යෙසායා 25:9 - Sinhala New Revised Version 2018 එසේ සිදු වූ විට සියලු දෙනා මෙසේ කියනු ඇත. “බලන්න, මේ අපේ දෙවියන් වහන්සේ ය; උන් වහන්සේ අප ගළවා ගන්න සේකැ යි බලාපොරොත්තුවෙන් සිටියෙමු. උන් වහන්සේ අපේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ අප ගළවාගත් බැවින් අපි ප්‍රීති සන්තෝෂ වන්නෙමු.” Sinhala New Revised Version එසේ සිදු වූ විට සියලු දෙනා මෙසේ කියනු ඇත. “බලන්න, මේ අපේ දෙවියන් වහන්සේ ය; උන් වහන්සේ අප ගළවා ගන්න සේකැ යි බලාපොරොත්තුවෙන් සිටියෙමු. උන් වහන්සේ අපේ සමිඳාණන් වහන්සේ ය. උන් වහන්සේ අප ගළවාගත් බැවින් අපි ප්‍රීති සන්තෝෂ වන්නෙමු.” Sinhala Revised Old Version ඒ දවසෙහි මෙසේ කියනු ලබන්නේය: බලව, මේ අපේ දෙවියන්වහන්සේය, අපි උන්වහන්සේ ගැන බලාසිටියෙමුව, උන්වහන්සේ අප ගළවනසේක. මේ තැනන්වහන්සේ ස්වාමීන්වහන්සේය; අපි උන්වහන්සේ ගැන බලාසිටියෙමුව, අපි උන්වහන්සේගේ ගැළවීම ගැන ප්‍රීතිසන්තෝෂවන්නෙමුව. |
ඔබේ ජය සිරි ගැන අපි තුති පසස් නඟමු; අපේ දෙවිඳුන් නමින් ජය කෙහෙලි නංවමු. සමිඳාණෝ නුඹේ සියලු අයැදුම් ඉටු කරන සේක් වා!
සමිඳාණන් වහන්ස, ඔබේ බල පැරකුම් ගැන රජ තෙමේ උදන් අනයි; ඔබ දුන් විමුක්තිය ගැන ඔහු කොතරම් ප්‍රමෝද වන්නේ ද!
අපි එතුමාණන්ගේ සුවිශුද්ධනාමය කෙරේ විශ්වාසය තැබුවෙමු. එබැවින් අපේ සිත් ප්‍රීතියෙන් පිනා යයි.
මම දුගියෙක්මි, දිළිඳෙක්මි, එහෙත්, හිමිතුමාණෝ මා සිහි කරන සේක. ඔබ මාගේ පිළිසරණ ය; ඔබ මාගේ මිදුම්කරු ය. මාගේ දෙවියෙනි, පමා නොවී වැඩිය මැනව.
එන්න, සමිඳාණන් වහන්සේ හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු; අප මිදූ පර්වතයාණන් හට පැසසුම් හඬ නගමු.
සමිඳුනි, අපට දයා වුව මැනව. අප අපේ බලාපොරොත්තුව ඔබ කෙරෙහි තබා ඇත. දිනෙන් දින අප ආරක්ෂාකර ඔබේ බාහු බලයෙන් අප රැකගත මැනව. කරදර ඇති කාලවල දී අප මුදාගත මැනව.
වනය ද වියළි දේශය ද ප්‍රීති වන්නෝ ය; කාන්තාරය ප්‍රීතිමත් වී සෙව්වන්දි මෙන් මල් දරන්නේ ය.
ගැළවීම ලැබූ ඔව්හු ප්‍රීති ඝෝෂා පවත්වමින් සතුටු සිතින් පිනා යමින් ජෙරුසලමට පැමිණෙති. දුකින් හා දොම්නසින් මිදී සදහට ම ප්‍රීති වෙමින් ඔව්හු එහි වෙසෙති.
එය ප්‍රීතියෙන් ගී හඬ නඟන්නේ ය. ලෙබනොන් කන්ද මෙන් එය පියකරු වන්නේ ය; කර්මෙල් හා ශාරොන් කෙත් මෙන් සාරවත් වන්නේ ය; සමිඳුන්ගේ තේජාලංකාරය ද එතුමන්ගේ මහ බල මහිමය ද සියල්ලෝ දකින්නෝ ය.
