Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 15:3 - Sinhala New Revised Version 2018

3 ඔව්හු දෙවියන් වහන්සේගේ සේවකයා වූ මෝසෙස්ගේ ගීතිකාව ද බැටළු පෝතකයාණන්ගේ ගීතිකාව ද ගායනා කරමින් මෙසේ කී හ: “සව් බලැති ස්වාමීන් වන දෙවියන් වහන්ස, ඔබගේ ක්‍රියා උදාර ය, චමත්කාර ජනක ය. ජාතීන්ගේ රජාණෙනි, ඔබගේ මාර්ග සාධාරණ ය, සැබෑ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඔව්හු දෙවියන් වහන්සේගේ සේවකයා වූ මෝසෙස්ගේ ගීතිකාව ද බැටළු පෝතකයාණන්ගේ ගීතිකාව ද ගායනා කරමින් මෙසේ කී හ: “සව් බලැති ස්වාමීන් වන දෙවියන් වහන්ස, ඔබගේ ක්‍රියා උදාර ය, චමත්කාර ජනක ය. ජාතීන්ගේ රජාණෙනි, ඔබගේ මාර්ග සාධාරණ ය, සැබෑ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

3 ඔවුහු දෙවියන්වහන්සේගේ සේවක මෝස‍ෙස්ගේ ගීතය හා බැටළු පැටවාණන්ගේ ගීතය ගයමින් මෙසේ පැවසූහ: “සියලු බලැති දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්ස, හරි උදාර ය, විස්මිත ය, ක්‍රියා ඔබගේ. ජාතීන්ගේ රජ්ජුරුවනි, යුක්තිය ය, සත්‍යය ය, මාර්ග ඔබගේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 ඔව්හු දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ මෝසෙස්ගේ ගීතිකාවද බැටළුපැටවාණන්ගේ ගීතිකාවද ගායනාකරමින්: සර්ව පරාක්‍රමවූ ස්වාමිවූ දෙවියන්වහන්ස, ඔබගේ ක්‍රියා මහත්ය, විස්මපත්ය; ජාතීන්ගේ රජ්ජුරුවෙනි, ඔබගේ මාර්ග ධර්මිෂ්ඨය, සැබෑය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 15:3
49 හුවමාරු යොමු  

සමිඳුන්ගේ ක්‍රියා කොපමණ උදාර ද? ඒවාට ප්‍රිය වන සියල්ලෝ ඒවා තේරුම්ගැනීමට උත්සාහ කරති.


මම ඔබට තුති පුදමි. මන්ද, මා ඔබට ගරුබිය දැක්විය යුතු ය. ඔබේ සියලු ක්‍රියා අසිරිමත් ය; ඔබ තරයේ මා දන්න සේක.


සමිඳාණෝ සැම අතින් ම සාධාරණ ය, එතුමාණන්ගේ සියලු ක්‍රියා දයාන්විත ය.


සැබැවින් ම මෝසෙස්, දෙවියන් වහන්සේ මතු දවස කියන්නට යන දේ ගැන සාක්ෂියක් ලෙස උන් වහන්සේගේ සේවකයෙකු මෙන් මුළු ගෘහයෙහි විශ්වාසී ව සිටියේ ය.


ඒ නැව්වල ආම්පන්නවලින් වැඩක් නැත.


මෙහි ලියා ඇති දේ ප්‍රඥාවන්තයෝ තේරුම්ගනිත් වා! බුද්ධිමත්තු දැනගනිත් වා! සමිඳාණන් වහන්සේගේ මාර්ගය සෘජු ය; ධර්මිෂ්ඨයෝ ඒ මාර්ගයෙහි ගමන් කරති. එහෙත්, පව්කාරයෝ එහි පැකිළ වැටෙති.


සියොන් පුරඟන, ප්‍රීති ප්‍රමෝද වන්න; ජෙරුසලම් පුරඟන සොම්නස් හඬ නඟන්න. ඔබේ රජතුමාණෝ ඔබ වෙත වඩින සේක. එතුමාණෝ, ජයාන්විත විජයශ්‍රීයෙන් පැමිණෙන සේක. යටහත් සිතින් කොටළුවෙකු පිට නැඟ, එසේ ය, කොටළු දෙනකගේ පැටවෙකු පිට නැඟ පැමිණෙන සේක.


කුමක්හෙයින් ද, ව්‍යවස්ථාව මෝසෙස් මඟින් දෙන ලද්දේ ය; එහෙත් දේව වරප්‍රසාදය හා සත්‍යය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් පැමිණියේ ය.


මන්ද, සමිඳාණෝ යහපත් ය; එතුමාණන්ගේ ප්‍රේමය ස්ථිර ය; සදහට ම පවත්නේ ය. පරපුරෙන් පරපුරට එතුමාණන්ගේ විශ්වාසවන්තකම පවත්නේ ය.


