ඔබේ ශුද්ධ මාලිගාව දෙස බලා නමස්කාර කරමින් ඔබේ කරුණා ගුණය සහ විශ්වාසවන්තභාවය නිසා ඔබේ නාමයට තුති පුදන්නෙමි. ඔබේ නාමයත්, ආඥාත් උත්තරීතර බව ඔබ පෙන්වූ සේක.
ගීතාවලිය 75:1 - Sinhala New Revised Version 2018 දෙවිඳුනි, අපි ඔබට තුති කරමු; ඔබේ ප්‍රබල ක්‍රියා ප්‍රකාශ කරමු; ඔබේ නාමයට අයැද තුති කරමු. Sinhala New Revised Version දෙවිඳුනි, අපි ඔබට තුති කරමු; ඔබේ ප්‍රබල ක්‍රියා ප්‍රකාශ කරමු; ඔබේ නාමයට අයැද තුති කරමු. Sinhala Revised Old Version දෙවියන්වහන්ස, අපි ඔබට ස්තුති කරමුව; ඔබගේ නාමය සමීප බැවින් ස්තුති කරමුව. මනුෂ්‍යයෝ ඔබගේ පුදුම ක්‍රියා ප්‍රකාශකරති. |
ඔබේ ශුද්ධ මාලිගාව දෙස බලා නමස්කාර කරමින් ඔබේ කරුණා ගුණය සහ විශ්වාසවන්තභාවය නිසා ඔබේ නාමයට තුති පුදන්නෙමි. ඔබේ නාමයත්, ආඥාත් උත්තරීතර බව ඔබ පෙන්වූ සේක.
දෙවිඳුනි, ඈත අතීතයේ දී ඔබ කළ උදාර ක්‍රියා අපේ ම කනින් අප අසා ඇත; අපේ පියවරුන් ඒවා අපට කියා ඇත.
සව් බලැති දෙවි සමිඳාණෝ ශ්‍රී මුඛය විවෘත කර පෙරදිග පටන් අපර දිග දක්වා මුළු ලොවට කතා කරන සේක.
මට අනුකම්පා කළ මැනව; අහෝ දෙවිඳුනි! මට අනුකම්පා කළ මැනව. මම ඔබ සරණ පතමි; විපත් කුණාටුව පහ වී යන තෙක්, ඔබ පියාපත් සෙවණෙහි මම රැකවරණය පතමි.
ඔහුට ගෞරව කරන්න, ඔහුගේ හඬට කීකරු වන්න. ඔහුට විරුද්ධ ව කැරලි නොගසන්න. මාගේ නාමයෙන් ඔහු ක්‍රියා කරන බැවින් ඔහු නුඹලාගේ වැරදි කමා නොකරන්නේ ය.
“අපේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් අප අයැදින සියල්ලෙහි දී, උන් වහන්සේ අපට ළං ව සිටින්නාක් මෙන් වෙන කිනම් ශ්‍රේෂ්ඨ ජාතියකට දෙවි කෙනෙක් ළං ව සිටින්නේ ද?