Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




විනිශ්චයකාරයෝ 16:11 - Sinhala Revised Old Version

11 ඔහුද: කිසි වැඩකට පාවිච්චි නොකළ අලුත් කඹවලින් මා බැන්දොත් මා බෙලහීනව වෙන මනුෂ්‍යයෙකු මෙන් වෙනවා ඇතැයි ඈට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 ඔහු පිළිතුරු දෙමින්, “කිසි වැඩකට පාවිච්චි නොකළ අලුත් කඹවලින් මා බැන්දොත්, මා බල හීන වී සාමාන්‍ය මිනිසෙකු මෙන් වනු ඇතැ”යි ඈට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඔහු පිළිතුරු දෙමින්, “කිසි වැඩකට පාවිච්චි නොකළ අලුත් කඹවලින් මා බැන්දොත්, මා බල හීන වී සාමාන්‍ය මිනිසෙකු මෙන් වනු ඇතැ”යි ඈට කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




විනිශ්චයකාරයෝ 16:11
7 හුවමාරු යොමු  

එහෙයින් බොරුකීම අත්හැරදමා, එක් එක්කෙනා තම තමාගේ අසල්වාසියා සමඟ සැබෑව කථාකරන්න. මක්නිසාද අපි එකිනෙකාගේ අවයවයෝය.


මනුෂ්‍යයාට භයවීම මලපතක්ය; එහෙත් ස්වාමීන්වහන්සේ කෙරෙහි විශ්වාසකරන්නා සුරක්ෂිතව සිටියි.


ධර්මිෂ්ඨයා බොරු කීමට ද්වේෂකෙරේ; එහෙත් දුෂ්ටයා පිළිකුලක්ව ලජ්ජාවට පත්වෙයි.


කට රැකගන්නා තමාගේ ජීවිතයද රැකවල්කරගනියි; එහෙත් බොහෝසෙයින් කට අරින්නා විනාශයට පැමිණෙයි.


ඔව්හුද: නුඹ බැඳ ඔවුන් අතට පාවා දෙනවා මිස සැබවින් අපි නුඹ නොමරන්නෙමුයයි ඔහුට කියා, අලුත් ලනු දෙකකින් ඔහු බැඳ, පර්වතයෙන් ගෙනාවෝය.


නුඹ මා රවටා බොරු කීවෙහිය, දැන්වත් නුඹ බඳින්ට පුළුවන් මොකකින්ද කියා මට කියන්නැයි දෙලීලා සම්සොන්ට කීවාය.


එබැවින් දෙලීලා අලුත් කඹ ගෙන එයින් ඔහු බැඳ: සම්සොන්, පිලිස්තිවරු නුඹ අල්ලන්ට එත්යයි ඔහුට කීවාය. මනුෂ්‍යයෝද ඇතුල් ගෙයි සැඟවී බලා සිටියෝය. ඔහු ඒවා නූල් පටක් මෙන් තමාගේ අත්වලින් කඩාදැමුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්