Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 37:35 - Sinhala New Revised Version 2018

35 දුෂ්ටයා දැඩි කුරිරු නායකයෙකු වී, ලෙබනොන්හි දේවදාර රුකක් මෙන් සශ්‍රීක ව වැඩෙනු බලා සිටියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 දුෂ්ටයා දැඩි කුරිරු නායකයෙකු වී, ලෙබනොන්හි දේවදාර රුකක් මෙන් සශ්‍රීක ව වැඩෙනු බලා සිටියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

35 දුෂ්ටයා ඉතා බලවත්ව ජන්ම භූමියෙහි වැවෙන අමු ගසක් මෙන් විශාලවෙනවා දුටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 37:35
16 හුවමාරු යොමු  

අඥානයා මුල දී සාර්ථක වන සැටි මා දැක ඇත; එහෙත් සැණෙකින් ඔහුගේ නිවෙසට සාපය පැමිණෙයි.


“ඒ ගස නම්, මිසර දේශයේ රජු හා ඔහුගේ සියලු සෙනඟ ය. ඒදන්හි තිබුණු ගස් උසින් ද තේජසින් ද ඒ ගසට සමාන නො වී ය. එහෙත් දැන් ඒදන්හි ගස් මෙන් එය අචර්මඡේදිත වූ, කඩුවෙන් මැරුම් කෑ අය සමඟ එක් වන පිණිස පාතාල ලොවට යන්නේ ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.”


එවිට ජෝවාබ්, “මට මෙසේ ඔබ සමඟ පමා වෙමින් සිටිය නො‍හැක” කියා, හෙල්ල තුනක් අතින් ගෙන, අබ්සලොම් ආලෝන ගසේ පණපිටින් එල්ලී සිටිද්දී ම, ඔහුගේ හදවතට ඇන්නේ ය.


ජෝවාබ්ගේ ආයුධ රැගත්, මෙහෙකරුවෝ දසදෙනෙක් වටකරින් සිට අබ්සලොම්ට පහර දී ඔහු මැරුවෝ ය.


ගසක් මෙන් ඔබ ඔවුන් හිටවූ සේක; ඔව්හු මුල් ඇද, වැඩී, සඵල වන්නෝ ය. මුවින් ඔව්හු ඔබ පසසති; සිතින් නම් ඔබෙන්, දුරු ව සිටිති.


“ඒ නිසා ඒ ගස වනයේ සියලු ගස්වලට වඩා උස ය. බොහෝ වතුර ලැබුණු නිසා, එහි අතු වැඩි වී දිගට ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්