ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගීතාවලිය 68:33 - Sinhala New Revised Version 2018

ආදි කාලීන අහස් තලයෙනි, අහස් කුස සැරිසරන හිමිතුමාණන්ට ගායනා කරන්න; එතුමාණන්ගේ හඬ වන ගිගුරුම් හඬට සවන් දෙන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ආදි කාලීන අහස් තලයෙනි, අහස් කුස සැරිසරන හිමි තුමන්ට ගායනා කරන්න; එතුමන්ගේ හඬ වන ගිගුරුම් හඬට සවන් දෙන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

බලව, උන්වහන්සේ ස්වකීය හඬ එනම් බලවත්වූ හඬක් නික්මවනසේක.

පරිච්ඡේදය බලන්න



ගීතාවලිය 68:33
18 හුවමාරු යොමු  

“එහෙත්, දෙවියන් වහන්සේ සැබැවින් ම පොළොවෙහි වැඩ වසන සේක් ද? ස්වර්ගය ද ඉහළ ම ස්වර්ගය ද ඔබ වහන්සේට ඉඩ මදි ය; එසේ නම්, මා ගොඩනැඟුවාවූ මේ මාලිගාව ඊට වඩා කොපමණ නොසෑහේ ද?


ආදියේ දී ඔබ පොළොවේ පදනම ලූ සේක. අහස් ගැබ ඔබේ දෑතින් සාදන ලද්දේ ය.


ඔබේ මාලිගාව ඉහළ දිය කඳ මත පිහිටුවන සේක; වලාකුළු ඔබේ රිය කරගන්න සේක.


එතුමාණෝ දිව්‍ය රථය අරා යාත්‍රා කළ සේක; මාරුතය නමැති පියාපත් විදහා වේගයෙන් වැඩිය සේක.


ජාතීහු කෝලහල කළහ; රාජධානි බිඳ වැටිණි. දෙවි තුමාණෝ ගිගුරුම් දුන් සේක. මහ පොළොව දිය විණි.


ලෝ වැසි සියල්ලෙනි, දෙවියන් වහන්සේ හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.


එතුමාණන්ගේ කීර්තිමත් නාමයට ගී ගයන්න.


දෙවිඳුන්ට ගී ගයන්න; එතුමාණන්ගේ නම කියා එතුමාණෝ පසසන්න. වලාකුළු අරා වඩින සමිඳුන් හට මාවතක් පිළියෙළ කරන්න; එතුමාණන්ගේ නාමය සමිඳාණෝ ය, එතුමාණෝ අබිමුව ප්‍රීතියෙන් සිටින්න.


ඔබේ සිහසුන ආදියේ පටන් තිරසර ව පිහිටා ඇත්තේ ය. ඔබ අනාදියේ පටන් වැඩ සිටින සේක.


කෙරුබ්වරුන්ගේ පියාපත්වල ශබ්දය ද සර්ව පරාක්‍රම දෙවියන් වහන්සේ කතා කරන හඬ මෙන් පිටත මළුව දක්වා ඇසුණේ ය.


බලන්න, ස්වර්ගයත්, ස්වර්ගයෙහි ස්වර්ගයත්, පොළොවත්, එහි ඇති සියල්ලත් අයිති ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ය.


ඉශ්රායෙල් දෙවිඳුන්ට සම අන් කෙනෙක් නැත. එතුමාණෝ ඔබට සහාය වනු වස් අහස පීරා වලාකුළු අරා තෙද මහිමයෙන් වඩිනා සේක.


“නැඟිට මෙහි එන්නැ”යි කියන මහ හඬක් ස්වර්ගයෙන් ඔවුන්ට ඇසිණි. එකල ඔවුන්ගේ සතුරන් බලා සිටිය දී ඔව්හු වලාකුළකින් ස්වර්ගයට නැඟී ගියහ.


සත් වන දේව දූතයා ද හොරණෑව පිම්බේ ය. එවිට: “ලෝකයේ රාජත්වය අපගේ සමිඳාණන් වහන්සේට ද උන් වහන්සේගේ ආලේප ලත් ක්‍රිස්තුන් වහන්සේට ද අත් විය. උන් වහන්සේ සදහට ම රජකම් කරන සේකැ”යි කියන මහ ශබ්ද ස්වර්ගයෙහි විය.


එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව විවෘත කරන ලද්දේ ය. උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මාලිගාව තුළ පෙනුණේ ය. එවිට විදුලි කෙටීම් ද ශබ්ද ද ගිගුරුම් ද භූමිකම්පාවක් ද, මහ ගල් වර්ෂාවක් ද විය.