හිතෝපදේශ 15:25 - Sinhala New Revised Version 2018 සමිඳාණෝ උඩඟු වූවන්ගේ ගේදොර වනසන සේක; වැන්දඹුවගේ ගෙවතු සීමා ආරක්ෂා කරන සේක. Sinhala New Revised Version සමිඳාණෝ උඩඟු වූවන්ගේ ගේදොර වනසන සේක; වැන්දඹුවගේ ගෙවතු සීමා ආරක්ෂා කරන සේක. Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේ උඩඟු අයගේ ගෙය උදුරාදමනසේක; එහෙත් වැන්දඹුවගේ සීමාව උන්වහන්සේ ස්ථිරකරනසේක. |
ඔබ දුක් කරදර ගැන සලකන සේක; ඔබ උපකාර කරන්නට නිතර සූදානම් ය. අසරණයා සිය ජීවිතය ඔබට භාර දෙයි. ඔබ අනාථයාගේ ආධාරකරු වන සේක.
විදේශීන් ආරක්ෂා කරන සේක; අනාථයන්ට හා වැන්දඹුවන්ට උපකාර කරන සේක; එහෙත්, දුදනාගේ යෝජනා සුන් කරන සේක.
එම්බා බලවන්තය! ඔබේ දුෂ්ටකම ගැන පාරට්ටු කරගන්නේ මන් ද? දෙවියන් වහන්සේගේ කරුණාව සදහට ම පවත්නේ ය.
දෙවිඳාණෝ ඔබ සදහට ම නසා, වනසාදමන සේක; එතුමාණෝ ඔබ කූඩාරම්වලින් ඇද දමා, ජීවතුන් අතරෙන් ඔබ උදුරාදමන සේක.
දුදනන්ගේ අදහස් සමිඳුන් හට පිළිකුලකි; පිවිතුරු සිත් ඇති අයගේ වචන එතුමන්ට ප්‍රීතියෙකි.
යහපත කරන්න ඉගෙන ගන්න; පීඩා විඳින්නන්ට පිහිට වන්න; අනාථයන්ගේ හිමිකම් රැක දෙන්න; වැන්දඹුවන් උදෙසා ඉදිරිපත් වන්න. මෙසේ යුක්තිය ඉටු කරන්න.
ඒ දවසේ දී සව් බලැති සමිඳාණෝ බලවත් වූ, අහංකාර වූ, උඩඟු වූ, හැම කෙනෙකු ම පහත් කරන සේක;
තරබාරු සතුන් මෙන් වී වසති. ඔවුන්ගේ දුෂ්ටකම්වලට ඉමක්කොනක් නැත. ඔව්හු අනාථයන්ගේ අයිතිවාසිකම් සාධාරණ ලෙස නොවිසඳා ඔවුන්ගේ සැහැසිකම් නොසලකා හරිති. දිළිඳුන්ට යුක්තිය ඉටු කර නොදෙති.
“දෙවි සමිඳාණන් වහන්සේ ඔබට හිමි කරගන්නට දෙන දේශයෙහි ඔබට උරුම වන වතුපිටිවල, පුරාණයේ පටන් පිහිටුවා ඇති, ඔබේ අසල්වැසියාගේ වතු මායිම් ඉවත් නොකළ යුතු ය.”
අපගේ පියාණන් වන දෙවියන් වහන්සේ ඉදිරියෙහි පිරිසිදු නිර්මල භක්තිය නම්, මව්පියන් නැති දරුවන්ට ද වැන්දඹුවන්ට ද ඔවුන්ගේ විපත්තිවල දී පිහිට වීමත්, ලෝකයෙන් තමා ම කිළුටු නොවී ආරක්ෂා වීමත් ය.
තවද, තරුණයෙනි, සභා මූලිකයන්ට යටත් වන්න. ඔබ සියල්ලන් එකිනෙකා කෙරෙහි යටහත්කමින් සැරසී සිටින්න. මන්ද, දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධ ව සිට යටහත් අයට කරුණාව දක්වන සේක.