ගීතාවලිය 65:1 - Sinhala New Revised Version 2018 සියොන්හි දෙවිඳුනි, ඔබට පැසසුම් හිමි ය. අපි ඔබට බාරහාර ඔප්පු කරන්නෙමු. Sinhala New Revised Version සියොන්හි දෙවිඳුනි, ඔබට පැසසුම් හිමි ය. අපි ඔබට බාරහාර ඔප්පු කරන්නෙමු. Sinhala Revised Old Version දෙවියන්වහන්ස, සියොන්හී ඔබට ප්‍රශංසාව නිශ්චලව තිබේ. භාරයද ඔබට ඔප්පුකරනු ලබන්නේය. |
සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව දාවිත්ගේ නුවරට පැමිණෙන විට, සාවුල්ගේ දුව වූ මීකල් කවුළුවෙන් බලා දාවිත් රජ ප්‍රීතියෙන් ප්‍රමුදිත ව නටනු දැක, ඈ සිතින් ඔහු හෙළා දැක්කා ය.
සමිඳුනි, ඔබේ වික්‍රම පාමින් උසස් වනු මැනව. එවිට අපි ඔබේ තෙද බල විකුම් ගැන ප්‍රශස්ති ගීත ගයන්නෙමු.
මාගේ සිතට සහනය ඇත්තේ දෙවියන් වහන්සේ තුළ පමණකි; මට ගැළවීම ලැබෙන්නේ එතුමාණන්ගෙන් පමණකි.
ඔබේ දෙවි සමිඳුන් හට බාරහාර වී ඒවා ඉටු කරන්න. එතුමාණෝ වටා සිටින්නෝ ගරුබිය පෑ යුතු තැනැන් වහන්සේට පඬුරු ගෙනෙත් වා!