හිතෝපදේශ 1:19 - Sinhala New Revised Version 2018 අයුතු ලාභයට ගිජු වන්නා එයින් ම වැනසේ. ඔහුගේ ඉරණම එය වේ. Sinhala New Revised Version අයුතු ලාභයට ගිජු වන්නා එයින් ම වැනසේ. ඔහුගේ ඉරණම එය වේ. Sinhala Revised Old Version ලාභයට ලෝභිවූ සියල්ලන්ගේ මාර්ග එසේමය; එය හිමිකාරයන්ගේ ප්‍රාණය එයින්ම හානිවේ. |
තමාගේ නිවෙස උස් තැනක සාදන පිණිස ද උපද්‍රවයෙන් මිදෙන පිණිස ද සිය වංශයේ වාසිය පිණිස සෙස්සන් සූරාකන තැනැත්තාට වන විපතක මහත!
කොල්ලය අතරේ ශෝභන බබිලෝනීය සළුවක් ද රිදී කාසි දෙසියයක් ද රිදී කාසි පණසක් බර ඇති රන් පොල්ලක් ද දැක, මම ඒවාට ආසා වී ඒවා ගත්තෙමි; ඒවා මාගේ කූඩාරම මැද පොළොව යට සඟවා තිබේ. ඊට යටින් රිදී තිබේ ය”යි කීවේ ය.
ජෝෂුවා කතා කොට, “ඔබ අප පිට මේ විපත්තිය පැමිණෙව්වේ මන් ද? සමිඳාණන් වහන්සේ අද ඔබ පිට විපත්තිය පමුණුවන සේකැ”යි කීවේ ය. එවිට සියලු ඉශ්රායෙල්වරු ඔහුට ගල් ගැසූ හ. ඔව්හු ඔවුන්ට ගල් ගසා ගින්නෙන් පුළුස්සාදැමුවෝ ය.
ඔවුන්ගේ තණ්හාව නිසා ඔව්හු වංචනික ඉගැන්වීම්වලින්, ඔබ වෙළඳ බඩු බවට පත් කරගන්නෝ ය. ඔවුන්ගේ විනිශ්චය පුරාණයේ සිට ම පැවත එයි. එය අවලංගු වී නැත. ඔවුන්ගේ විනාශකයා නොනිඳා සිටියි.