එතුමාණන්ගේ මෙහෙකරුන් වූ ඉශ්රායෙල් වංශයෙනි, එතුමාණෝ තෝරාගත් ජාකොබ්ගේ දරුවෙනි, එතුමාණෝ කළ පුදුම ක්‍රියා ද එතුමාණන්ගේ ආශ්චර්යයන් ද එතුමාණෝ දුන් විනිශ්චයයන් ද සිහි කරන්න.
ගීතාවලිය 77:14 - Sinhala New Revised Version 2018 හාස්කම් පාන දෙවිඳාණෝ ඔබ වහන්සේ ය. ජාතීන් අතර ඔබේ බල මහිමය ඔබ පෙන්වා ඇත්තේ ය. Sinhala New Revised Version හාස්කම් පාන දෙවිඳාණෝ ඔබ වහන්සේ ය. ජාතීන් අතර ඔබේ බල මහිමය ඔබ පෙන්වා ඇත්තේ ය. Sinhala Revised Old Version පුදුම දේ කරන දෙවියන්වහන්සේ නම් ඔබය. ඔබ මනුෂ්‍ය වර්ගයන් අතරේ ඔබගේ ශක්තිය දැක්වූසේක. |
එතුමාණන්ගේ මෙහෙකරුන් වූ ඉශ්රායෙල් වංශයෙනි, එතුමාණෝ තෝරාගත් ජාකොබ්ගේ දරුවෙනි, එතුමාණෝ කළ පුදුම ක්‍රියා ද එතුමාණන්ගේ ආශ්චර්යයන් ද එතුමාණෝ දුන් විනිශ්චයයන් ද සිහි කරන්න.
ගායකයෝ පෙරටුවෙන් ද සංගීතකරුවෝ පසුපසින් ද යන්නෝ ය; ලලනාවෝ සිඟිති රබන් පොඩි ගසමින් මැදින් ගමන් කරන්නෝ ය.
ඉශ්රායෙල්වරුන්ගේ දෙවිඳුන් හට, දෙවි සමිඳුන් හට, පැසසුම් වේ වා! අරුමපුදුම දේ කරන්නේ එතුමාණෝ පමණක් ය.
‘මේ කුමක් ද’ කියා මතු දවස ඔබේ පුත්‍රයා ඔබෙන් අසන විට ඔබ ද ඔහුට කතා කොට, ‘සමිඳාණන් වහන්සේ සිය බාහු බලය පාමින් වහල්කමේ නිවාසය වන මිසරයෙන් අප පිටතට ගෙනා සේක.
සමිඳුනි, දෙවියන් අතර ඔබ හා සම අන් කවුරු ද? ශුද්ධකමින් ප්‍රතාපවත්, බල විකුමෙන් භයංකර, අරුමපුදුම දේ කරවන ඔබ වැනි අය අන් කවුරු ද?
සමිඳුනි, පිබිදෙන්න; අපට පිහිට වන්න. අතීත පරපුරේ සමයයන්හි මෙන් අවදි වන්න. පුරාණයේ දී ඔබ කළාක් මෙන් ඔබේ බලවත් හස්තයෙන් අප ගළවාගන්න. රාහාබ් නම් දිය රකුසා ද මකරා ද කෑලිවලට කැපුවේ ඔබ නොවන සේක් ද?
සමිඳාණෝ ජාතීන් ඉදිරියේ සියොනට ශුද්ධ බලය පෑ සේක. අපේ දෙවිඳුන්ගේ ගැළවීම ලොවේ සීමාන්තයෝ දකිති.
ඔව්හු දෙවියන් වහන්සේගේ සේවකයා වූ මෝසෙස්ගේ ගීතිකාව ද බැටළු පෝතකයාණන්ගේ ගීතිකාව ද ගායනා කරමින් මෙසේ කී හ: “සව් බලැති ස්වාමීන් වන දෙවියන් වහන්ස, ඔබගේ ක්‍රියා උදාර ය, චමත්කාර ජනක ය. ජාතීන්ගේ රජාණෙනි, ඔබගේ මාර්ග සාධාරණ ය, සැබෑ ය.