Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලෙවී කථාව 25:43 - Sinhala New Revised Version 2018

43 දැඩි ලෙස ඔවුන් පාලනය නොකළ යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට නුඹලා ගරුබිය පෑ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

43 දැඩි ලෙස ඔවුන් පාලනය නොකළ යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට නුඹලා ගරුබිය පෑ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

43 තදකමින් ඔහු කෙරෙහි අධිපතිකම් නොකොට නුඹේ දෙවියන්වහන්සේට භය වෙන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලෙවී කථාව 25:43
23 හුවමාරු යොමු  

ස්වාමිවරුනි, ස්වර්ගයෙහි ඔබටත් ස්වාමිවරයෙකු සිටින බව සිතට ගෙන, ඔබේ දාසයන්ට යුතු ලෙස හා සාධාරණ ලෙස සලකන්න.


තවද, නුඹලාගෙන් පසු නුඹලාගේ දරුවන්ට ද ඔවුන් උරුම කොට හිමි කර දෙන්නට පුළුවන. ඔවුන් සදහට ම නුඹලාගේ වහලුන් වනු ඇත. එහෙත්, නුඹලාගේ ජාතිකයන් වන ඉශ්රායෙල් ජනයා දැඩි ලෙස පාලනය නොකළ යුතු ය.


එබැවින් නුඹලා එකිනෙකාට වංචා නොකළ යුතු ය. නුඹලාගේ දෙවියන් වහන්සේට ගරුබිය පාන්න. මම නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙමි.”


ස්වාමිවරුනි, ඔබේ දාසයන්ටත් එලෙස ම සලකා, ඔවුනට තර්ජනය කිරීමෙන් වැළකෙන්න. ඔවුන්ටත් ඇත්තේ, මිනිසුන්ගේ තරාතිරම් නොබලන, ස්වර්ගයේ සිටින එක ම ස්වාමීන් බව මතක තබාගන්න.


දුර්වල බැටළුවන් නුඹලා ශක්තිමත් කෙළේ වත්, ලෙඩ වූ බැටළුවන් සුව කෙළේ වත්, තුවාළ වූ බැටළුවන්ගේ තුවාළ බැන්දේ වත් නැත; මුළා ව ගිය බැටළුවන් නැවත ගෙනාවේ වත්, නැති වූ බැටළුවන් සෙව්වේ වත් නැත. බලයෙන් ද කුරිරු ලෙස ද නුඹලා උන් පාලනය කළහු ය.


තවද, ගෙවිය යුතු මුදල ගණන් ගත යුත්තේ කුලීකරුවෙකුට අවුරුදුපතා ගෙවන වේතනය අනුව ය, ඔහුගේ ස්වාමියා ද දැඩි ලෙස ඔහු පාලනය නොකළ යුතු ය.


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම විනිශ්චය පිණිස නුඹලා ළඟට අවුත්, මන්ත්‍රකාරයන්ට ද කාමමිථ්‍යාචාරිකයන්ට ද බොරු සාක්ෂි දෙන්නන්ට ද කුලීකරුවන්ට පීඩා කරන්නන්ට ද වැන්දඹුවන්ට, අනාථයන්ට හා විදේශිකයන්ට අයුතු දේ කරන්නන්ට ද මට ගරුබිය නොදක්වන්නන්ට ද විරුද්ධ ව විගසින් සාක්ෂි දෙන්නෙමි.”


“සමිඳුන් සලකන්නේ නැත්නම්, අප උපවාස කරන්නේ කුමට ද? එතුමන් සිතට ගන්නේ නැත්නම්, අප වද විඳින්නේ කුමට දැ”යි සෙනඟ අසති. සමිඳාණෝ ඔවුන්ට මෙසේ වදාරන සේක: “නුඹලා උපවාසයේ යෙදී සිටින අතර නුඹලාගේ ම සැප පහසුව සොයමින් නුඹලාගේ සේවකයන්ට හිරිහැර කරන්නහු ය.


