ගීතාවලිය 22:6 - Sinhala New Revised Version 20186 අනේ! මම මිනිසෙක් නොව නර පණුවෙකි; මිනිසුන් අතර නීචයෙකි. ඔව්හු මෙමා හෙළා දකිති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 අනේ! මම මිනිසෙක් නොව නර පණුවෙකි; මිනිසුන් අතර නීචයෙකි. ඔව්හු මෙමා හෙළා දකිති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 මම නම් මනුෂ්‍යයෙක් නොව පණුවෙක්මි; මිනිසුන් අතරෙහි නින්දිතයෙක්මි, සෙනඟ විසින් හෙළාදක්නා ලද්දෙක්මි. පරිච්ඡේදය බලන්න |
ඉශ්රායෙල්වරුන්ගේ මිදුම්කාරයා ද ඔවුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ ද වන සමිඳාණෝ මිනිසුන් විසින් සුළු කරනු ලැබූ, ජාතීන් විසින් පිළිකුල් කරනු ලැබූ, ආණ්ඩුකාරයන්ගේ සේවකයෙකු වූ තැනැත්තාට මෙසේ වදාළ සේක: “ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ දෙවි සමිඳාණන් සිය සේවකයා වන නුඹ තෝරාගත් බව දකින රජවරුන් විශ්වාසවන්ත ඒ සමිඳාණන් නිසා නුඹට ගරු කරන්න නැඟිටිනු ඇත; අධිපතීන් නුඹට නමදිනු ඇත.”
ආසා තම දෙවි සමිඳාණන් වහන්සේට යාච්ඤා කොට, “සමිඳුනි, බලසම්පන්න අයට විරුද්ධ ව බලහීන අයට පිහිට වන්න ඔබ හැර අන් කිසිවෙක් නැත්තේ ය. අපේ දෙවි සමිඳුනි, අපට පිහිට වුව මැනව. මන්ද, අපි ඔබ කෙරේ විශ්වාසය තබා, ඔබේ නාමයෙන් මේ සමූහයට විරුද්ධ ව අවුත් සිටිමු. සමිඳුනි, ඔබ අපේ දෙවියන් වහන්සේ ය. ඔබට විරුද්ධ ව මනුෂ්‍යයා ජය නොගනීවා”යි කීවේ ය.