ගීතාවලිය 31:11 - Sinhala New Revised Version 2018 මාගේ එදිරිකරුවන් නිසා මම අසල්වැසියන් අතර නව නින්දාවක් වී සිටිමි; මා දන්නා අඳුනන අයට මම භීතියක් වී සිටිමි; වීදියේ මා දක්නා අය මා වෙතින් පලා යන්නෝ ය. Sinhala New Revised Version මාගේ එදිරිකරුවන් නිසා මම අසල්වැසියන් අතර නව නින්දාවක් වී සිටිමි; මා දන්නා අඳුනන අයට මම භීතියක් වී සිටිමි; වීදියේ මා දක්නා අය මා වෙතින් පලා යන්නෝ ය. Sinhala Revised Old Version මාගේ සියලු එදිරිකාරයන් නිසා අධික වශයෙන් මාගේ අසල්වාසීන්ට නින්දාවක්ව සිටිමි, මා අඳුනන්නන්ට භීතියක්ව සිටිමි. පිටතදී මා දුටුවෝ මා කෙරෙන් පලාගියෝය. |
අසල්වැසියෝ ද හිත මිතුරෝ ද මාගේ තුවාළවල දුගඳ නිසා ඈත් වී සිටිති; මාගේ පවුලේ උදවිය ද මා ළඟට එන්නේ නැත.
මාගේ හිත මිතුරු අසල්වාසීන් පවා ඔබ මා වෙතින් දුරු කළ සේක. මාගේ එක ම හිත මිතුරා නම් අඳුර වේ.
ඔබ මාගේ මිතුරන් මා වෙතින් ඈත් කළ සේක. මා ඔවුන්ට පිළිකුලක් මෙන් වන්නට හළ සේක. සිරගත වී සිටි බැවින් මට මිදී යා නොහැකි ය.
ඉශ්රායෙල්වරුන්ගේ මිදුම්කාරයා ද ඔවුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ද වන සමිඳාණෝ මිනිසුන් විසින් සුළු කරනු ලැබූ, ජාතීන් විසින් පිළිකුල් කරනු ලැබූ, ආණ්ඩුකාරයන්ගේ සේවකයෙකු වූ තැනැත්තාට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවි සමිඳාණන් සිය සේවකයා වන නුඹ තෝරාගත් බව දකින රජවරුන් විශ්වාසවන්ත ඒ සමිඳාණන් නිසා නුඹට ගරු කරන්න නැඟිටිනු ඇත; අධිපතීන් නුඹට නමදිනු ඇත.”
නුඹේ සහෝදරයෝ, නුඹේ ම පවුලේ අය, නුඹට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය. ඔව්හු නුඹ ප්‍රසිද්ධියේ විවේචනය කළෝ ය. ඔවුන් නුඹ සමඟ හොඳින් කතා කළත් ඔවුන් විශ්වාස නොකරන්න.”
මේ වනාහි පුත්‍රයා පියාට අගෞරව කරන කාලයකි. දුව ඇගේ මවට විරුද්ධ ව ද ලේලි ඇගේ නැන්දම්මාට එදිරි ව ද නැඟිටින කාලයකි. මිනිසෙකුගේ සතුරෝ සිය පවුලේ අය ම වෙති.
මේ සියල්ල සිදුවූයේ දිවැසිවරයන්ගේ ලියවිලි ඉෂ්ට වන පිණිස ය”යි වදාළ සේක. එවිට ශ්‍රාවකයෝ සියල්ලෝ ම උන් වහන්සේ අත්හැර පලා ගියහ.
එවිට ඔහු, “ඒ මිනිසා නාඳුනමි”යි කියමින් දෙස් තබාගන්න ද දිවුරන්න ද පටන්ගත්තේ ය. එකෙණෙහි ම කුකුළා හැඬලී ය.
“ඔබට නින්දා කළ අයගේ නින්දාව මා පිට පැමිණියේ ය”යි ලියා ඇති ලෙස, ක්‍රිස්තුන් වහන්සේ වුව ද තමන්ගේ ම සතුට නොසෙව් සේක.
මගේ පළමු නඩු විභාගයේ දී කිසිවෙක් මා සමඟ නොසිටියහ. සියල්ලෝම මා අත්හැර ගියෝ ය. ඒ ගැන ඔවුන්ට වරදක් නොපැමිණේ වා.
ක්‍රිස්තුන් වහන්සේගේ නාමය නිසා නින්දා කරනු ලබන්නහු නම් ඔබ ආශීර්වාද ලද්දහු ය. මන්ද, තේජාන්විත ආත්මයාණන් වහන්සේ වන දෙවියන් වහන්සේගේ ආත්මයාණෝ ඔබ කෙරෙහි රඳන සේක.