Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මතෙව් 1:6 - Sinhala Revised Old Version

6 යෙස්සේට දාව දාවිත් රජ උපන්නේය. දාවිත් රජුට දාව උරියාට භාර්යාව වී සිටිය ස්ත්‍රියගෙන් සාලමොන් උපන්නේය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ජෙස්සේට දාව දාවිත් රජ ද උපන්නෝ ය. දාවිත් රජුට දාව උරියාගේ භාර්යාව වී සිටි ස්ත්‍රියගෙන් සලමොන් ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

6 යෙස්සේ, දාවිත් රජුගේ පියා ය. දාවිත්, සලමොන්ගේ පියා ය. මව ඌරියාගේ භාර්යාව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ජෙස්සේට දාව දාවිත් රජ ද උපන්නෝ ය. දාවිත් රජුට දාව උරියාගේ භාර්යාව වී සිටි ස්ත්‍රියගෙන් සලමොන් ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 1:6
25 හුවමාරු යොමු  

මක්නිසාද හිත්තීය උරියාගේ කාරණය ගැන මිස ස්වාමීන්වහන්සේ දාවිත්ට අණකළ කිසි දෙයකින් ඔහු තමාගේ ජීවිතයේ සියලු දවස්වල අහක්ව නොගොස් උන්වහන්සේගේ ඇස් හමුයෙහි හරිව තිබුණු දේවල්ම කෙළේය.


දාවිත් යුදයේ බෙත්-ලෙහෙම්හි යෙස්සේ නම්වූ එප්‍රාතියයාගේ පුත්‍රයාය; යෙස්සේට පුත්‍රයන් අට දෙනෙක් වූවෝය. ඒ මනුෂ්‍යයා සාවුල්ගේ දවස්වල මහලුව මනුෂ්‍යයන් අතරේ වයස්ගතව සිටියේය.


යෙරුසලමේදී ඔහුට උපන් පුත්‍රයන්ගේ නාම මෙසේය: ෂම්මුවා, ෂෝබාබ්, නාතාන් සහ සාලමොන්ය;


යෙරුසලමේදී ඔහුට දාව උපන් අය මොව්හුය: ෂිමෙයා, ෂෝබාබ්, නාතාන් සහ සාලමොන්ය, මේ හතරදෙනා අම්මියෙල්ගේ දූවූ බැත්-ෂුවාගෙන් උපන්නෝය.


තවද දාවිත්ගේ අන්තිම වචන මේවාය. යෙස්සේගේ පුත්‍රයාද උසස්කරනු ලැබූ මනුෂ්‍යයාද යාකොබ්ගේ දෙවියන්වහන්සේගේ අභිෂේකලත් තැනැත්තාද ඉශ්‍රායෙල්ගේ මිහිරි ගීතිකාකාරයාදවූ දාවිත් මෙසේ කියන්නේය:


ස්වාමීන්වහන්සේ සාමුවෙල්ට කථාකොට: මා විසින් සාවුල් ඉශ්‍රායෙල් කෙරෙහි රජකම්කිරීමෙන් පහකර තිබෙද්දී නුඹ ඔහු ගැන කොපමණ කල් ශෝකවන්නෙහිද? නුඹේ තෙල් කුලාව පුරවාගෙන යන්න, මම බෙත්-ලෙහෙමිය යෙස්සේ ළඟට නුඹ යවමි. මක්නිසාද ඔහුගේ පුත්‍රයන් අතරෙන් රජෙකු මට සපයාගත්තෙමියි කීසේක.


මක්නිසාද දෙවියන්වහන්සේ තමන්වහන්සේගේම පුත්‍රයාණන් පාප මාංසයේ සමානකමෙන්ද පාපය නිසාද එවා, මාංසයේ පාපය දඬුවමට පත්කරමින්, මාංසය කරණකොටගෙන දුර්වලවූ ව්‍යවස්ථාවට බැරිවූ දේ ඉෂ්ටකළසේක.


තවද යෙස්සේගේ කඳින් අංකුරයක් නික්මෙන්නේය, ඔහුගේ මුල්වලින් වූ පැළයක් ඵලදරන්නේය.


යෙස්සේගේ පුත්‍රවූ දාවිත්ගේ යාච්ඤා නිමි.


ස්වාමීන්වහන්සේ මට බොහෝ පුත්‍රයන් දුන්සේක; නුමුත් ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි ස්වාමීන්වහන්සේගේ රජකම්කිරීමේ සිංහාසනයේ හිඳින පිණිස මාගේ සියලු පුත්‍රයන් අතරෙන් මාගේ පුත්‍රවූ සාලමොන් තෝරාගත්සේක.


හිත්තිය උරියාය, ආලයිගේ පුත්‍රවූ සාබාද්ය;


හවෙනියාවූ ඔශෙම්ද සත්වෙනියාවූ දාවිත්ද උපන්නෝය.


ඒ සියල්ලෝ තිස් සත්දෙනෙක්ය.


දාවිත් පණිවිඩ යවා ස්ත්‍රිය ගැන විභාග කෙරෙව්වේය. එක්කෙනෙක් කථාකොට: ඈ එලියාම්ගේ දුවවූ, හිත්තීය උරියාගේ භාර්යාවවූ බැත්-ෂෙබා නොවේදැයි කීය.


නැත්නම් නුඹලා සියල්ලන් මට විරුද්ධව කුමන්ත්‍රණය කරගන සිටින්නේ මක්නිසාද? මාගේ පුත්‍රයා යෙස්සේගේ පුත්‍රයා සමඟ ගිවිසුමක් කරගන්න කල කිසිවෙක් මට නොදැන්නුවෙත්, මා ගැන දුක්වෙන කිසිවෙක් නුඹලා අතරේ නැත්තෙත්, අද දවසේ සිද්ධවී තිබෙන හැටියට මාගේ පුත්‍රයා විසින් මාගේ මෙහෙකරුවා මට විරුද්ධව රැකසිටීමට පෙළෙඹවු බව මට නොදන්වන්නෙත් මන්දැයි කීවේය.


තරුණය, නුඹ කාගේ පුත්‍රයාදැයි සාවුල් ඔහුගෙන් ඇසීය. මම ඔබගේ මෙහෙකරුවූ බෙත්-ලෙහෙමිය යෙස්සේගේ පුත්‍රයෙක්මියි දාවිත් උත්තරදුන්නේය.


ඕබෙද් යෙස්සේ ඉපදවිය, යෙස්සේ දාවිත් ඉපදවිය.


සල්මොන්ට දාව රාහබ්ගෙන් බෝවාස් උපන්නේය; බෝවාස්ට දාව රූත්ගෙන් ඕබෙද් උපන්නේය; ඕබෙද්ට දාව යෙස්සේ උපන්නේය;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්