Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 4:19 - Sinhala New Revised Version 2018

19 අනේ! මාගේ දරුණු වේදනාව, මාගේ දරුණු වේදනාව. ඒ වේදනාවෙන් මම ඇඹරෙන්නෙමි. අහෝ මාගේ පපුව! මාගේ පපුව තදින් ගැහෙයි. මට නිශ්ශබ්ද ව සිටින්නට බැරි ය. මන්ද, හොරණෑ හඬත්, රණ හඬත් මට ඇසුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 අනේ! මාගේ දරුණු වේදනාව, මාගේ දරුණු වේදනාව. ඒ වේදනාවෙන් මම ඇඹරෙන්නෙමි. අහෝ මාගේ පපුව! මාගේ පපුව තදින් ගැහෙයි. මට නිශ්ශබ්ද ව සිටින්නට බැරි ය. මන්ද, හොරණෑ හඬත්, රණ හඬත් මට ඇසුණේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 අහෝ මාගේ අතුණු! මාගේ අතුණු! මාගේ සිත තුළම වේදනා විඳිමි; මාගේ සිත මා තුළ කැලඹෙන්නේය; මට නිශ්ශබ්දව සිටින්ට බැරිය; මක්නිසාද හොරණෑ හඬත් යුද්ධ ඝෝෂාවත්, අහෝ මාගේ ආත්මය, නුඹට ඇසුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 4:19
48 හුවමාරු යොමු  

එම්බා, මා අධ්‍යාත්මය, ඔබ ඔවුන්ගේ කුමන්ත්‍රණවලට නොබැඳේ වා! එම්බා, මාගේ කීර්ති නාමය, ඔවුන්ගේ සමාගම්වලට එකතු නො වේ වා! ඒ මන්ද, ඔව්හූ කිපී මිනිසුන් මැරූ හ. හිතුමතේ ගොනුන්ගේ සතර ගාතය සිඳදැමූ හ.


එවිට ඔහු, “අනේ! මාගේ ඔළුව කකියනවා ය; මාගේ ඔළුව කකියනවා ය”යි තම පියාට කී ය. පියා ද, “ඔහුගේ මවු ළඟට ඔහු ගෙනයන්නැ”යි තමාගේ වැඩකාරයාට කීවේ ය.


තවද, සංවේගයට පත් වන තුරු ම දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඔහු දෙස බලා සිට පසු ව ඇඬුවේ ය.


මාගේ සිත, සමිඳාණන් වහන්සේ පසසන්න; හද පත්ලෙන් ම එතුමාණන්ගේ ශුද්ධ නම පසසන්න.


මාගේ සිත, යළි සන්සුන් වන්න. මන්ද, සමිඳාණෝ ඔබට බොහෝ සේ යහපත්කම් කළ සේක.


මිනිසුන් ඔබේ ව්‍යවස්ථාව නොපිළිපදින බැවින් මාගේ දෑසින් කඳුළු ධාරා ගලා යයි.


ඔබේ ව්‍යවස්ථාව අත්හරින අදමිටුවන් දකින විට මා තුළ කෝපාග්නිය ඇවිළී යයි.


සමිඳාණන් වහන්සේට ප්‍රශංසා කරන්න. මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරන්න.


මම මෙසේ කීමි: “සමිඳුනි, ඔබ මාගේ සමිඳාණන් වහන්සේ ය, මාගේ සව් සම්පත ය. ඔබ හැර අන්කිසි සෙතක් මට නැත්තේ ය.”


මාගේ සිත මෝවබ් නිසා කම්පා වෙයි. එහි සෙනඟ ශෝවාර් හෙවත් එග්ලත්-ෂෙලිෂිය නගරයට පලා යති. ඇතැමෙක් හඬ හඬා ලුහිත්හි ගොඩැල්ලේ නැඟී යති. හොරොනායිම් මාර්ගයෙහි දී සමහරු මරහඬ දෙමින් කෑගසති.


මෝවබ් ගැන දුකෙන් ද කීර්-හෙරෙස් ගැන දොම්නසින් ද මම කෙඳිරිගාන්නෙමි.