බියසුලු සිත් ඇත්තන්ට මෙසේ කියන්න; “බිය නොවී දිරි ගන්න; දෙවිඳාණෝ ඔබ මුදන පිණිසත් ඔබේ සතුරන්ගෙන් පළිගන්න පිණිසත් වඩින සේක.”
දැන් ඉතින් අපේ දෙවි සමිඳාණන් වහන්ස, ඔබ පමණක් දෙවියන් වහන්සේ වන බව ලෝකයේ සියලු ජාතීන් දැනගන්න පිණිස අසිරියන්වරුන්ගේ අතින් අප ගැළෙව්ව මැනව!”
සියොන්ට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි, උස් කන්දට නඟින්න; සියොන්ට සුබ ආරංචිය දන්වන්න. ජෙරුසලමට සුබ ආරංචිය ගෙනෙන දූතයාණෙනි, හඬ නඟා ප්‍රකාශ කරන්න; බිය නොවී උස් හඬින්, “ඔබේ දෙවිඳාණෝ වඩින සේකැ”යි ජුදාහි නගරවලට ප්‍රකාශ කරන්න.
නුඹලා ඒවා පොළන්නහු ය. එවිට ඒවා, සුළඟට ගසාගෙන යන්නේ ය. සුළි සුළඟින් විසිරී යන්නේ ය. එහෙත්, මම නුඹලාගේ දෙවිඳාණන් වන බැවින් නුඹලා ප්‍රීති වන්නහු ය. ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවිඳාණන් වන මට නුඹලා ප්‍රශංසා කරන්නහු ය.
රජවරු නුඹ ඇතිදැඩි කරන පියවරුන් මෙන් වෙති. බිසෝවරු නුඹේ කිරි මවුවරුන් මෙන් වෙති. ඔව්හු මුණින්තලා වී නුඹට වැඳ නුඹේ පාදවල ධූලි ලෙව කන්නෝ ය. එවිට මා සමිඳාණන් බව නුඹලා දැනගන්නහු ය. මා කෙරෙහි විශ්වාස කරන අයගේ බලාපොරොත්තු කඩ නොවන්නේ ය.”
සමිඳාණෝ සියොන්ටත්, එහි නටබුන්වලටත් අනුකම්පා කරන සේක. ඇගේ වනාන්තරය, ඒදන් උයන මෙන් ද ඇගේ කාන්තාරය සමිඳුන්ගේ උයන මෙන් ද කරන සේක. ප්‍රීතිය ද සන්තෝෂය ද ස්තුති දීම ද ගීතිකා හඬ ද එහි වන්නේ ය.
සමිඳාණෝ ජාතීන් ඉදිරියේ සියොනට ශුද්ධ බලය පෑ සේක. අපේ දෙවිඳුන්ගේ ගැළවීම ලොවේ සීමාන්තයෝ දකිති.
මුව දෙනක ඇගේ කිරි දරුවාට කිරි පොවා රැක බලන්නාක් මෙන් ජාතීහු ද රජවරු ද නුඹ රැක බලාගනිති. ස්වාමීන් වන මම නුඹේ ගැළවුම්කාරයාණන් බවත්, ඉශ්රායෙල්වරුන්ගේ බලවන්තයාණන් නුඹේ මිදුම්කාරයාණන් බවත් නුඹ දැනගනු ඇත.
මම සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීති වන්නෙමි; මාගේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නෙමි. මනාලයෙකු මල් මාලාවක් දමාගන්නාක් මෙන් ද මනාලිය ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන් ද එතුමාණෝ ගැළවීම නමැති වස්ත්‍රය මට පළඳවන සේක. ධර්මිෂ්ඨකම නමැති සළුව මට හඳවන සේක.
තමන් කෙරෙහි විශ්වාසය තබන අය උදෙසා මෙවැනි ක්‍රියා කරන දෙවි කෙනෙකු ගැන කනින් අසා තේරුම්ගත්, ඇසින් දුටු කෙනෙක් කිසි කලක නොසිටියේ ය.
මා මවන දේ ගැන සදහට ම ප්‍රීති සන්තෝෂ වන්න. මා මවන අලුත් ජෙරුසලම ප්‍රීතියෙන් පූර්ණ වන්නේ ය; එහි වැසියෝ සොම්නසින් වෙසෙති.
