දාවිත් පණිවුඩ යවා ස්ත්‍රිය ගැන විභාග කරවී ය. එක් කෙනෙක් කතා කොට, “ඈ එලියාම්ගේ දුව වන, හිත්තීය ජාතික උරියාගේ බිරිඳ වන බැත්-ෂෙබා නොවේ දැ”යි කී ය.
මතෙව් 1:6 - Sinhala New Revised Version 2018 ජෙස්සේට දාව දාවිත් රජ ද උපන්නෝ ය. දාවිත් රජුට දාව උරියාගේ භාර්යාව වී සිටි ස්ත්‍රියගෙන් සලමොන් ද, Sinhala New Revised Version ජෙස්සේට දාව දාවිත් රජ ද උපන්නෝ ය. දාවිත් රජුට දාව උරියාගේ භාර්යාව වී සිටි ස්ත්‍රියගෙන් සලමොන් ද, සිංහල කාලීන පරිවර්තනය යෙස්සේ, දාවිත් රජුගේ පියා ය. දාවිත්, සලමොන්ගේ පියා ය. මව ඌරියාගේ භාර්යාව ය. Sinhala Revised Old Version යෙස්සේට දාව දාවිත් රජ උපන්නේය. දාවිත් රජුට දාව උරියාට භාර්යාව වී සිටිය ස්ත්‍රියගෙන් සාලමොන් උපන්නේය; |
දාවිත් පණිවුඩ යවා ස්ත්‍රිය ගැන විභාග කරවී ය. එක් කෙනෙක් කතා කොට, “ඈ එලියාම්ගේ දුව වන, හිත්තීය ජාතික උරියාගේ බිරිඳ වන බැත්-ෂෙබා නොවේ දැ”යි කී ය.
දාවිත්ගේ අවසාන වචන මෙසේ ය. ජෙස්සේගේ පුත්‍රයා ද උසස් කරනු ලැබූ මනුෂ්‍යයා ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේගේ අභිෂේක ලත් නැතැත්තා ද ඉශ්රායෙල් ජාතියේ මිහිරි ගායකයා ද වන දාවිත් මෙසේ කියයි:
මන්ද, හිත්තීය ජාතික උරියාගේ කරුණු ගැන මිස, සමිඳාණන් වහන්සේ දාවිත්ට අණ කළ කිසි දෙයකින් ඔහු තමාගේ ජීවිතයේ මුළු කාලයේ දී වෙන් වී නොගොස් උන් වහන්සේගේ ඇස් හමුවෙහි හරි දේ ම කෙළේ ය.
සමිඳාණන් වහන්සේ මට බොහෝ පුත්‍රයන් දුන් සේක. එහෙත්, ඉශ්රායෙල්වරුන් කෙරෙහි සමිඳාණන් වහන්සේගේ රජකම් කිරීමේ සිංහාසනයේ හිඳින පිණිස මාගේ සියලු පුත්‍රයන් අතරෙන් මාගේ පුත් සලමොන් තෝරාගත් සේක.
ජෙරුසලමේ දී ඔහුට දාව උපන් අය මොවුහු ය: ෂිමෙයා, ෂෝබාබ්, නාතාන් සහ සලමොන් ය. මේ සතර දෙනා අම්මියෙල්ගේ දුව වූ බැත්-ෂුවාගෙන් උපන්නෝ ය.
මිනිස් දුර්වලතා නිසා, ව්‍යවස්ථාවට ඉටු කළ නොහැකි දෙය දෙවියන් වහන්සේ ඉටු කළ සේක. එසේ කෙළේ, පාපයේ බලය බිඳින පිණිස, ස්වකීය පුත්‍රයාණන්ට අපේ පාපී වූ මිනිස් කයට සමාන කයක් දී එවමින්, ඒ මිනිස් කයේ සිටිය දී දෙවියන් වහන්සේ විසින් පාපයට විරුද්ධ ව තීන්දුව දීමෙනි.
සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට කතා කොට, “නුඹ කොපමණ කල් සාවුල් ගැන ශෝක වන්නෙහි ද, මම ඔහු ඉශ්රායෙල්වරුන් කෙරෙහි රජකම් කිරීමෙන් පහ කෙළෙමි. දැන් නුඹ තෙල් කුලාව පුරවාගෙන බෙත්ලෙහෙමෙහි සිටින ජෙස්සේ නම් තැනැත්තා වෙත යන්න. මන්ද, ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මම තෝරාගත්තෙමි”යි වදාළ සේක.
දාවිත් ජුදයේ බෙත්ලෙහෙම්හි ජෙස්සේ නම් වූ එප්‍රාතියයාගේ පුත්‍රයා ය; ජෙස්සේට පුත්‍රයෝ අටදෙනෙක් වූ හ. සාවුල් රජ ව සිටි කාලයේ ජෙස්සේ දුබල මහලු මනුෂ්‍යයෙක් විය.
සාවුල් ඔහු අමතා, “තරුණය, ඔබ කාගේ පුත්‍රයා දැ”යි ඇසී ය. දාවිත් පිළිතුරු දෙමින්, “මම ඔබේ මෙහෙකරු වන, බෙත්ලෙහෙම්හි සිටින ජෙස්සේගේ පුත්‍රයෙක් වෙමි”යි කීවේ ය.
එසේ නොවේ නම්, ඔබ සියල්ලන් මට විරුද්ධ ව කුමන්ත්‍රණය කරගෙන සිටින්නේ මන් ද? මාගේ පුත්‍රයා, දාවිත් සමඟ ගිවිසුමක් කර ගත් බව ඔබ අතරෙන් කිසිවෙකු මට කීවේ නැත. කිසිවෙකු මා ගැන සලකන්නේත් නැත. මාගේ ම සේවකයෙකු වන දාවිත් දැන් මා මරන්නට අවස්ථාවක් සොයමින් සිටින බවත්, මාගේ පුත්‍රයා ඔහුට අනුබල දෙන බවත් කිසිවෙකු මට කියා නැතැ”යි කීවේ ය.