ආබ්‍රම් අවුරුදු අනූනවයක් ආයු වැළඳූ පසු සමිඳාණන් වහන්සේ ඔහුට දර්ශනය වී: “මම වනාහි සියලු බලැති දෙවියන් වහන්සේ වෙමි. නුඹ දිවි ඇති තාක් මට කීකරු වී, නිදොස් ව සිටින්න,


මන්ද, උන් වහන්සේගේ විනිශ්චය නිවැරදි ය, සාධාරණ ය, සිය වේශ්‍යාකමින් පොළොව දූෂණය කළ ප්‍රසිද්ධ වේශ්‍යාව උන් වහන්සේ විනිශ්චය කළ සේක. තමන් වහන්සේගේ මෙහෙකරුවන් මැරීම ගැන ඈට විපාක දුන් සේක.”


ඔව්හු සිංහාසනය ඉදිරියෙහි ද, ජීවමාන සත්ත්වයන් සතර දෙනා සහ කුලදෙටුවන් ඉදිරියෙහි ද අලුත් ගීතිකාවක් ගායනය කළහ. ඒ ගීතිකාව, පොළොවෙන් මුදාගනු ලැබූ එක් ලක්ෂ සතළිස් සාර දහස් දෙනා හැර, අන් කිසිවෙකුට ඉගෙන ගත නොහැකි විය.


ඉන්පසු මෝසෙස් මුළු ඉශ්රායෙල් ජනතාවට ඇසෙන පරිදි මේ ගීතයේ වචන, නිමවන තෙක් පැවසී ය.


මොවුහු බැටළු පෝතකයාණන්ට විරුද්ධ ව යුද්ධ කරන්නාහ. එහෙත් බැටළු පෝතකයාණෝ ඔවුන් පරාජය කරන සේක. මන්ද, උන් වහන්සේ ස්වාමිවරුන්ගේ ස්වාමීන් වහන්සේ ය; රජවරුන්ගේ රජාණෝ ය. උන් වහන්සේ සමඟ සිටින, කැඳවාගත් තෝරාගත් විශ්වාස තැනැත්තෝ ද, ඒ ජයග්‍රහණයට පංගුකාරයෝ වන්නාහ.”


“වැඩ සිටින, වැඩ සිටිය, සර්ව පරාක්‍රම දෙවි සමිඳාණන් වහන්ස, ඔබගේ අතිමහත් බලය මෙහෙයවා ඔබ රජකම් කළ බැවින් අපි ඔබට ස්තුති කරමු.


ඒ සත්ත්වයන් සතර දෙනාගෙන් එකිනෙකාට පියාපත් හය බැගින් තිබිණි. ඔවුන් වටකර ද ඇතුළත ද ඇස්වලින් පිරී තිබුණේ ය. ඔව්හු, “වැඩ සිටි, වැඩ සිටින, මතු වඩින සර්වපරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය, සුවිශුද්ධ ය”යි දිවා රෑ දෙක්හි නොනැවතී ගයන්නාහ.


ඉදිරියට අවුත් නුඹලාගේ නඩුව දන්වා එකිනෙකා සමඟ මන්ත්‍රණය කරගනිත් වා! සිදුවන්න යන දේ බොහෝ ඉහත දී කීවේ කවරෙක් ද? එසේ කෙළේ සමිඳාණන් වන මම නොවෙම් ද? මා හැර අන් දෙවි කෙනෙක් නැත. මම ධර්මිෂ්ඨ ගැළවුම්කාර දෙවිඳාණෝ ය; වෙන දෙවි කෙනෙක් ඇත්තේ ම නැත,


දනෝ ඔබේ විස්මයජනක ක්‍රියා ගැන කතා කරන්නෝ ය; මම ඔබේ උතුම්කම පවසන්නෙමි.


අති බලසම්පන්න රජාණන් වහන්ස, ඔබ යුක්තියට ප්‍රේම කරන සේක, ඔබ ඉශ්රායෙල්හි සාධාරණකම පිහිටෙවු සේක; ඔබ දැහැමිකම සහ යුක්තිය ඉටු කළ සේක.


උන් වහන්සේගේ වස්ත්‍රයෙහි ද කලවයෙහි ද “රජවරුන්ගේ රජ ය, ස්වාමීවරුන්ගේ ස්වාමී ය” යන නාමය ලියා තිබේ.


ඈ තුළ වැඩ සිටින සමිඳාණන් වහන්සේ ධර්මිෂ්ඨ ය. උන් වහන්සේ කිසි කලෙක වැරදි දේ නොකරන සේක. උදයක් උදයක් පාසා නොවරදවා ම උන් වහන්සේ සෙනඟ වෙත යුක්තිය ගෙන එන සේක. එහෙත්, අදමිටු අය විලි ලජ්ජා නැති ව අයුතු දේ ම කරති.


