Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 16:10 - Sinhala New Revised Version 2018

10 දෙලීලා යළිත් සම්සොන්ට කතා කොට, “ඔබ මා රවටා බොරු කීවෙහි ය; දැන්වත් ඔබ බඳින්න පුළුවන් කුමකින් ද කියා මට කියන්නැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 දෙලීලා යළිත් සම්සොන්ට කතා කොට, “ඔබ මා රවටා බොරු කීවෙහි ය; දැන්වත් ඔබ බඳින්න පුළුවන් කුමකින් ද කියා මට කියන්නැ”යි කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 නුඹ මා රවටා බොරු කීවෙහිය, දැන්වත් නුඹ බඳින්ට පුළුවන් මොකකින්ද කියා මට කියන්නැයි දෙලීලා සම්සොන්ට කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 16:10
10 හුවමාරු යොමු  

එවිට දෙලීලා සම්සොන්ට කතා කොට, “ඔබ මේ වන තෙක් මා රවටා මට බොරු කීවෙහි ය. දැන් ඉතින් ඔබ බැඳ තබන්නට පුළුවන් කුමකින් දැ යි කියන්නැ”යි කීවා ය. ඔහු පිළිතුරු දෙමින්, “ඔබ මාගේ හිසේ කෙස් රොදවල් සත රෙදි වියමන සමඟ යන්ත්‍රයට ගොතා ඇබයකින් එය තද කළොත්, මා සාමාන්‍ය මිනිසෙකු මෙන් බල හීන වනු ඇතැ”යි කී ය.


ජේසුස් වහන්සේ ද “ජූදස්, ඔබ සිඹීමකින් මනුෂ්‍ය-පුත්‍රයාණන් පාවා දෙන්නෙහි දැ”යි ඇසූ සේක.


එසේ ඔව්හු සෙනඟක් එන්නාක් මෙන් නුඹ ළඟට අවුත්, මාගේ සෙනඟ මෙන් නුඹ ඉදිරියෙහි හිඳගෙන නුඹේ වචන අසති. එහෙත්, ඔව්හු ඒවා නොපිළිපදිති, මක්නිසා ද, තමන්ගේ වචනයකින් ඔව්හු බොහෝ ආදරය පෙන්වති; එහෙත්, ඔවුන්ගේ සිතින් ඔව්හු සිය ලාභය සොයති.


හේතුවක් නැති ව අසල්වැසියාට විරුද්ධ ව සාක්ෂි නොදෙන්න; ඔහු ගැන බොරු සාක්ෂි නොකියන්න.


සම්සොන් පිළිතුරු දෙමින්, “නොවේළූ අලුත් දුනු ලණු සතකින් මා බැන්දොත්, මා බල හීන වී සාමාන්‍ය මිනිසෙකු මෙන් වනු ඇතැ”යි ඈට කී ය.


මිනිස්සු ගෙයි ඇතුළු කාමරයක සැඟවී බලාගෙන සිටියෝ ය. ඈ කතා කොට, “සම්සොන්, පිලිස්තිවරු ඔබ අල්ලන්න එති”යි ඔහුට කෑ ගසා කීවා ය. එවිට ඔහු, හණ නූලක් ගින්න වැදුණු විට ම කැඩෙන්නාක් මෙන් ඒ දුනු ලණු කඩා දැමුවේ ය. එබැවින් ඔව්හු ඔහුගේ යෝධ ශක්තියේ රහස නොදත්හ.


ඔහු පිළිතුරු දෙමින්, “කිසි වැඩකට පාවිච්චි නොකළ අලුත් කඹවලින් මා බැන්දොත්, මා බල හීන වී සාමාන්‍ය මිනිසෙකු මෙන් වනු ඇතැ”යි ඈට කීවේ ය.


ඔව්හු මේ අයුරින් සතර වරක් ආරාධනා කර එවූ හ. මමත් ඒ අයුරින් ම ඔවුන්ට පිළිතුරු යැව්වෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්