යෙරෙමියා 43:12 - Sinhala New Revised Version 2018 මම ද මිසරයේ දේවාල ගිනිබත් කරන්නෙමි. බබිලෝනියේ රජු ලවා ඒ දෙවිවරුන් පුළුස්සාදැමීමට හෝ ඔවුන් පැහැරගෙන යාමට හෝ සලස්වන්නෙමි. එඬේරෙකු තමාගේ ඇඳුමේ ඇති කිනිතුල්ලන් පිස දමා පවිත්‍ර කරන්නාක් මෙන් බබිලෝනියේ රජ මිසර දේශය පවිත්‍ර කර ජයාන්විත ව එතැනින් පිටත් ව යන්නේ ය. Sinhala New Revised Version මම ද මිසරයේ දේවාල ගිනිබත් කරන්නෙමි. බබිලෝනියේ රජු ලවා ඒ දෙවිවරුන් පුළුස්සාදැමීමට හෝ ඔවුන් පැහැරගෙන යාමට හෝ සලස්වන්නෙමි. එඬේරෙකු තමාගේ ඇඳුමේ ඇති කිනිතුල්ලන් පිස දමා පවිත්‍ර කරන්නාක් මෙන් බබිලෝනියේ රජ මිසර දේශය පවිත්‍ර කර ජයාන්විත ව එතැනින් පිටත් ව යන්නේ ය. Sinhala Revised Old Version මමද මිසරයේ දෙවිවරුන්ගේ ගෘහවල ගින්නක් දල්වන්නෙමි; ඔහු ඒවා දවාදමා, රැගෙන ගොස්, එඬේරෙක් තමාගේ ඇඳුම පෙරවාගන්නාක් මෙන් මිසර දේශයේ පෙරවාගෙන, එතැනින් සමාදානයෙන් පිටත්ව යන්නේය. |
එදින රාත්‍රියේ මම මිසර දේශය මැදින් ගොස්, එහි මිනිසුන්ගේ හා මෘගයන්ගේ කුලුඳුලන්ට පහර දෙමි. තවද, මිසරයේ දෙවිදේවතාවුන් සියල්ලන්ට දඬුවම් පමුණුවමි. මම සමිඳාණන් වහන්සේ ය.
මිසරය පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: සමිඳාණෝ ශීඝ්‍ර වලාකුළක් පිට නැඟී මිසර දේශයට වඩින සේක. මිසරයේ දේවතා රූප එතුමන් ඉදිරියෙහි චංචල වන්නේ ය. එහි සෙනඟ අධෛර්යයට පත් වන්නෝ ය.
හදිසියේම අසරුවන් දෙදෙන දෙදෙන පිට සෙනඟ පැමිණෙති; මුරකරුවා ඒ පුවත පළ කරමින්, “බබිලෝනිය වැටිණි! බබිලෝනිය වැටිණි! ඇගේ දෙවිවරුන් වන කැපූ රූප සියල්ල ම කඩා බිඳදමන ලද්දේ ය”යි කියන්නේ ය.
“බේල් හා නෙබෝ යන දෙවිවරුන් දැන් පහතට වැටී ඇත. වෙහෙස වී සිටින ගවයන් පිට පටවා ඇති ඒවා බරක් ය.
මේ දෙවිවරුන් දැන් පහතට වැටී ඇත. ගැළවීම ගෙන දෙන්න ඔවුන්ට නොහැකි ය. ඔවුන් ම වහල්කමට ගොස් ඇත.
නෙත් විදහා වට පිට බලන්න. මොවුහු සියල්ලෝ ම එකතු ව නුඹ ළඟට එති. මම ජීවමාන දෙවිඳාණන්ගේ නාමයෙන් දිවුරා කියමි: ‘මනාලියක ඇගේ ආභරණ පළඳින්නාක් මෙන් නුඹේ සෙනඟ නුඹට අලංකාරයක් වන්නෝ ය.’
එම්බා සියොන්, පිබිදෙන්න, පිබිදෙන්න, ශක්තිමත් වන්න, ශුද්ධ නුවර වන ජෙරුසලම, ඔබේ අලංකාර වස්ත්‍ර පැළඳගන්න. මින්පසු අචර්මඡේදිතයෙක් වත්, අපවිත්‍ර වූවෙක් වත්, මේ නගරයට ඇතුළු නොවන්නේ ය.
එතුමාණෝ, යුක්තිය සන්නාහයක් මෙන් ද ජයග්‍රහණය යුද්ධ තොප්පිය මෙන් ද පළඳින සේක. පළිගැනීම නමැති වස්ත්‍රයෙන් ද උදහස නමැති සළුවෙන් ද සැරසෙන සේක.
මම සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීති වන්නෙමි; මාගේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නෙමි. මනාලයෙකු මල් මාලාවක් දමාගන්නාක් මෙන් ද මනාලිය ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන් ද එතුමාණෝ ගැළවීම නමැති වස්ත්‍රය මට පළඳවන සේක. ධර්මිෂ්ඨකම නමැති සළුව මට හඳවන සේක.
