එවිට ඔහු, “මමත් ඔබ මෙන් ම දිවැසිවරයෙක්මි, දේව දූතයෙක් සමිඳාණන් වහන්සේගේ වචනයෙන් මට කතා කොට, ‘ඔහු කෑම කන පිණිසත්, වතුර බොන පිණිසත් ඔබේ ගෙදරට කැඳවාගෙන එන්න’ කියා දැන්වී ය”යි පැවසී ය. ඔහු ඒ තැනැත්තාට මෙසේ කීවේ බොරුවකි.
හිතෝපදේශ 12:22 - Sinhala New Revised Version 2018 බොරුකාර තොල් සමිඳුන් හට පිළිකුලකි; අවංක අය සමිඳුන් හට ප්‍රියමනාප ය. Sinhala New Revised Version බොරුකාර තොල් සමිඳුන් හට පිළිකුලකි; අවංක අය සමිඳුන් හට ප්‍රියමනාප ය. Sinhala Revised Old Version බොරුකාර තොල් ස්වාමීන්වහන්සේට පිළිකුලක්ය; එහෙත් සැබෑලෙස හැසිරෙන්නන්ට උන්වහන්සේ ප්‍රසන්නය. |
එවිට ඔහු, “මමත් ඔබ මෙන් ම දිවැසිවරයෙක්මි, දේව දූතයෙක් සමිඳාණන් වහන්සේගේ වචනයෙන් මට කතා කොට, ‘ඔහු කෑම කන පිණිසත්, වතුර බොන පිණිසත් ඔබේ ගෙදරට කැඳවාගෙන එන්න’ කියා දැන්වී ය”යි පැවසී ය. ඔහු ඒ තැනැත්තාට මෙසේ කීවේ බොරුවකි.
හිස යන්නෙන් අදහස් කරන්නේ වයස්ගත ගරුකටයුතු අය ය; වල්ගය යන්නෙන් අදහස් කරන්නේ මුසාවාදී දිවැසිවරු ය.
පාරට්ටු කරගන්නට යමෙක් කැමැති නම්, ඔහු, මා දැනහැඳිනීම ගැන පාරට්ටු කරගනී වා. මන්ද, පොළොව කරුණාවෙන් ද යුක්තියෙන් ද දමිටුකමෙන් ද පාලනය කරන සමිඳාණන් වහන්සේ මා බව ඔව්හු දැනගනිත් වා! මන්ද, මා ප්‍රිය කරන දේ මේ ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”
බොරු බස් අසන මාගේ සෙනඟට නුඹලා බොරු කීමෙන් ද මරණය විඳින්න සුදුසු නැති අය මරමින් ද ජීවත් වීමට සුදුසු නැති අයට ජීවත් වීමට ඉඩ දෙමින් ද නුඹලා යව අහුරු හා රොටි කෑලි ලබාගැනීමට මාගේ සෙනඟ අතරේ මා කෙලෙසුවහු ය.
“ ‘ධර්මිෂ්ඨයන් මා අධෛර්ය නොකළ නමුත්, නුඹලා බොරු කියා ඔවුන් අධෛර්ය කළහු ය. දිවි ගළවාගන්න පිණිස නපුරු මිනිසුන්ට ඔවුන්ගේ නපුරුකම් අත්හරින්නට ඉඩ නොදී ඔවුන්ට දිරි දුන්නහු ය.
එහෙත් බියසුල්ලෝ ද අවිශ්වාසිකයෝ ද දුරාචාරීහු ද මිනී මරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද අනවින කරන්නෝ ද රූප වඳින්නෝ ද සියලු ආකාර මුසාවාදීහු ද ගින්නෙන් හා ගෙන්දගමින් දැවෙන විලෙහි තමන්ගේ විපාකය ලබන්නෝ ය. එය දෙ වන මරණය”යි මට වදාළ සේක.
එහෙත් නුවරින් පිටත සිටින්නෝ නම් බල්ලෝ ද අනවින කරන්නෝ ද කාමමිථ්‍යාචාරීහු ද මිනී මරන්නෝ ද රූප වඳින්නෝ ද මුසාවට ප්‍රිය කොට එය භාවිත කරන්නෝ ද යන මොවුහු ය.