යෙරෙමියා 43:11 - Sinhala New Revised Version 201811 ඔහු අවුත් මිසර දේශයට පහර දෙනු ඇත. වසංගතයට නියම වූ අය වසංගතයටත්, වහල්කමට නියම වූ අය වහල්කමටත්, කඩුවට නියම වූ අය කඩුවටත් ගොදුරු වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 ඔහු අවුත් මිසර දේශයට පහර දෙනු ඇත. වසංගතයට නියම වූ අය වසංගතයටත්, වහල්කමට නියම වූ අය වහල්කමටත්, කඩුවට නියම වූ අය කඩුවටත් ගොදුරු වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 ඔහු ඇවිත් මිසර දේශයට පහරදෙනවා ඇත; මරණයට නියමවූ අය මරණයටත් වාල්කමට නියමවූ අය වාල්කමටත් කඩුවට නියමවූ අය කඩුවටත් අසුවන්නෝය. පරිච්ඡේදය බලන්න |
මිසර දේශයෙහි පදිංචි වන පිණිස එහි පැමිණි ජුදාහි ඉතිරි ව සිටින සෙනඟ සියල්ලන් ම රැගෙන මම විනාශ කරන්නෙමි. ඔව්හු සියල්ලෝ ම මිසර දේශයේ දී කඩුවෙන් ද සාගතයෙන් ද විනාශ වී යන්නෝ ය; ලොකු කුඩා සියල්ලෝ ම කඩුවෙන් ද සාගතයෙන් ද මැරෙන්නෝ ය. ඔව්හු සියල්ලන් ඉදිරියෙහි පිළිකුලක් ද සාපයක් ද භීතියක් ද සමච්චලයක් ද වන්නෝ ය.