Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 සාමුවෙ 22:8 - Sinhala New Revised Version 2018

8 එසේ නොවේ නම්, ඔබ සියල්ලන් මට විරුද්ධ ව කුමන්ත්‍රණය කරගෙන සිටින්නේ මන් ද? මාගේ පුත්‍රයා, දාවිත් සමඟ ගිවිසුමක් කර ගත් බව ඔබ අතරෙන් කිසිවෙකු මට කීවේ නැත. කිසිවෙකු මා ගැන සලකන්නේත් නැත. මාගේ ම සේවකයෙකු වන දාවිත් දැන් මා මරන්නට අවස්ථාවක් සොයමින් සිටින බවත්, මාගේ පුත්‍රයා ඔහුට අනුබල දෙන බවත් කිසිවෙකු මට කියා නැතැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එසේ නොවේ නම්, ඔබ සියල්ලන් මට විරුද්ධ ව කුමන්ත්‍රණය කරගෙන සිටින්නේ මන් ද? මාගේ පුත්‍රයා, දාවිත් සමඟ ගිවිසුමක් කර ගත් බව ඔබ අතරෙන් කිසිවෙකු මට කීවේ නැත. කිසිවෙකු මා ගැන සලකන්නේත් නැත. මාගේ ම සේවකයෙකු වන දාවිත් දැන් මා මරන්නට අවස්ථාවක් සොයමින් සිටින බවත්, මාගේ පුත්‍රයා ඔහුට අනුබල දෙන බවත් කිසිවෙකු මට කියා නැතැ”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 නැත්නම් නුඹලා සියල්ලන් මට විරුද්ධව කුමන්ත්‍රණය කරගන සිටින්නේ මක්නිසාද? මාගේ පුත්‍රයා යෙස්සේගේ පුත්‍රයා සමඟ ගිවිසුමක් කරගන්න කල කිසිවෙක් මට නොදැන්නුවෙත්, මා ගැන දුක්වෙන කිසිවෙක් නුඹලා අතරේ නැත්තෙත්, අද දවසේ සිද්ධවී තිබෙන හැටියට මාගේ පුත්‍රයා විසින් මාගේ මෙහෙකරුවා මට විරුද්ධව රැකසිටීමට පෙළෙඹවු බව මට නොදන්වන්නෙත් මන්දැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 සාමුවෙ 22:8
12 හුවමාරු යොමු  

ජොනතන් සිය පණට මෙන් දාවිත්ට ප්‍රේම කළ බැවින් ඔහු සහ දාවිත් ගිවිසුමක් කරගත්හ.


සාවුල් පිළිතුරු දෙමින් මෙසේ කීවේ ය: “ඔබ මට අනුකම්පා කළ නිසා සමිඳාණන් වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක් වා!


දෙවිඳාණෝ මිනිසුන්ගේ කනට කොඳුරා එතුමන්ගේ තර්ජනවලින් ඔවුන් බිය ගන්වන සේක.


ජොනතන් දාවිත්ට කතා කොට, “ඔබ ද මා ද ඔබේ පරම්පරාව ද මාගේ පරම්පරාව ද අප දෙදෙනා අතරේ කරගත් ගිවිසුම සදහට ම පවතින ලෙස සමිඳාණන් වහන්සේ සහතික කරන සේකැ”යි කී ය. එවිට දාවිත් නැඟිට පිටත් ව ගියේ ය. ජොනතන් ආපසු නුවරට ගියේ ය.


ඒ නිසා කරුණා කොට ඔබේ මෙහෙකරුවා වන මට මේ උපකාරය කර මා සමඟ ඔබේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ කළ ගිවිසුම පවත්වන්න. එහෙත්, මා අතේ වරදක් ඇත්නම්, ඔබ ම මා මරන්න. ඔබේ පියා වෙත මා ගෙනයන්නේ කුමට ද?”


ජොනතන් පිළිතුරු දෙමින්, “එවැන්නක් සිද්ධ නොවේ වා! ඔබ නොනසින්නෙහි ය. මාගේ පියා මට නොදන්වා ලොකු හෝ කුඩා හෝ කිසි දෙයක් නොකරන්නේ ය. එබැවින් මාගේ පියා මේ කාරණය මාගෙන් සඟවන්න වුවමනාවක් තිබේ ද? ‘මාගේ පියා ඔබ මරන්නට ඉන්නේ ය’ යන කීමේ සත්‍යයක් නැතැ”යි කීවේ ය.


සාවුල් ඔහු අමතා, “ඔබ ද ජෙස්සේගේ පුත්‍රයා වන දාවිත් ද මට විරුද්ධ ව කුමන්ත්‍රණය කෙළේ මක්නිසා ද? ඔබ ඔහුට ආහාර ද කඩුවක් ද දුන්නෙහි ය. ඔහු උදෙසා දෙවියන් වහන්සේගෙන් විමසුවේ මන් ද? දැන් ඔහු මට විරුද්ධ ව හැරී අවස්ථාවක් එන තුරු බලා සිටින්නේ ය”යි කීවේ ය.


දාවිත් සාවුල්ට කතා කොට නිම වූ කල ජොනතන්ගේ සිත දාවිත් දෙසට තදින් ඇදී ගොස්, ජොනතන් සිය පණට මෙන් දාවිත්ට ප්‍රේම කෙළේ ය.


මේ කාරණය ගැන සිරියාවේ රජුගේ සිත කැළඹී ඔහු තමාගේ සේවකයන් කැඳවා, “අපෙන් ඉශ්රායෙල් රජුගේ පක්ෂයට සිටින්නේ කවරෙක් ද කියා ඔබ මට දන්වන්නේ නැද් දැ?”යි ඇසී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්