මම මාගේ සෙනඟ කෙරෙහි උදහස් වී, ඔවුන් මට අයිති නැති හැටියට සලකා නුඹ අතට පාවා දිනිමි. නුඹ ඔවුන්ට කිසි ම අනුකම්පාවක් නොපෙන්වා, මහල්ලන්ට පවා ඉසිලිය නොහැකි බර පැටෙව්වෙහි ය.


ඔවුන් දෙවියන් වහන්සේට ගරුබිය නොපෙන්වූ බැවින්, මාර්ගයේ දී ඔවුන් ඔබට හමු වී, ඔබ ක්ලාන්ත ව වෙහෙස මහන්සි වී සිටිය දී, ඔබට පිටුපසින් පැමිණ දුබල අයට ඔවුන් පහර දුන් හැටි සිහි කරන්න.


තවද, ඔව්හු පාරාවෝගේ විධායකයන් විසින් පත් කරන ලද ඉශ්රායෙල් ජනයාගේ නිලධාරීන්ට පහර දී, “මෙතෙක් කළ පරිදි ඊයෙත්, අදත් නියමිත ගඩොල් ගණන සාදා නිම නොකළේ මන්දැ”යි ඇසූ හ.


දැන් ඉතින්, මෙන්න, ඉශ්රායෙල් ජනතාවගේ මොරගැසීම මා වෙත නැඟී ඇත. තවද, මිසර වාසීන් දෙන දරුණු පීඩාවන් ද මා දැක ඇත.


සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට මෙසේ වදාළ සේක: “මිසරයේ සිටින මාගේ සෙනඟගේ දුඃඛිත තත්ත්වය මම දිටිමි. ඔවුන්ගේ විධායකයන්ට විරුද්ධ ව නඟින මොරගැසීමට මම සවන් දුනිමි. ඔවුන්ගේ දුක් වේදනා මම හොඳින් දනිමි.


බොහෝ කලක් ගත වූ පසු, මිසරයේ රජතුමා මියගියේ ය. ඉශ්රායෙල් ජනයා වහල් සේවය නිසා සුසුම්ලමින්, මොරගැසූ හ. ඔවුන්ගේ වහල් සේවය නිසා ම ඔවුන්ගේ කන්නලවුව දෙවියන් වහන්සේ වෙත පැමිණියේ ය.


තවද, වින්නඹුවන් දේව භය ඇති අය වූ නිසා උන් වහන්සේ ඔවුන්ට දරුසම්පත් දුන් සේක.


එහෙත්, වින්නඹුවෝ දේව භය ඇති අය වූ නිසා මිසරයේ රජතුමා අණ කළ පරිදි ඉටු නොකොට, පිරිමි දරුවන්ට ජීවත් වන්න ඉඩ හැරියා හ.


තුන් වන දින ජෝසෙප් ඔවුන්ට කතා කොට, “මම දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇත්තෙක්මි. එබැවින් නුඹලා පණ බේරාගන්න කැමැති නම් මෙසේ කරන්න;


මා විසින් මිසර දේශයෙන් පිටතට ගෙනෙන ලද මාගේ මෙහෙකරුවෝ ඔව්හු ය. එබැවින් වහලුන් මෙන් ඔවුන් නොවිකිණිය යුතු ය.


නුඹලාට වහල් දැසිදසුන් අවශ්‍ය නම්, නුඹලා අවට සිටින විජාතීන්ගෙන් නුඹලා එවැන්නන් මිල දී ගත යුතු ය.


දැනුත් ජුදාහි ද ජෙරුසලමේ ද දරුවන් දාස දාසීන් කොට, යටත් කරගන්න ඔබ අදහස් කරන්නහු ය. එහෙත්, දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කළ අපරාධ ඔබ පිටත් නැද් ද?


මාගේ මෙහෙකරුවා හෝ මෙහෙකාරිය හෝ මට විරුද්ධ ව පැමිණිල්ලක් ගෙනා විට මම ඔවුන්ට යුක්තිය ඉටු නොකර හැරියෙම් නම්,


දෙවිඳුන් විනිසුමට පැමිණෙන විට, මම කුමක් කරම් ද? දෙවිඳුන්ගේ නඩු ආසනය ඉදිරියෙහි මම කවර උත්තරයක් දෙම් ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්