ගීතාවලිය 61:1 - Sinhala New Revised Version 2018 අහෝ දෙවිඳුනි! මාගේ මොරගැසීම ඇසුව මැනව; මාගේ යැදුමට සවන් දුන මැනව. Sinhala New Revised Version අහෝ දෙවිඳුනි! මාගේ මොරගැසීම ඇසුව මැනව; මාගේ යැදුමට සවන් දුන මැනව. Sinhala Revised Old Version දෙවියන්වහන්ස, මාගේ මොරගැසීම ඇසුව මැනව; මාගේ යාච්ඤාවට කන්දුන මැනව. |
සමිඳාණන් වහන්ස, මාගේ මේ සාධාරණ යැදුමට සවන් දුන මැනව; මාගේ හඬගැසීමට කන් දුන මැනව. මන්ද, මා එය පුදන්නේ අවංක සිතිනි.
මා ඔබට හඬ නඟන කල ද ඔබේ ශුද්ධස්ථානය දෙසට මාගේ දොහොත් මුදුන් තබන කල ද මාගේ යාදිනි හඬට කන් දුන මැනව.
මා රක්නා මාගේ දෙවිඳුනි, මේ යාදින්නට පිළිතුරු දුන මැනව. විපතේ දී ඔබ මා මිදූ සේක, මට කරුණාකර මේ යැදුමට සවන් දුන මැනව.
දෙවිඳුනි, මා පැමිණිලි කරන විට මා හඬට කන් දුන මැනව; මේ භයානක සතුරන්ගෙන් මාගේ ජීවිතය ආරක්ෂා කළ මැනව.
ඔබ කිසිවක් ගැන කරදර නොවී, සියල්ලෙහි දී ස්තුති පූර්වක ව, යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබගේ අයැදීම් දෙවියන් වහන්සේට දන්වන්න.