Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 26:3 - Sinhala New Revised Version 2018

3 අශ්වයාට කසය ඇත; බූරුවාට කටකලියාව ඇත; අනුවණයාට කෙවිට ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 අශ්වයාට කසය ඇත; බූරුවාට කටකලියාව ඇත; අනුවණයාට කෙවිට ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 අශ්වයාට කසයක්ද කොටළුවාට කටකලියාවක්ද අඥානයන්ගේ පිටට ඉපලක්ද වෙත්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 26:3
10 හුවමාරු යොමු  

නුවණැත්තා සිහිනුවණින් කතා කරයි; අනුවණයා කස පහර ලැබිය යුතුයි.


ඔබ කැමැති කුමකට ද? කෝටුවක් රැගෙන මා ඔබ වෙත එනවාට ද? නැත්නම් ප්‍රේමයෙනුත් මුදු සිතිනුත් ඔබ වෙත එනවාට ද?


අශ්වයෙකු හෝ කොටළුවෙකු හෝ මෙන් මෝඩ නොවන්න; උන් දමනය කිරීමට කටකලියාව හා පටිය අවශ්‍ය ය. නැතහොත් නුඹට උන් පාලනය කළ නොහැකි ය.”


මම නැවත ඔබ වෙත පැමිණියොත් මේ දක්වා පව් කළ අයටත්, අනෙක් සියල්ලන්ටත් සත්තකින් ම දඬුවම් කරන බව කියමි. ඒ බව දෙ වන වතාවේ දී ඔබ සමඟ සිටිය දී කල් තියා ඔබට කීවෙමි. දැන් ඔබෙන් ඈත් ව සිටියදීත් එසේ ම කල් තියා ඔබට කියමි.


ඔබ සහමුලින් ම කීකරු වූ කල සියලු අකීකරුකම්වලට දඬුවම් දීමට අපි සූදානම් ව සිටිමු.


මෝඩයෙකු වංගෙඩියක දමා මෝල් ගහෙන් කෙටුවත් මෝඩයාගෙන් මෝඩකම වෙන් කළ හැකි ද?


උඩඟු මිනිහාට දඬුවම සිකුරු ය; මෝඩයාට කස පහර නියත ය.


උඩඟු මිනිසාට තළන්න, අනුවණයා නැණවත් වන්නේ එවිට ය. තේරුම් ඇත්තාට ඔවා බස් දෙන්න, ඔහු දැනුම ලබන්නේ එවිට ය.


අනුවණයාට පහර සියයකට වඩා, නුවණැතියාට එක අවවාදයක් වැඩදායක වෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්