ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යෝබ් 31:14 - Sinhala New Revised Version 2018

දෙවිඳුන් විනිසුමට පැමිණෙන විට, මම කුමක් කරම් ද? දෙවිඳුන්ගේ නඩු ආසනය ඉදිරියෙහි මම කවර උත්තරයක් දෙම් ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දෙවිඳුන් විනිසුමට පැමිණෙන විට, මම කුමක් කරම් ද? දෙවිඳුන්ගේ නඩු ආසනය ඉදිරියෙහි මම කවර උත්තරයක් දෙම් ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

දෙවියන්වහන්සේ නැගිටින විට මම කුමක් කරම්ද? උන්වහන්සේ විභාගකරන කල මා කවර උත්තරයක් දෙන්ටද?

පරිච්ඡේදය බලන්න



යෝබ් 31:14
19 හුවමාරු යොමු  

මම දෙවිඳුන්ට මෙසේ කියමි: ‘මා වරදට පත් නොකළ මැනව; මට විරුද්ධ ව ඔබ කරන පැමිණිල්ලට හේතුව පැවසුව මැනව.


මාගේ මෙහෙකරුවා හෝ මෙහෙකාරිය හෝ මට විරුද්ධ ව පැමිණිල්ලක් ගෙනා විට මම ඔවුන්ට යුක්තිය ඉටු නොකර හැරියෙම් නම්,


කුසෙහි මා මැවූ දෙවිඳාණෝ ඔවුනුත් නොමැවූ සේක් ද? මවු ගැබෙහි අප මැව්වේ එක ම දෙවි තුමාණෝ නොවන සේක් ද?


එතුමන්ට කට උත්තර දෙන්නට වත්, එතුමන් සමඟ උසාවියට යන්නට වත් මට පුළුවන්කමක් නැත. එතුමාණෝ මා වැනි මිනිසෙක් නොවන සේක.


ඔබේ දාසයා විනිශ්චයට ගෙන නොගිය මැනව. ඔබ අබිමුව නිදොස් කෙනෙක් මෙදියත නැත.


ඔබ එය දැනගන්නේ නැද් ද? මන්ද, මිනිස් සිතේ සියලු රහස් ඔබ දන්න සේක.


සමිඳුනි, ඔබේ උදහසින් නැඟුටුණු මැනව; මාගේ එදිරිකාරයන්ගේ කෝපාග්නියට විරුද්ධ ව සිටිය මැනව; අවදි ව මට පිහිට වුව මැනව. ඔබේ නියමය යුක්තිය ඉටු කිරීම ය.


දෙවිඳුනි, ඔබ වහන්සේ විනිශ්චය සඳහා නැඟිටින සේක; මිහි පිට පීඩිත වූවන් ගළවනු පිණිස වඩින සේක.


දුක්ගැනවිලි ඇති කවරෙකු වත් එතුමාණෝ අමතක නොකරන සේක. වරද කරන කාටත් සමිඳුන්ගේ දඬුවම හිමි වේ.


වඩිනු මැනව සමිඳුනි, ඔබට එරෙහි ව නැඟිටින්නට මිනිසාට ඉඩ නුදුන මැනව. ජාතීහු ඔබ අබිමුව විනිශ්චය කරනු ලබත් වා!


දෙවිඳුන් නුඹලාට දඬුවම් කරන විට නුඹලා කුමක් කරන්නහු ද? දුර බැහැර රටකින් නුඹලා පිට විනාශය පැමුණුණ විට නුඹලා කුමක් කරන්නහු ද? උපකාර ලබාගන්න පිණිස කා වෙත යන්නහු ද? නුඹලාගේ වස්තුව කොතැන සඟවන්නහු ද?


“දඬුවම් දීමේ කාලය පැමිණ තිබේ; සෙනඟ දුර්විපාක ලැබීමේ කාලය පැමිණ තිබේ. මේ දිවැසිවරයා මෝඩයෙක් ය; දේව ආත්මානුභාවය ඇති මේ මිනිසා පිස්සෙක් යයි ඉශ්රායෙල් දැනගන්නවා ඇත. නුඹලා මට එසේ ද්වේෂ කරන්නේ නුඹලාගේ අධික පාපය හා දැඩි කෝපය නිසා ය.


දැඩි ලෙස ඔවුන් පාලනය නොකළ යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට නුඹලා ගරුබිය පෑ යුතු ය.


ඔවුන්ගෙන් හොඳ ම අය වුව ද කටු ගස් හා සමාන ය. අවංක ම අය වුව ද කටු වැටකටත් වඩා නරක ය. ඔවුන්ගේ මුරකාරයන් කී දඬුවමේ දවස පැමිණ ඇත. ඔවුන් වියවුල් වන කාලය ආසන්න ය.


සියලු මනුෂ්‍ය ජාතීනි, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්ද වන්න. උන් වහන්සේ ස්වකීය ශුද්ධස්ථානයෙන් නැඟිට වඩින සේක.


උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් සමහරුන්, අපවිත්‍ර අත්වලින්, එනම්, වත්පිළිවෙත් අනුව අත් නොසෝදා, කෑම කනවා දුටුවෝ ය.


ඉදින් ව්‍යවස්ථාවෙහි කියන ලද සියල්ල ම ව්‍යවස්ථාව යටතෙහි සිටින්නන්ට කියන ලද බව අපි දනිමුව. එසේ වන්නේ සියල්ලන්ගේ කටවල් පියවනු ලබන පිණිසත්, මුළු ලෝකයා දෙවියන් වහන්සේගේ විනිශ්චයට යටත් කරනු ලබන පිණිසත් ය.


දයාව නොපෙන්වූ තැනැත්තාට දයා විරහිත විනිශ්චයක් පැමිණෙන්නේ ය. දයාව, විනිශ්චය පසුබා ජය ගනී.