විනිශ්චයකාරයෝ 16:11 - Sinhala New Revised Version 2018 ඔහු පිළිතුරු දෙමින්, “කිසි වැඩකට පාවිච්චි නොකළ අලුත් කඹවලින් මා බැන්දොත්, මා බල හීන වී සාමාන්‍ය මිනිසෙකු මෙන් වනු ඇතැ”යි ඈට කීවේ ය. Sinhala New Revised Version ඔහු පිළිතුරු දෙමින්, “කිසි වැඩකට පාවිච්චි නොකළ අලුත් කඹවලින් මා බැන්දොත්, මා බල හීන වී සාමාන්‍ය මිනිසෙකු මෙන් වනු ඇතැ”යි ඈට කීවේ ය. Sinhala Revised Old Version ඔහුද: කිසි වැඩකට පාවිච්චි නොකළ අලුත් කඹවලින් මා බැන්දොත් මා බෙලහීනව වෙන මනුෂ්‍යයෙකු මෙන් වෙනවා ඇතැයි ඈට කීවේය. |
එබැවින් බොරු කීම අත්හැරදමා, අසල්වාසි එකිනෙකා සමඟ සත්‍යය කතා කරන්න. මන්ද, අපි එකිනෙකා අන්‍යොන්‍ය අවයවයෝ වෙමු.
ඔව්හු ද, “ඔබ බැඳ ඔවුන් අතට පාවා දෙනවා මිස සැබැවින් අපි ඔබ නොමරන්නෙමු”යි ඔහුට කියා, අලුත් කඹ දෙකකින් ඔහු බැඳ පර්වතයෙන් ගෙනාවෝ ය.
දෙලීලා යළිත් සම්සොන්ට කතා කොට, “ඔබ මා රවටා බොරු කීවෙහි ය; දැන්වත් ඔබ බඳින්න පුළුවන් කුමකින් ද කියා මට කියන්නැ”යි කීවා ය.
එවිට දෙලීලා අලුත් කඹ ගෙන ඔහු බැඳ, “සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්නට එති”යි ඔහුට කෑ ගසා කීවා ය. මිනිස්සු ද ඇතුළු ගෙයි සැඟවී බලා සිටියෝ ය. ඔහු තමාගේ අත් බැඳ තිබූ කඹ නූල් පොටක් මෙන් කඩා දැමුවේ ය.