එතුමාණන්ගේ ඊතල හැම දෙසින් ම පිට පතිත වේ; එතුමාණෝ කරුණා විරහිත ව මාගේ වකුගඩු පළාදමන සේක; පිත බිම වගුරුවන සේක;
විලාප ගී 2:11 - Sinhala New Revised Version 2018 මාගේ සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස්, කඳුළු වැගිරීමෙන් වෙහෙසට ද, ළමයින් ද කිරි දරුවන් ද නුවර වීදිවල ක්ලාන්ත වන බැවින් මාගේ සිත ශෝකයෙන් ඇලළී ගොස් ඇත. Sinhala New Revised Version මාගේ සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස්, කඳුළු වැගිරීමෙන් වෙහෙසට ද, ළමයින් ද කිරි දරුවන් ද නුවර වීදිවල ක්ලාන්ත වන බැවින් මාගේ සිත ශෝකයෙන් ඇලළී ගොස් ඇත. Sinhala Revised Old Version මාගේ දියණිය වන සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස් කඳුළින් ක්ෂයවේ, මාගේ බඩවැල් කැලඹී, මාගේ අක්මාව බිම වැගිරී තිබේ; මක්නිසාද ළමයින් සහ කිරි දරුවෝ නුවර වීථිවලදී ක්ලාන්තවෙති. |
එතුමාණන්ගේ ඊතල හැම දෙසින් ම පිට පතිත වේ; එතුමාණෝ කරුණා විරහිත ව මාගේ වකුගඩු පළාදමන සේක; පිත බිම වගුරුවන සේක;
‘ඔබ කවදා මා සනසන සේක් දැ’යි මම යදින්නෙමි. ඔබේ පොරොන්දු ගැන බලා සිටීමෙන් මාගේ ඇස් වෙහෙස වී ඇත.
මම බිම ඉහිරුණ වතුර වැනි ය. මාගේ ඇඟ කටු හන්දිවලින් වෙන් වී ඇත. මසිත මා තුළ උණු වී ගිය ඉටි පිඬක් වැනි ය.
සමිඳුනි, මට කරුණා කළ මැනව. මම දුකින් මිරිකී සිටිමි. මාගේ දෑස ද ගතසිත ද සෝදුකින් වෑරී ඇත.
මොරගැසීමෙන් මා විඩාපත් ව මාගේ උගුර වියළී ඇත්තේ ය. මාගේ දෙවිඳුන් ගැන බලා සිටීමෙන් දෙනෙත අඳුරු වී ඇත්තේ ය.
මාගේ සෙනඟ මෙපමණ ගණනක් විනාශ වී ඇති බැවින් දැන් මට තනි ව ම හඬා වැලපෙන්න ඉඩ හරින්න. මා සනසන්න උත්සාහ නොකරන්න.
මාගේ කට හඬ සිහින් ය, දුර්වල ය; වැහි ලිහිණියෙකු මෙන් මම කෙඳිරිගෑමි; පරවියෙකු මෙන් වැලපුණෙමි. උඩ බැලීමෙන් මාගේ ඇස් දුර්වල විය. අහෝ, සමිඳුනි! මේ සියලු දුකින් මා මිදුව මැනව.
නුඹේ පුත්‍රයෝ සමිඳුන්ගේ කෝපයෙන්, නුඹේ දෙවිඳුන්ගේ තරවටුවෙන් මිරිකී, ක්ලාන්ත වී දැලක අසු වූ ගෝනෙකු මෙන් සියලු වීථි සන්ධිවල වැටී සිටිති.
“ජෙරමියා, ඔබ සෙනඟට මෙසේ කියන්න: ‘රෑ දාවල් දෙක්හි මාගේ ඇස්වලින් කඳුළු නොනැවතී ගලායන්නේ ය. මන්ද, මාගේ සෙනඟ බරපතල තුවාළයකින් ද ඉතා දරුණු පහරකින් ද පීඩිත ව සිටිති.
අනේ! මාගේ දරුණු වේදනාව, මාගේ දරුණු වේදනාව. ඒ වේදනාවෙන් මම ඇඹරෙන්නෙමි. අහෝ මාගේ පපුව! මාගේ පපුව තදින් ගැහෙයි. මට නිශ්ශබ්ද ව සිටින්නට බැරි ය. මන්ද, හොරණෑ හඬත්, රණ හඬත් මට ඇසුණේ ය.
“එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ සියලු බලැති දෙවියන් වහන්සේ වන මම නුඹලාගෙන් මෙසේ ප්‍රශ්න කරමි: නුඹලාගෙන් කිසිවෙකු ඉතුරු නොවන ලෙස, නුඹලාගේ පුරුෂයන් ද ස්ත්‍රීන් ද ළදරුවන් ද කිරි දරුවන් ද ජුදෙව්වරුන් අතරෙන් සිඳදැමීමට කාරණය වන මේ මහත් නපුර කෙළේ මන් ද?
සවන් දෙන්න, දේශය මුළුල්ලේ මාගේ සෙනඟ මොරගසමින්, “සමිඳාණන් වහන්සේ සියොන්හි නැද් ද? සියොන්හි රජතුමා එහි නැද්දැ”යි අසන හඬ දස දෙසින් මට ඇසේ. ඔවුන්ගේ රජ්ජුරුවන් වන සමිඳාණන් වහන්සේ පිළිතුරු දෙමින්, “නුඹලා තමන් කැපූ පිළිමවලින් ද විදේශිකයන්ගේ නිෂ්ඵල රූපවලින් ද කුමට මා කෝප කළහු දැ”යි අසන සේක.
ඇගේ මුළු සෙනඟ කෑම සොයමින් සුසුම්ලති. පණ රැකගන්න පිණිස ඔව්හු ආහාර වෙනුවට තමන්ගේ වටිනා දේ දුන්නෝ ය. සමිඳුනි, මා නීච වී සිටින බව බලා මා සැලකුව මැනව.
මේ දේවල් නිසා මම හඬමි, මාගේ ඇසින්, එසේ ය, මාගේ ඇසින් කඳුළු ගලා යයි. මන්ද, මා ප්‍රාණවත් කළ හැකි, මා සැනසිය හැකි කිසිවෙක් ළඟ නැත. සතුරා ජය ගත් බැවින් මාගේ දරුවෝ අසරණ ව සිටිති.
සමිඳුනි, බැලුව මැනව. මම විපතට පත් ව සිටිමි. මාගේ සිත කැළඹී තිබේ. මාගේ හදවත දෙදරා ගොස් තිබේ. මම බලවත් ලෙස කැරලි ගැසීමි. පිටත දී මාගේ දරුවෝ කඩුවෙන් නැසී ගියෝ ය. ඇතුළත ද මරණය ඇත්තේ ය.
වඳ ස්ත්‍රීහු ද කිසි කලෙක දරුවන් නොදැරූ කුස ද කිරි නුදුන් පියයුරු ද භාග්‍යවන්ත යයි පවසන දවස් පැමිණෙන්නේ ය.
එවිට දාවිත් ද ඔහු සමඟ සිටි සෙනඟ ද ඔවුන්ට තවත් හඬන්නට ශක්තිය නැති වන තුරු ම ශබ්ද නඟා ඇඬූ හ.