මා දුටු සිහිනය මාගේ සිතෙහි ඉමහත් භීතියක් ද ස්ත්‍රියකට ඇතිවන ප්‍රසව වේදනාව වැනි වේදනාවක් ද ඇති කර තිබේ. මම කන් නෑසෙන තරම් වේදනාවෙන් මිරිකී සිටිමි; ඇස් නොපෙනෙන තරම් කැළඹී සිටිමි.


මාගේ හිස කරකැවේ; භීතියෙන් මම වෙවුළමි; සවස් වන තුරු මම බලාපොරොත්තුවෙන් බලා සිටිමි. එහෙත්, සවස් වූ විට ඇති වූයේ භීතිය පමණකි.


මාගේ සෙනඟ මෙපමණ ගණනක් විනාශ වී ඇති බැවින් දැන් මට තනි ව ම හඬා වැලපෙන්න ඉඩ හරින්න. මා සනසන්න උත්සාහ නොකරන්න.


ඔබ සවන් නොදෙන්නහු නම්, ඔබේ අහංකාරය නිසා මම රහසිගත ව හඬමි. සමිඳුන්ගේ සෙනඟ වහල්කමට ගෙනයනු ලැබූ නිසා මම හඬා වැලපෙමි. බොහෝ සෙයින් කඳුළු වගුරන්නෙමි.


‘මම සමිඳාණෝ අමතක කර එතුමාණන්ගේ නාමයෙන් තවත් කතා නොකරන්නෙමි’යි කී විට, ඔබ තුමාණන්ගේ වචනය මාගේ සිතේ ගින්නක් මෙන් ඇවිලෙයි. එය මාගේ ඇටකටු තුළ සැඟවී ඇත. එය සඟවා තබාගැනීමෙන් මම බොහෝ වෙහෙසට පත් වීමි. එහෙත්, තවත් එය තබාගැනීම මට නොකළ හැකි ය.


මේ දිවැසිවරුන් පිළිබඳ ව මාගේ සිත බිඳී මාගේ ඇටකටු සැලෙනු ඇත. සමිඳාණන් වහන්සේ නිසාත්, උන් වහන්සේගේ ශුද්ධ වචනය නිසාත් මම මත් වී සිටින්නෙකු වැනි ය; මුද්‍රික පානයෙන් වෙරිමත් වී සිටින්නෙකු වැනි ය.


කොපමණ කල් මම ධජ සංකේතය දෙස බලා සිටිම් ද? කොපමණ කල් යුද්ධ හොරණෑ හඬ අසම් ද?


“දේශය මුළුල්ලේ හොරණෑව පිඹ මොරගසා, ‘අපි එක්රැස් වී බලකොටු සහිත නගරවලට යමු’ කියා ජුදාව පුරා පතුරුවන්න; ජෙරුසලමේ ප්‍රකාශ කරන්න.


‘නැත, අපි මිසර දේශයට යන්නෙමු; එහි දී යුද්ධයක් දකින්නට වත්, හොරණෑ ශබ්දය අසන්නට වත්, කෑම නැති ව බඩගින්නේ ඉන්නට වත් සිදු වන්නේ නැත; අපි එහි සිටින්නෙමු’යි කියන්නහු නම්,


මෙසේ වී තිබෙන බැවින්, රබ්බා නගරයේ වෙසෙන සෙනඟට යුද්ධ ඝෝෂාව ඇසෙන කාලයක් පැමිණෙන්නේ ය. අම්මොන්වරුන් සිටින ඒ නගරය නටබුන් ගොඩක් වන්නේ ය. ඊට අයිති ගම් ද ගින්නෙන් දවාලනු ලබන්නේ ය. එවිට සිය දේශයෙන් පන්නාදමන ලද ඉශ්රායෙල් ජනතාව සිය දේශය හිමි තමන් පැන්නුවන් ඔවුන්ගේ දේශයෙන් පන්නාදමති. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


යුද්ධ කිරීමේ ද මහත් විනාශයේ ද ඝෝෂාව දේශය පුරා ඇසෙයි.


ජෙරුසලම් වැසියෝ මෙසේ කියති: “ඒ පුවත අප අසා ඇත; අපේ අත් දුර්වල වී තිබේ; ස්ත්‍රියට ඇති වන විළිරුජාව සේ දුක් වේදනාව අප පිට පැමිණ ඇත.


අහෝ! මාගේ දුක සංසිඳුවන්නට බැරි තරම් ය; මාගේ සිත කම්පා වී ඇත.


