දැහැමියා සිය දිවි මඟෙහි ස්ථිර ව වෙසෙයි; සුපිරිසිදු අත් ඇති තැනැත්තේ වඩ වඩා ශක්තිමත් වෙයි.
ගීතාවලිය 37:34 - Sinhala New Revised Version 2018 සමිඳුන් කෙරේ බලාපොරොත්තුව රඳවා, එතුමාණන්ගේ අණපනත් රක්ෂා කරන්න; දේශය ඔබට හිමි වන පිණිස එතුමාණෝ ඔබ උසස් කරනු ඇත; දුදනන් වැනසෙන හැටි ඔබේ ඇසින් ඔබ දකිනු ඇත. Sinhala New Revised Version සමිඳුන් කෙරේ බලාපොරොත්තුව රඳවා, එතුමන්ගේ අණපණත් රක්ෂා කරන්න; දේශය ඔබට හිමි වන පිණිස එතුමන් ඔබ උසස් කරනු ඇත; දුදනන් වැනසෙන හැටි ඔබේ ඇසින් ඔබ දකිනු ඇත. Sinhala Revised Old Version ස්වාමීන් කෙරෙහි බලාසිටිමින් උන්වහන්සේගේ මාර්ගය රක්ෂාකරව, දේශය ඔබට උරුමවන පිණිස උන්වහන්සේ ඔබ උසස්කරනසේක. දුෂ්ටයන් සිඳිනු ලබන කල ඔබ එය දකින්නෙහිය. |
දැහැමියා සිය දිවි මඟෙහි ස්ථිර ව වෙසෙයි; සුපිරිසිදු අත් ඇති තැනැත්තේ වඩ වඩා ශක්තිමත් වෙයි.
ඔහුගේ සිත සවිමත් ය; ඔහු බිය නොවන්නේ ය. සිය සතුරන්ගේ පරාජය දක්නට ලැබෙන බව ඔහුට ඒකාන්ත ය.
ඔහු දිළිඳුන්ට නොමසුරු ව දෙන්නේ ය; ඔහුගේ දැහැමිකම සදාකල් පවත්නේ ය; ඔහු ගරු සම්මාන ලබා බලවත් වන්නේ ය.
සමිඳුන් කෙරේ රඳා, ඉවසිල්ලෙන් එතුමාණන්ගේ පැමිණීම බලා ඉන්න; සිය ජීවිතයෙහි දියුණු වන්නා ගැන වත්, වැරදි දේ කොට ජයගන්නා ගැන වත් ඊර්ෂ්‍යා නොකරන්න.
නපුර කරන්නෝ නෙරපා දමනු ලබන්නෝ ය. හිමිතුමාණන් කෙරේ විශ්වාසය තබන්නෝ දේශය හිමි කරගන්නෝ ය.
නපුරෙන් වැළකීම අවංක අයගේ රාජ මාවත ය; ඔබේ ක්‍රියා මාර්ග ගැන ප්‍රවේසම් වී දිවි රැකගන්න.
නුඹලා මොරගසන විට නුඹලා රැස්කරගත් ඒ දේව රූප නුඹලාට පිහිට වේ වා! ඔව්හු සුළඟට ගසාගෙන යනු ලබති. හුස්මකින් පහ ව යන්නෝ ය. එහෙත්, මා කෙරෙහි විශ්වාස කරන අය දේශය අත් කරගෙන, මාගේ ශුද්ධ කන්ද උරුම කරගන්නෝ ය.”
තමා ම උසස් කරගන්න හැම දෙනා ම පහත් කරනු ලබති; තමා ම පහත් කරගන්නා උසස් කරනු ලැබේ ය”යි වදාළ සේක.
ඔබට දිවි ඇති තාක් ශුභසිද්ධිය වන පිණිසත්, ඔබ අයිති කරගන්නට යන දේශයෙහි චිරාත් කාලයක් ජීවත් වන පිණිසත්, දෙවි සමිඳාණන් වහන්සේ ඔබට අණ කරන සියල්ලට කීකරු ව ජීවත් විය යුතු ය.”
එසේ පීඩා කරනු ලබන්නේ, ඔබේ ඇදහිල්ල සෝදිසි කිරීමට ය. ගින්නෙන් පරීක්ෂා කරනු ලබන, විනාශ වන රනටත් වඩා අනර්ඝ ඔබේ ඇදහිල්ල, එසේ සෝදිසි කිරීමෙන් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ එළිදරව් වීමේ දී ප්‍රශංසාව ද, මහිමය ද, ගෞරවය ද ඔබට ලැබෙනු ඇත.
එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයෙහි දී ඔබ උසස් කරනු පිණිස උන් වහන්සේගේ බලවත් හස්තයට යටත් වන්න.