විදේශිකයන් නුඹලාගේ බැටළු රැළවල් පෝෂණය කරනු ඇත. ඔව්හු නුඹලාගේ ගොවියෝ ද මිදි වතු වවන්නෝ ද වන්නෝ ය.
අහසත්, පොළොවත් නොමැවූ මේ දෙවිවරු මිහි පිටින් ද අහස යටින් ද විනාශ කරනු ලබති යි මාගේ සෙනඟ වන ඔබ ජාතීන්ට කිව යුතු ය.
ඔහු මිසර දේශයේ තිබෙන බෙත්-ෂෙමෙෂ්හි කුලුණු බිඳදමා, මිසරයේ දේවාල ගින්නෙන් දවාලන්නේ ය.’ ”
සියලු බලැති ස්වාමීන් වන ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක; “මෙන්න, මම තීබ්ස්හි දෙවියා වන ආමොන්ටත්, පාරාවෝටත්, මිසරයටත්, එහි දෙවිවරුන්ටත්, එහි රජවරුන්ටත්, පාරාවෝ කෙරේ විශ්වාසය තබන්නන්ටත් දඬුවම් කරමින්,
“එම්බා මෝවබ්! නුඹ නුඹේ බලකොටු හා සම්පත කෙරෙහි නුඹේ විශ්වාසය තැබූ බැවින් නුඹත් ගෙනයනු ලබන්නෙහි ය. කෙමොෂ් දෙවියා ද ඔහුගේ පූජකයෝ ද අධිපතීහු ද එකට වහල්කමට ගෙනයනු ලබන්නෝ ය.
“ ‘බබිලෝනිය වැටී ඇත; බේල් ලජ්ජාවට පත් වී ඇත; මෙරොදක් කැළඹී සිටියි; ඇගේ දේව රූප නින්දාවට ලක් වී ඇත. ඇගේ රූප කැළඹීමට පත් වී ඇත’ යන ආරංචිය ජාතීන් අතරේ පතුරුවන්න. එය ප්‍රකාශ කරන්න; ධජ සංකේතයක් නංවා එය නොසඟවා ප්‍රසිද්ධ කරන්න.
මම බබිලෝනියේ දෙවියා වන බේල්ට දඬුවම් කොට, ඔහු ගිලගත් දේ ඔහුගේ මුඛයෙන් එළියට අදින්නෙමි. ජාතීහු ඔහුට තවත් නමස්කාර නොකරන්නෝ ය. එසේ ය, බබිලෝනියේ පවුරු ඇද වැටෙන්නේ ය.
මිනිසෙකු වත්, මෘගයෙකු වත් එහි සැරිසරන්නේ නැත. එය සතළිස් අවුරුද්දක් වැසියන් නැති ව තිබෙන්නේ ය.
එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: බලන්න, මම බබිලෝනියේ රජු වන නෙබුකද්නෙශර්ට මිසර දේශය පාවා දෙන්නෙමි; ඔහු එහි සමූහයා අල්ලාගෙන, එහි තිබෙන කොල්ලය රැගෙන, එහි තිබෙන සම්පත් කොල්ලකාගෙන යනු ඇත. ඒවා ඔහුගේ සේනාවට කුලී වශයෙන් ගෙවනු ඇත.
මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම දේව රූප නැති කොට, මෙම්පීස් දේශයේ පිළිම පහකරන්නෙමි. අධිපතියෙකු මිසර දේශයෙන් තවත් නොවනු ඇත. තවද, මම මිසර දේශයෙහි භීතිය හටගන්වන්නෙමි.
සමිඳාණන් වහන්සේ ඔවුන් තැතිගන්වන සේක; ලෝකයේ සියලු දෙවිවරුන් නැත්තට ම නැති කරන සේක. හැම ජාතීන්ගේ ම රටවල වැසියන් තම තමන්ගේ ස්ථානවල සිට උන් වහන්සේට නමස්කාර කරනු ඇත.
රැය බොහෝ දුරට ගෙවී ඇත. දිවා කාලය ළඟ ය; එබැවින් අන්ධකාරයේ ක්‍රියා ඉවත ලා, ආලෝකයේ අවිආයුධ පැළඳගනිමු.
දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුව මවන ලද, දමිටුකමින් ද ශුද්ධවන්තකමින් ද ප්‍රකාශ වන අලුත් ස්වභාවය පැළඳගන්න.
යක්ෂයාගේ සියලු උපායවලට විරුද්ධ ව සිටින්නට ඔබට පිළිවන් වන පිණිස දෙවියන් වහන්සේගේ සන්නාහයෙන් සන්නද්ධ වන්න.
එබැවින් දෙවියන් වහන්සේගේ තෝරාගත්, සැදැහැවත්, ප්‍රේමවන්ත අය වශයෙන්, දයානුකම්පාවෙන් ද කරුණාවෙන් ද නිහතමානිකමෙන් ද මෘදුකමෙන් ද ඉවසිලිවන්තකමෙන් ද සැරසී සිටින්න.