Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 68:34 - Sinhala New Revised Version 2018

34 දෙවිඳුන්ගේ බලය ප්‍රකාශ කරන්න. එතුමාණන්ගේ මහිමය ඉශ්රායෙල් කෙරෙහි ය; එතුමාණන්ගේ බලය අහස් කුස ඇත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 දෙවිඳුන්ගේ බලය ප්‍රකාශ කරන්න. එතුමන්ගේ මහිමය ඉශ්රායෙල් කෙරෙහි ය; එතුමන්ගේ බලය අහස් කුස ඇත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

34 බලය දෙවියන්වහන්සේට අයිති බව කියව්. උන්වහන්සේගේ උතුම්කම ඉශ්‍රායෙල් කෙරෙහිය, උන්වහන්සේගේ ශක්තිය ආකාශයන්හිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 68:34
9 හුවමාරු යොමු  

එවිට විශාල ජන සමූහයකගේ ඝෝෂාව මෙන් ද, සමුද්‍ර ඝෝෂාවක් මෙන් ද, බලවත් හෙන හඬක් මෙන් ද ශබ්දයක් මට ඇසිණි. ඒ හඬ මෙසේ කී ය: “අලේලූයා! අපගේ සර්ව පරාක්‍රම දෙවි ස්වාමීන් වහන්සේ රජකම් කිරීමට පටන්ගෙන ඇත.


“මොහු මාගේ ප්‍රේමවන්ත පුත්‍රයාණෝ ය; මොහු කෙරෙහි මම ප්‍රසන්න ව සිටිමි” කියන හඬක් උත්කෘෂ්ට තේජසින් උන් වහන්සේ කරා පහළ වූ කල්හි දෙවි පියාණන් වහන්සේගේ ගෞරවයත් මහිමයත් උන් වහන්සේ ලැබූ සේක.


සමිඳාණන් වහන්සේ පසසන්න. දෙවිඳුන්ගේ ශුද්ධ ස්ථානයෙහි දී එතුමාණෝ පසසන්න. එතුමාණන්ගේ බලය පවත්නා අහස් තලයෙහි එතුමාණෝ පසසන්න.


ඉශ්රායෙල් දෙවිඳුන්ට සම අන් කෙනෙක් නැත. එතුමාණෝ ඔබට සහාය වනු වස් අහස පීරා වලාකුළු අරා තෙද මහිමයෙන් වඩිනා සේක.


සදාතන දෙවිඳාණෝ ඔබේ සරණය වේ! එතුමන් සදාතන බාහු බලය ඔබ ආධාරය වේ. එතුමාණෝ ඔබ ඉදිරියෙන් සතුරන් පලවා හරින සේක. ‘ඔව්හු වැනසෙත් වා!’යි අණ දෙන සේක.


සමිඳාණන්ගේ හඬ බලවත් ය; සමිඳාණන්ගේ හඬ තේජාන්විත ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්