Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 13:3 - Sinhala New Revised Version 2018

3 දිව රැකගන්නා දිවි රැකගනියි; දොඩමළුවා විනාශයට පැමිණෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 දිව රැකගන්නා දිවි රැකගනියි; දොඩමළුවා විනාශයට පැමිණෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 කට රැකගන්නා තමාගේ ජීවිතයද රැකවල්කරගනියි; එහෙත් බොහෝසෙයින් කට අරින්නා විනාශයට පැමිණෙයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 13:3
18 හුවමාරු යොමු  

විපතට නොවැටී සුරැකි ව ඉන්න නම් කට රැකගන්න.


ජීවිතය හා මරණය ඔබේ වචන මත රඳා ඇත; ඒවායේ ප්‍රතිවිපාක ඔබේ ම වගකීම ය.


අඥානයාගේ කට ඔහුගේ විනාශය වේ; ඔහුගේ ම වචන ඔහුට ම උගුලක් වේ.


මම මෙසේ පැවසීමි: “වචනයෙන් පව් නොකරන පිණිස හැසිරීම ගැන ප්‍රවේසම් වෙමි; දුදනන් මා අබිමුව සිටිය දී කට රැකගනිමි.”


කතාව වැඩි තැන වරදට ඉඩ ඇත; සිය මුව රැකගන්නා නුවණැත්තෙකි.


වාචාලයා රහස් එළිදරව් කරයි; දොඩමලු අයගෙන් ඈත් වන්න.


යමෙක් තමාගේ දිව දමනය නොකර, තම සිත රවටාගැනීමෙන්, තමා භක්තිවන්තයෙකැ යි සිතන්නේ නම්, ඔහුගේ ආගමෙන් වැඩක් නැත.


දුෂ්ටයාගේ මුසා බස් ඔහුට ම මලපතක් වෙයි; එහෙත් ධර්මිෂ්ඨයා විපතෙන් ජය ගනියි.


එසේ නම්, ඔහු නපුරු කතාවෙන් ද මුසාවාදයෙන් ද වැළකී සිටිය යුතු ය.


සමිඳුනි, මාගේ කට රැක ගැන්මට පිහිට වුණ මැනව. මාගේ දෙතොල රක්ෂා කළ මැනව.


නැණවත්හු දැනුම රැස් කරගනිති; එහෙත් මෝඩයන්ගේ කතාව විනාශය ළං කරගනියි.


අලස අය ආසා වුවත් කිසිත් නොලබති; ක්‍රියාශීලී අය සව් සැපත ම භුක්ති විඳිති.


ඔහු පිළිතුරු දෙමින්, “කිසි වැඩකට පාවිච්චි නොකළ අලුත් කඹවලින් මා බැන්දොත්, මා බල හීන වී සාමාන්‍ය මිනිසෙකු මෙන් වනු ඇතැ”යි ඈට කීවේ ය.


එබැවින් ඔහු රහස ඈට දන්වමින් ඈට මෙසේ කීවේ ය: “මා මවු කුස පටන් දෙවියන් වහන්සේට කැප වූ නාසරීයයෙකු බැවින් දැළි පිහියක් මාගේ හිසට ළං නොකරන ලද්දේ ය. මාගේ හිස බූගෑවොත්, මාගේ යෝධ ශක්තිය මාගෙන් නැති වී යන්නේ ය. මා ද බල හීන වී සාමාන්‍ය මිනිසෙකු මෙන් වනු ඇතැ”යි කීවේ ය.


පැණවතා අණපනත් පිළිගනියි; නන්දොඩන මෝඩයා වැනසී යයි.


මෝඩයාගේ දොඩමළු කතා තමාට ම පහර දෙන ඉපලකි; ප්‍රාඥයාගේ කියුම් ඔහුට රැකවරණය දෙන්නකි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්