ගීතාවලිය 47 - Sinhala New Revised Version 2018මහීපාල දෙවිඳාණෝ කෝරාගේ පුත්‍රයන්ගේ ගීතයකි. 1 සව් සතුනි, අත්පොළසන් දෙන්න; ජය ගොස නංවා දෙවියන් වහන්සේට තුති දෙන්න. 2 අති උතුම් සමිඳාණෝ බියකරු ය, මුළු මහ පොළොව කෙරේ අග රජ ය. 3 එතුමාණෝ ජාතීන් පරදා අපට ජය දුන් සේක; සව් සත කෙරේ අග රජ වන සේක. 4 තම හට ප්‍රිය ජාකොබ්ගේ සෙනඟ වන අප හට මවු බිමක් ලබා දුන් සේක. 5 ජය ගොස නංවා, කාහල හඬ පතුරා, එතුමාණෝ සිහසුන මත නැඟුණ සේක. 6 දෙවි තුමන් හට ගී පසස් නඟන්න. ගී පසස් නඟන්න. අපේ නිරිඳු හට ගී පසස් නඟන්න; ගී පසස් නඟන්න. 7 දෙවිඳාණෝ මුළු දෙරණට නිරිඳාණෝ ය. එතුමාණෝ හට ගී පැසසුම් ගයන්න. 8 දෙවිඳාණෝ ජාතීන් අතර රජිඳාණෝ ය; එතුමාණෝ සුවිශුද්ධ සිහසුන් අරා වැඩ සිටින සේක. 9 ජාතීන්ගේ අධිපතීහු, ආබ්‍රහම්ගේ වංශයට අයත් දේව සෙනඟ සමඟ එක් රැස් වන්නෝ ය. පොළොවේ බලවත් ජාතීහු දෙවි තුමන්ට අයිති ය; එතුමාණෝ ඔවුන් සැම කෙරේ රජකම් කරන සේක. |