Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 15:27 - Sinhala New Revised Version 2018

27 ධන ලෝභී මිනිසා සිය පවුලට කරදර ගෙන දෙයි; අල්ලස් නුරුස්සන මිනිසා දිගායු වළඳයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 ධන ලෝභී මිනිසා සිය පවුලට කරදර ගෙන දෙයි; අල්ලස් නුරුස්සන මිනිසා දිගායු වළඳයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 ලාභයට ලෝභවෙන්නා තමාගේම පවුල කලඹන්නේය; එහෙත් අල්ලස්වලට ද්වේෂකරන්නා ආයු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 15:27
28 හුවමාරු යොමු  

අයුතු ලාභයට ගිජු වන්නා එයින් ම වැනසේ. ඔහුගේ ඉරණම එය වේ.


අල්ලස් නොගත යුතු ය. අල්ලස් වනාහි සාධාරණ ලෙස සිතීමේ බුද්ධිය අඳුරු කොට නිවැරදිකරුවන්ගේ නඩු අවනඩු කිරීමට පොළොඹවන දෙයකි.


වංචාවෙන් මුදල් උපයන මිනිසා, ඈ නොදැමූ බිජු රකින කපුටියක වැනි ය; පසු ව පැටවුන් ඇගෙන් ඉගිලී යන ලෙස ජීවිතයේ ඉර මුදුන් වේලේ ඒ සම්පත ඔහුගෙන් නැති වී යයි. මෙසේ ඔහු අන්තිමයේ දී මෝඩයෙකු බවට පත් වෙයි.


සිය පවුල අවුල් කරන්නාට හුළං බොන්න වෙයි; මෝඩයා පැණවතා හට වහලෙකු වනු ඇත.


ඔවුන් අසාධාරණ ලෙස විනිශ්චය නොකළ යුතු ය. ඔවුන් මිනිසුන්ගේ තරාතිරම් නොබැලිය යුතු ය. අල්ලස් නොගත යුතු ය. අල්ලස් ගැනීමෙන් පැණවතුන්ගේ නෙත් අඳුරු වේ; දමිටුන්ගේ වචන පවා නොපිටට පෙරළේ.


තවද, ඔබ මුළු සෙනඟ අතුරින් දේව භය ඇති, සත්‍යවාදී, අල්ලස් නොගන්නා දක්ෂ මිනිසුන් තෝරා ඔවුන් අතර සහශ්‍රාධිපතීන් ද ශතාධිපතීන් ද පණසාධිපතීන් හා දශාධිපතීන් ද වශයෙන් ඔවුන් පත් කරන්න.


යුක්තියෙන් පාලනය කරන රජෙක් රටට චිරස්ථිතිය ගෙන දෙයි, එහෙත් වැසියන් පෙළා අයබදු ගන්නා රට වනසයි.


නැණ හීන අධිපතියා දරුණු පාලකයෙක් වෙයි; අයුතු ලාභයට ද්වේෂ කරන්නා දිගායු වළඳයි.


මුල දී වහා ගොඩනඟන සම්පතින් අන්තිමේ දී වැඩි සෙතක් නැත.


දැහැමි ජීවිතයෙහි පිහිටි අය ජීවනය ලබති; නපුරු මඟ යන්නෝ මරණය ළඟා කර ගනිති.


එබැවින් නාමන්ගේ කුෂ්ඨය ඔබටත්, ඔබේ වංශයටත් නිරතුරු ම වැළදෙන්නේ ය”යි ඔහුට කී ය. එවිට ඔහු හිම මෙන් කුෂ්ඨයක් ඇති ව ඔහුගෙන් ඉවත් ව ගියේ ය.


විනාශයට වෙන් කළ දෙයින් ඔබ වැළකී සිටිය යුතු ය: නැතහොත් වෙන් කළ පසු කැප වූ දෙයින් යමක් ඔබ ගත්තොත්, ඔබ ඉශ්රායෙල් කඳවුර පිට විනාශයක් පැමිණෙන්නට සලස්වා එය කලඹනු ඇත.


මෙවැනි පිළිකුල් දේ ඔබේ ගෙදරට ද නොගත යුතු ය. එසේ කළොත්, ඔබත් ඒවා හා සමාන සාප ලත් දෙයක් වනු ඇත. ඒ පිළිම සාප ලත් ඒවා බැවින් ඔබ ඒවා සම්පූර්ණයෙන් ම ප්‍රතික්ෂේප කොට හෙළා දැකිය යුතු ය.”


ධනවත් වීමට ආශා වන්නෝ පරීක්ෂාවලටත්, උගුල්වලටත්, අසු වන්නෝ ය. නාස්තියටත්, විනාශයටත් පමුණුවන, නොයෙකුත් මෝඩ නිෂ්ඵල තෘෂ්ණාවන්ට ඔව්හු වසඟ වන්නෝ ය.


මුදල් තණ්හාව සැම නපුරට මුල ය. සමහරු මුදලට ආලය වී, ඇදහිල්ලෙන් වැටී, තමන්ට ම බොහෝ දරුණු ලෙස තුවාළ කරගත්හ.


මෙන්න, මම මෙහි සිටිමි. මා යම් වරදක් කර තිබේ නම්, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ද උන් වහන්සේ තෝරාගත් රජ්ජුරුවන් ඉදිරියෙහි ද දැන් මට විරුද්ධ ව පැමිණිලි කරන්න. මම කවරෙකුගේ හරකා ගතිම් ද? කවරෙකුගේ කොටළුවා ගතිම් ද? කවරෙකුට අයුත්තක් කෙළෙම් ද? කවරෙකුට පීඩා කෙළෙම් ද? කවරෙකුගෙන් අල්ලසක් ගතිම් ද? මේවා ගැන මම වරදකාරයෙක් නම්, මා ගත් දේ ආපසු දෙන්නෙමි.”


දුදනන්ගේ අදහස් සමිඳුන් හට පිළිකුලකි; පිවිතුරු සිත් ඇති අයගේ වචන එතුමන්ට ප්‍රීතියෙකි.


පොහොසත් වන්නට නොවෙහෙසෙන්න, ඒ අදහස ඔබේ සිතින් අත්හරින්න.


තණ්හාව ඇත්තා කලහ අවුස්සයි; සමිඳුන් කෙරේ විශ්වාසය තබන්නාට සෞභාග්‍යය ඇත.


ෂිමෙයි නැඟිට තම කොටළුවාට සෑදලය යොදා තම වහලුන් සොයන්නට ගාත්හි ආකීෂ් වෙත ගියේ ය. මෙසේ ෂිමෙයි ගොස් ගාත්හි සිටි තම වහලුන් ගෙනාවේ ය.


ඔහු මුදල් පොළියට නොදෙයි; නිදොස් අයට විරුද්ධ ව අල්ලස් නොගන්නේ ය. මෙවන් ගුණැති මිනිසා හට පිරිහීමක් කිසි කලක නොවන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්