Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




2 සාමුවෙල් 23:1 - Sinhala New Revised Version 2018

1 දාවිත්ගේ අවසාන වචන මෙසේ ය. ජෙස්සේගේ පුත්‍රයා ද උසස් කරනු ලැබූ මනුෂ්‍යයා ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේගේ අභිෂේක ලත් නැතැත්තා ද ඉශ්රායෙල් ජාතියේ මිහිරි ගායකයා ද වන දාවිත් මෙසේ කියයි:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 දාවිත්ගේ අවසාන වචන මෙසේ ය. ජෙස්සේගේ පුත්‍රයා ද උසස් කරනු ලැබූ මනුෂ්‍යයා ද ජාකොබ්ගේ දෙවියන් වහන්සේගේ අභිෂේක ලත් නැතැත්තා ද ඉශ්රායෙල් ජාතියේ මිහිරි ගායකයා ද වන දාවිත් මෙසේ කියයි:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 තවද දාවිත්ගේ අන්තිම වචන මේවාය. යෙස්සේගේ පුත්‍රයාද උසස්කරනු ලැබූ මනුෂ්‍යයාද යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාද ඉශ්‍රායෙල්ගේ මිහිරි ගීතිකාකාරයාදවූ දාවිත් මෙසේ කියන්නේය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 සාමුවෙල් 23:1
25 හුවමාරු යොමු  

ජාකොබ් තම පුතුන්ට කතා කොට මෙසේ කීවේ ය: “මතු දවස නුඹලාට පැමිණෙන්නට යන දේ ගැන, මා නුඹලා හට ප්‍රකාශ කරන පිණිස එකට රැස් වන්න.


එතුමාණෝ මාගේ පාද මුව දෙනුන්ගේ පාද මෙන් කරන සේක. කඳු මුදුන්හි මා සුරක්ෂිත ව තබන සේක.


උන් වහන්සේ තමන් රජු හට ඉමහත් ජය අත් කර දෙන සේක. තමන්ගේ අභිෂේක ලත් තැනැත්තා වන දාවිත්ටත්, ඔහුගේ වංශයටත් සදහට කරුණාව පෙන්වන සේක.


දාවිත් ආසාප් ද ඔහුගේ සහෝදරයන් ද ලවා සමිඳාණන් වහන්සේට ස්තුති කරවීමට පළමුවෙන් නියම කෙළේ ඒ දවසේ දී ය.


එතුමන්ට ගී ගයන්න; එතුමන්ට පසස් ගී ගයන්න; එතුමන්ගේ පුදුම ක්‍රියා මෙනෙහි කරන්න.


මාගේ ශුද්ධ සියොන් ගිර මත්තෙහි මා රජිඳු හට කිරුළු පළඳවා රජකම දුන්නෙමි.


ජෙස්සේගේ පුත් දාවිත්ගේ යැදුම මෙසේ අවසන් වේ.


මා සේවක දාවිත් මම සොයාගත්තෙමි; ශුද්ධ තෛලයෙන් මම ඔහු ආලේප කෙළෙමි.


මාගේ ශක්තිය නිරතුරු ඔහු සමඟ වන්නේ ය; මාගේ බලය ඔහු සවිමත් කරන්නේ ය.


දාවිත් මෙන් ගී ගොතා වීණාවල වාදනය කරන්න ඔබ කැමැති ය.


මන් ද? ‘මා විසින් සතුරන් ඔබේ පා යට ලන තෙක් මා දකුණු පස අසුන් ගන්න කියා සමිඳාණෝ මා සමිඳුන්ට වදාළ සේකැ’යි දාවිත් ම ගීතාවලියෙහි ලියා තිබේ.


තවද උන් වහන්සේ කතා කරමින්, “මා පිළිබඳ මෝසෙස්ගේ ව්‍යවස්ථාවලියෙහි ද දිවැසාවලියෙහි ද ගීතාවලියෙහි ද ලියා ඇති හැම දෙය ම ඉෂ්ට විය යුතු යයි මා ඔබ සමඟ සිටිය දී ඔබට පැවසූ වචනයෙහි තේරුම මේ ය”යි වදාළ සේක.


දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයෙක් වූ මෝසෙස් තම මරණයට පෙර ඉශ්රායෙල් ජනයාට ආශීර්වාද කරමින් මෙසේ පැවසී ය:


ක්‍රිස්තුන් වහන්සේගේ දහම් පණිවුඩය ඔබ තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධ ව පවතීවා. එකිනෙකාට ඥානවන්ත ලෙස අවවාදානුශාසනා කරන්න. ගීතිකාවලින් ද ගායනාවලින් ද ශුද්ධ ගීවලින් ද සිතෙහි ස්තුතිවන්තකමින් ද දෙවියන් වහන්සේට ගායනා කරන්න.


ඔබ අතරෙන් යමෙක් දුක් විඳින්නේ නම් ඔහු යාච්ඤා කෙරේ වා. යමෙක් ප්‍රීතියෙන් සිටින්නේ නම් ඔහු තුති ගී ගයා වා.


දාවිත් ජුදයේ බෙත්ලෙහෙම්හි ජෙස්සේ නම් වූ එප්‍රාතියයාගේ පුත්‍රයා ය; ජෙස්සේට පුත්‍රයෝ අටදෙනෙක් වූ හ. සාවුල් රජ ව සිටි කාලයේ ජෙස්සේ දුබල මහලු මනුෂ්‍යයෙක් විය.


කාන්තාවෝ නට නටා ගී ගයමින්, “මැරී සාවුල් දහස් ගණනක්, මැරී දාවිත් දස දහස් ගණනක් ය”යි කී හ.


සමිඳුන්ගේ සතුරෝ සුණු විසුණු කරනු ලබති; අතිඋසස් දෙවිඳාණෝ අහසෙන් ගිගුරුම් දෙන සේක. සමිඳාණෝ මුළු පොළෝ තලය විනිශ්චය කරන සේක; එතුමාණෝ සිය රජුට බලය දෙන සේක. තමන් තෝරාගත් රජුට ජය අත් කර දෙන සේක.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්