිය පොරොන්දු ඉටු කරයි.
එම්බා බලවන්තය! ඔබේ දුෂ්ටකම ගැන පාරට්ටු කරගන්නේ මන් ද? දෙවියන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය.
එසේ නැත්නම්, අබිමෙලෙක්ගෙන් ගිනි නික්ම ෂෙකෙම් වැසියන් ද මිල්ලෝ වංශය ද දවා දමා වා! ෂෙකෙම් වැසියන්ගෙන් ද මිල්ලෝ වංශයෙන් ද ගිනි නික්ම අබිමෙලෙක් දවා දමා වා!”
මේ කරුණ ගැන ජෝතාම්ට දැන්වූ විට ඔහු ගොස් ගෙරිශීම් කන්ද පිට සිට මොරගසමින් මෙසේ කීවේ ය: “ෂෙකෙම්හි වැසියෙනි, දෙවියන් වහන්සේ ඔබට සවන් දෙන පිණිස, ඔබ මට සවන් දෙන්න.