Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




හිතෝපදේශ 17:7 - Sinhala New Revised Version 2018

7 හරබර කතාව මෝඩයෙකුට නොගැළපෙයි; හොරබොරු කතාව උතුමෙකුට ඊටත් වඩා නොගැළපෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 හරබර කතාව මෝඩයෙකුට නොගැළපෙයි; හොරබොරු කතාව උතුමෙකුට ඊටත් වඩා නොගැළපෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 උතුම් කථාව මෝඩයෙකුට නොහොබනේය; බොරුකාර දිව උත්තමයෙකුට ඊටත් වඩා නොහොබනේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 17:7
15 හුවමාරු යොමු  

ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳාණෝ කතා කළ සේක. ඉශ්රායෙල්වරුන්ගේ පර්වතයාණෝ මට මෙසේ වදාළ සේක: මිනිසුන් යුක්තියෙන් පාලනය කරන, දේව ගරු බිය ඇති ව ආණ්ඩු කරන තැනැත්තේ වූකලී,


එසේ ය, සැබැවින් ම දෙවි තුමාණෝ වරදක් නොකරන සේක. සව් බලැති දෙවිඳාණෝ යුක්තිය නොපෙරළන සේක.


අභිමානයෙන් හා උඩඟුකමින් සුදනන් හෙළාදක්නා, බොරු කියන දිව නිහඬ කළ මැනව.


ඇත්ත කියන කට සදහට ම ස්ථිර ව ඇත; බොරු කියන දිව එක මොහොතකට පමණි.


බොරුකාර තොල් සමිඳුන් හට පිළිකුලකි; අවංක අය සමිඳුන් හට ප්‍රියමනාප ය.


මෝඩයෙකුට නායකත්වය නොහොබී; අධිපතිකම් කිරීම වහලුන්ට කිසිසේත් නොහොබී.


මෝඩයෙකුට ප්‍රඥාව ඔරොත්තු නොදෙයි; උසාවියේ දී ඔහුට එක වචනයක් වත් නොකිය හැකි ය.


ගිම්හානයේ දී හිම ද, ගොයම් නෙළන කාලයේ දී වැස්ස ද, අනුවණයෙකුට ගරු සම්මාන ද හරි නැත.


අනුවණයාගේ මුවින් නික්මෙන පැණ පිරුළ කොරාගේ කකුල් මෙන් පණ නැත.


පාලකයෙක් බොරු ප්‍රචාරවලට කන් දෙයි නම් ඔහුගේ නිලධාරීහු කුහකයෝ බවට පත් වෙති.


අහංකාර ඇස් ද බොරුකාර දිව ද නිදොස් ලේ වගුරුවන අත් ද


කෛරාටිකය, පළමු කොට ඔබේ ඇසෙන් ලී කොටය පහ කරන්න; එවිට සහෝදරයාගේ ඇසෙන් ලී කුඩ පහ කරන්න ඔබට හොඳින් පෙනෙනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්