“මාගේ සෙනඟගේ තුවාළය නිසා මම තුවාළ ලැබ ශෝකයට පත් ව සිටිමි. මම අන්ත වියවුල්කමට ලක් වී සිටිමි.


අහෝ! මැරුම් කෑ මාගේ සෙනඟ ගැන දිවා රෑ දෙක්හි හැඬීමට මාගේ හිස පොකුණක් ද මාගේ ඇස් කඳුළු උල්පතක් ද වූවොත් මම කැමැති ය.


ජෙරමියා මෙසේ කී ය: “කඳු ගැන ඇඬීමක් ද විලාපයක් ද පාළුකරයේ තණ බිම් ගැන ළතෝනියක් ද ගයන්නෙමි. කිසිවෙකුට එහි ගමන් කළ නොහැකි වන ලෙස ඒවා වියළී ගොස් ඇත. එහි සිවුපාවුන්ගේ හඬ නෑසෙන්නේ ය. අහසේ පක්ෂීන් ද මෘගයන් ද පලා ගොස් ඇත.”


මේ දේවල් නිසා මම හඬමි, මාගේ ඇසින්, එසේ ය, මාගේ ඇසින් කඳුළු ගලා යයි. මන්ද, මා ප්‍රාණවත් කළ හැකි, මා සැනසිය හැකි කිසිවෙක් ළඟ නැත. සතුරා ජය ගත් බැවින් මාගේ දරුවෝ අසරණ ව සිටිති.


සමිඳුනි, බැලුව මැනව. මම විපතට පත් ව සිටිමි. මාගේ සිත කැළඹී තිබේ. මාගේ හදවත දෙදරා ගොස් තිබේ. මම බලවත් ලෙස කැරලි ගැසීමි. පිටත දී මාගේ දරුවෝ කඩුවෙන් නැසී ගියෝ ය. ඇතුළත ද මරණය ඇත්තේ ය.


මාගේ සෙනඟගේ විනාශය නිසා මාගේ ඇස්, කඳුළු වැගිරීමෙන් වෙහෙසට ද, ළමයින් ද කිරි දරුවන් ද නුවර වීදිවල ක්ලාන්ත වන බැවින් මාගේ සිත ශෝකයෙන් ඇලළී ගොස් ඇත.


යුධ සක් හඬ ඇසුණොත් නගරයේ සෙනඟ බිය නොවෙත් ද? සමිඳුන් නොපැමිණෙව් විපතක් නගරයේ ඇති වෙයි ද?


මේ සියල්ල අසා මම කැළඹෙමි. මාගේ තොල් බියෙන් වෙවුලයි. මාගේ ඇටකටු දිරා යයි. මාගේ දෙකකුලේ වාරුව නැති වී යයි. එහෙත්, අපට විරුද්ධ ව ආක්‍රමණය කරන අයට දෙවියන් වහන්සේ දඬුවම් කරන කාලය පැමිණෙන තෙක් මම නිශ්චල ව බලා සිටිමි.


නුඹලාගේ දේශයෙහි, නුඹලාට පීඩා කරන සතුරාට විරුද්ධ ව නුඹලා සටන් කරන විට රණ හඬ නඟින ලෙස හොරණෑ පිඹිය යුතු වේ. නුඹලාගේ දෙවියන් වන සමිඳාණන් වහන්සේ එවිට නුඹලා සිහිපත් කොට සතුරාගෙන් නුඹලා මුදාගනු ලබන්නහු ය.


සහෝදරයෙනි, මාගේ සිතෙහි ඇති බලවත් ආශාව නම් ජුදෙව්වරුන්ගේ ගැළවීම ය; දෙවියන් වහන්සේට මා කරන ආයාචනය ඒ උදෙසා ය.


යුද හොරණෑව පැහැදිලි හඬක් නොදේ නම් කවරෙක් සටනට සැරසේ ද?


මාගේ දරුවෙනි, ඔබ තුළ ක්‍රිස්තු ගතිගුණ හැඩගැසෙන තුරු, ඔබ උදෙසා නැවතත් මම ප්‍රසව වේදනා විඳිමි.


කීෂොන් ගංගාව, ඒ පැරණි ගංගාව ඔවුන් ගසාගෙන ගියා ය. සවි ශක්තියෙන් මම ඉදිරිය ම බලා ගමන් කරමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්