කොහාත්ගේ පුත්‍රයා නම්: අම්මිනාදාබ් ය; ඔහුගේ පුත්‍රයා කෝරා ය; ඔහුගේ පුත්‍රයා අස්සීර් ය;
ගීතාවලිය 42:1 - Sinhala New Revised Version 2018 දෙවියෙනි, මුවා සිසිල් දිය දහරට ලොල් වන සේ ඔබ කෙරෙහි මට තද පිපාසයක් ඇත. Sinhala New Revised Version දෙවියෙනි, මුවා සිසිල් දිය දහරට ලොල් වන සේ ඔබ කෙරෙහි මට තද පිපාසයක් ඇත. Sinhala Revised Old Version දෙවියන්වහන්ස, මුවා දිය දොළවලට ඉතා ආශාවන්නාක්මෙන් මාගේ ආත්මය ඔබ කෙරෙහි ඉතා ආශා ඇත්තේය. |
කොහාත්ගේ පුත්‍රයා නම්: අම්මිනාදාබ් ය; ඔහුගේ පුත්‍රයා කෝරා ය; ඔහුගේ පුත්‍රයා අස්සීර් ය;
දෙවිඳුනි, ඈත අතීතයේ දී ඔබ කළ උදාර ක්‍රියා අපේ ම කනින් අප අසා ඇත; අපේ පියවරුන් ඒවා අපට කියා ඇත.
රජිඳුන් උදෙසා මේ කාව්‍යය රචනා කරමි. එවිට මාගේ සිත විසිතුරු තේමාවකින් පිබිදෙයි. මාගේ දිව දක්ෂ ලේඛකයෙකුගේ පන්හිඳ වැනි ය.
අප දෙව් නුවර වන එතුමාණන්ගේ ශුද්ධ කන්දෙහි හිමිතුමාණෝ උදාර ය. විපුල පැසසුම් ලද යුතු ය.
මාගේ දෙවි සමිඳාණන් වහන්ස, මාගේ ගැළවුම්කාරයාණෙනි, දිවා කාලයේ මම ඔබට යදිමි; රෑ කාලයේ මම ඔබට හඬගසමි.
කෝරාගේ පුත්‍රයෝ නම් අස්සීර්, එල්කානා සහ අබියාසාප් ය. මොව්හු කෝරා ජාතිකයන්ගේ පෙළපත් ය.
ලෙවීගේ පුත්‍රයා කොහාත් ය; ඔහුගේ පුත්‍රයා ඉශ්හාර් ය. ඔහුගේ පුත්‍රයා වන කෝරා ද රූබන්වරුන්ගේ පුත්‍රයන් වන එලියාබ්ගේ පුත්‍රයන් වන දාතාන් සහ අබිරාම් ද පෙලෙත්ගේ පුත් ඕන් ද
භූමිය කට අයා ගත්තේ ය. ඔවුනුත්, නිවාසත්, කෝරාගේ සියලු පිරිසත්, සකල සම්පතත් භූමිය ගිලදැමී ය.