සමිඳාණන් වහන්සේ සිය සෙනඟ වෙතින් සැඟවී සිටින නමුත්, මම උන් වහන්සේ අදහා මාගේ බලාපොරොත්තුව උන් වහන්සේ කෙරෙහි තබමි.
එහෙත්, මම සමිඳාණන් වහන්සේ දෙස බලා සිට, මාගේ ගැළවීම වන දෙවියන් වහන්සේ කෙරෙහි බලාපොරොත්තු වන්නෙමි. මාගේ දෙවියන් වහන්සේ මට සවන් දෙන සේක.
සමිඳුන් කෙරෙහි මම ප්‍රීති වන්නෙමි. මාගේ ගැළවීමේ දෙවිඳුන් කෙරෙහි ප්‍රීති ප්‍රමෝද වන්නෙමි.
එප්‍රායිම් සෙනඟ බලවන්ත හේවායෙකු මෙන් වන්නෝ ය. ඔවුන් මිදියුස පානය කළ අය මෙන් ප්‍රීති වනු ඇත. ඔවුන්ගේ දරු පරම්පරාව මේ ජයග්‍රහණය සිහි කොට ප්‍රීති වන්නෝ ය. සමිඳාණන් වහන්සේ කෙරෙහි ඔව්හු සන්තෝෂ වන්නෝ ය.
සියොන් පුරඟන, ප්‍රීති ප්‍රමෝද වන්න; ජෙරුසලම් පුරඟන සොම්නස් හඬ නඟන්න. ඔබේ රජතුමාණෝ ඔබ වෙත වඩින සේක. එතුමාණෝ, ජයාන්විත විජයශ්‍රීයෙන් පැමිණෙන සේක. යටහත් සිතින් කොටළුවෙකු පිට නැඟ, එසේ ය, කොටළු දෙනකගේ පැටවෙකු පිට නැඟ පැමිණෙන සේක.
එකල, සිමියොන් නම් මිනිසෙක් ජෙරුසලමෙහි විසී ය. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ විමුක්තිය අපේක්ෂාවෙන් සිටි දැහැමි බැතිමතෙකි. ශුද්ධාත්මයාණෝ ඔහු කෙරෙහි වැඩහුන්හ.
ඉතින් සහෝදරවරුනි, සමිඳාණන් වහන්සේ තුළ ප්‍රීතියෙන් පවතින්න. කලින් ඔබට කී දේ ම යළිත් සඳහන් කිරීම මට කරදරයක් නොවේ. ඔබේ පරෙස්සමටත් එය හොඳ ය.
නියම චර්මඡේදිතයෝ නම්, දෙවියන් වහන්සේගේ ආත්මයාණන් මඟින් උන් වහන්සේට නමස්කාර කරන, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ පාරට්ටු කරගන්න, බාහිර වත්පිළිවෙත් පිට විශ්වාසයක් නොතබන අපි වම්හ.
ඔබ තව ස්වල්ප කලකට විවිධාකාර පරීක්ෂාවලින් පීඩා කරනු ලැබිය යුතු වුව ද, ඒ විමුක්තිය ගැන ඔබ ඉතා ප්‍රීතිවන්නහු ය.
ඔබ උන් වහන්සේ නුදුටු නමුත් උන් වහන්සේට ප්‍රේම කරන්නහු ය. දැන් ඔබ උන් වහන්සේ නොදකින නමුත්, උන් වහන්සේ අදහා,
දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිට, එය ඉක්මන් කිරීමට උත්සාහ කරන්න. ඒ දවසේ දී අහස ගිනිගෙන විනාශ වනු ඇත. මහා භූතයන් දැවී උණු වී යනු ඇත.
බලන්න, උන් වහන්සේ වලාකුළු පිරිවරා වඩින සේක. සියල්ලෝ උන් වහන්සේ දකින්නෝ ය. කුරුසියේ ඇණ ගැසූ අය ද උන් වහන්සේ දකින්නෝ ය. මිහි පිට සියලු ජාතීහු උන් වහන්සේ නිසා වැලපෙන්නෝ ය. එය සැබෑ ම ය. ආමෙන්.
මේ කාරණා ගැන සාක්ෂි දරන තැනැන් වහන්සේ, “සැබැවින් ම මම ඉක්මනින් එමි”යි වදාරන සේක. ආමෙන්. ජේසුස් ස්වාමීන් වහන්ස වැඩිය මැනව!