දුරාතීතයේ සිට අප පියවරුන්ට දිවුළාක් මෙන් ජාකොබ්ට විශ්වාසකමත්, ආබ්‍රහම්ට තිරසර පෙමත් දක්වන සේක.


එතුමාණන්ගේ මෙහෙකරුන් වූ ඉශ්රායෙල් වංශයෙනි, එතුමාණෝ තෝරාගත් ජාකොබ්ගේ දරුවෙනි, එතුමාණෝ කළ පුදුම ක්‍රියා ද එතුමාණන්ගේ ආශ්චර්යයන් ද එතුමාණෝ දුන් විනිශ්චයයන් ද සිහි කරන්න.


ඔවුන්ගේ පියවරුන් අබියස එතුමාණෝ හාස්කම් පෑ සේක. මිසර දේශයෙහි ද ශොවන් මිටියාවතෙහි ද එලෙස කළ සේක.


එතුමන්ගේ ප්‍රබල ක්‍රියා අචින්ත්‍ය ය; අරුමපුදුම දේ අසංබ්‍ය ය.


එවිට රජ තෙම ප්‍රධානියා වන ජෙහෝයාදා කැඳවා, “සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් ද ඉශ්රායෙල් සභාව ද විසින් සම්මුඛ මණ්ඩපය උදෙසා නියම කරන ලද බදු මිල ලෙවීවරුන් විසින් ජුදා දේශයෙන් සහ ජෙරුසලමෙන් එකතු කර ගෙනෙනු ලබන හැටියට ඔබ වග බලා නොගත්තේ මන්දැ”යි ඇසී ය.


එහෙත්, ආරොන් ද ඔහුගේ පුත්‍රයෝ ද දෙවියන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් විසින් අණ කරන ලද සියල්ල ලෙස දවන යාග පූජා පුදන පූජාසනයත්, දුම් පූජාසනයත් පිට ඔප්පු කරන්නට ද අතිශුද්ධස්ථානයේ මුළු මෙහෙය කරන්නට ද ඉශ්රායෙල්වරුන්ගේ පව් උදෙසා සහභාගිවීමේ පූජා ඔප්පු කරන්නට ද නියම වී සිටියෝ ය.


ඒ දේව දූතයා පසුපසින් ගිය දෙ වන දේව දූතයෙක්: “තදබල කාමරාගය නමැති මද්‍යසාරය සියලු ජාතීන්ට පෙවූ මහා බබිලෝනිය වැටුණා ය, මහා බබිලෝනිය වැටුණා ය, වැටුණා ය”යි කී ය.


“ඔබේ මෙහෙකරු වූ මෝසෙස් මඟින් ඔබේ ශුද්ධ සබත් දවස් ද ඔබ ඔවුන්ට දන්වා, ආඥාවන් ද ව්‍යවස්ථාවන් ද ඔවුන්ට නියම කළ සේක.


මෙසේ සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස්, උන් වහන්සේ වදාළ පරිදි මෝවබ් දේශයේ දී මියගියේ ය.


හිමි සඳ නම මම පවසමි. එතුමන්ගේ මහිමය ඔබ ගයන්න.


සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් ඔබට අණ කළ අණපනත් හා ව්‍යවස්ථාව මැනවින් පවත්වන්නට ද ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කොට, උන් වහන්සේගේ සියලු මාර්ගවල ගමන් කරන්නට ද උන් වහන්සේගේ ආඥා පවත්වන්නට ද උන් වහන්සේට ඇළුම් ව සිට ඔබේ මුළු හෘදයෙන් ද ඔබේ මුළු ආත්මයෙන් ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නට ද වගබලාගන්න.”


මිනිසුන් කවදාත් එතුමාණන්ට පැසසුම් දී ඇත; ඔබත් එතුමාණන්ට පැසසුම් දීමට සිතට ගන්න.


දෙවි මඟ සර්ව සම්පූර්ණ ය; සමිඳුන්ගේ වචනය තිරසර ය. සරණ පතා එන හැම අයට එතුමාණෝ පලිහකි.


ඔබේ ක්‍රියා කොපමණ උත්තරීතර ද? ඔබේ සිතුවිලි කොපමණ ගැඹුරු ද?


එතුමාණන්ගේ ක්‍රියා සත්‍යය හා යුක්තිය ප්‍රකාශ කරයි; එතුමාණන්ගේ පනත් සියල්ල විශ්වාසී ය.


අමරණීය වූ, අදෘශ්‍යමාන වූ, සදාතන රජ වූ එක ම දෙවියන් වහන්සේට ගෞරවයත් මහිමයත් සදහට ම වේ වා! ආමෙන්.


“ආරම්භය ද අවසානය ද මම වෙමි”යි වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින සර්ව පරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ වදාරන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්