Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 31:10 - Sinhala New Revised Version 2018

10 මාගේ ජීවිතය දුකින් ගත වෙයි; මා කල දවස සුසුම්ලෑමෙන් ගෙවී යයි; මාගේ ශක්තිය කනස්සල්ලෙන් පිරිහෙයි; මාගේ ඇට මිදුළු ක්ෂය වී යයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 මාගේ ජීවිතය දුකින් ගත වෙයි; මා කල දවස සුසුම්ලෑමෙන් ගෙවී යයි; මාගේ ශක්තිය කනස්සල්ලෙන් පිරිහෙයි; මාගේ ඇට මිදුළු ක්ෂය වී යයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 මාගේ ජීවිතය කනගාටුවෙන්ද මාගේ අවුරුදු සුසුම්ලීමෙන්ද ගෙවී තිබේ. මාගේ අයුතුකම නිසා මාගේ ශක්තිය පිරිහෙයි, මාගේ ඇටද ක්ෂයවී තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 31:10
12 හුවමාරු යොමු  

යොවුන් වියේ පටන් පීඩිත ව කෙඳිරි ගාමින් මම මැරෙන්නට ආසන්න ව සිටියෙමි; ඔබෙන් පැමිණෙන දඬුවම්වල බරින් මම තැළී පොඩි වී සිටියෙමි.


ඔබේ උදහස නිසා මම දහ දුක් විඳිමි; මාගේ පව් නිසා සර්වාංගය රෝගී වී ඇත.


මා තුළ බලවත් ශෝකයක් ද හදවතෙහි නිරන්තර වේදනාවක් ද ඇත.


එබැවින් එතුමාණෝ ඔවුන්ගේ ජීවිත කාලය හුමාලයක් මෙන් නැතිවන්න සැලැසූ සේක. ඔවුන්ගේ ආයු කාලය බියෙන් ගෙවී යන්න සැලැසූ සේක.


ඔබේ තරවටුවෙන් ඔබ මිනිස් පවට දඬුවම් දෙන සේක; කාවෙකු කා දමන සේ ඔබ ඔහු රිසි දෙය වනසා ලන සේක. මිනිසා නම්, සුළං රොදක් පමණ ය.


සිත් වේදනාවෙන් තැවිතැවී කොපමණ කල් සිටින්න ද? දිවා රෑ සෝදුකින් පෙළිපෙළී කොපමණ කල් සිටින්න ද? මා සතුරෝ මට ඉහළින් කොපමණ කල් වැජඹෙන්නෝ ද?


මාගේ ආහාරය සුසුම් කඳුළු පමණකි; මාගේ කෙඳිරිගෑම, ගලා බසින දිය දහරකි.


මහලු වියේ දී මා ඉවත් නොකළ මැනව; මාගේ ශක්තිය පිරිහෙන කල මා අත් නොහැරිය මැනව!


සියලු පවිටුනි, මා වෙතින් යන්න; මන්ද, සමිඳාණෝ මා විලාප හඬ ඇසූ සේක.


හිමිතුමාණෙනි, මා හඬ නඟා කියන දෙයට සවන් දුන මැනව; මට කරුණා කොට උත්තර දුන මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්