සියලු පැසසුම්වලට හිමිකම් ඇති සමිඳුන් මම අයැද සිටිමි. මෙසේ මාගේ සතුරන්ගෙන් මම ගැළවෙන්නෙමි.
ගීතාවලිය 18:3 - Sinhala New Revised Version 2018 සියලු පැසසුම්වලට හිමිකම් ඇති සමිඳුනි, මම ඔබට අයැද සිටිමි. මෙසේ මාගේ සතුරන්ගෙන් මම ගැළවෙන්නෙමි. Sinhala New Revised Version සියලු පැසසුම්වලට හිමිකම් ඇති සමිඳුනි, මම ඔබට අයැද සිටිමි. මෙසේ මාගේ සතුරන්ගෙන් මම ගැළවෙන්නෙමි. Sinhala Revised Old Version ප්‍රශංසා ලැබිය යුතුවූ ස්වාමීන්ට හඬගසන්නෙමි. මෙසේ මාගේ සතුරන්ගෙන් ගළවනු ලබන්නෙමි. |
සියලු පැසසුම්වලට හිමිකම් ඇති සමිඳුන් මම අයැද සිටිමි. මෙසේ මාගේ සතුරන්ගෙන් මම ගැළවෙන්නෙමි.
පසුව ජේෂුවා ද කද්මීයෙල් ද බානී ද හෂබ්නෙයා ද ෂේරෙබියා ද හෝදියා ද ෂෙබනියා ද පෙතහියා ද යන ලෙවීවරු කතා කොට, “ඔබ නැඟිට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට සදාකාලයෙන් සදාකාලයට ප්‍රශංසා කරන්න. එසේ ය, සියලු ප්‍රශංසා හා වර්ණනා ඉක්මවා ඇති ඔබේ තේජාන්විත නාමයට ප්‍රශංසා වේවා”යි කී හ.
මාගේ පර්වතය වන සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! එතුමාණෝ යුද්ධයට මාගේ අත් ද සටනට මාගේ ඇඟිලි ද පුහුණු කරන සේක.
සමිඳාණෝ උතුම් ය, උසස් ම පැසසුම් ලැබිය යුතු ය. එතුමාණන්ගේ උතුම්කම සොයා දැනගත නොහැකි ය.
අප දෙව් නුවර වන එතුමාණන්ගේ ශුද්ධ කන්දෙහි හිමිතුමාණෝ උදාර ය. විපුල පැසසුම් ලද යුතු ය.
මම ඇල වුණ බිත්තියක් ද සෙලවෙන තාප්පයක් ද වැනි මිනිසෙක් වෙමි; ඔබ කොපමණ කල් මට තාඩන පීඩන කරන්නහු ද?
ජනයෙනි, දෙවිඳාණන් තුළ සැමදා විශ්වාසය තබන්න; එතුමාණෝ අප සරණය වන සේක. එතුමාණන් අබිමුව ඔබේ දුක්ගැනවිලි පවසන්න.
ඔබ මාගේ පර්වතය ද බලකොටුව ද වන බැවින් ඔබ මට රැකවරණය දෙන පර්වතයක් වුව මැනව! මා මුදාලන බලකොටුවක් වුව මැනව!
ඔහු මට අයැදින්නේ නම්, මම පිළිතුරු දෙන්නෙමි. දුකේ දී ඔහු සමඟ සිට ඔහු මුදා මම ඔහුට ගරු කරන්නෙමි.
ඔහු සමිඳුන්ට මෙසේ පවසයි: “එතුමාණෝ මාගේ රැකවරණය ය; මාගේ බලකොටුව ය; මාගේ දෙවිඳාණෝ ය. මම එතුමාණෝ කෙරෙහි මාගේ විශ්වාසය තබන්නෙමි.”
සමිඳාණෝ උතුම් ය, අතිශයින් පැසසිය යුතු ය; සියලු දෙවිවරුන්ට වඩා එතුමාණන්ට ගරුබිය පෑ යුතු ය.
සමිඳුනි, ඔබ වහන්සේ මාගේ බලය ද බලකොටුව ද විපත්ති දවසේ දී මාගේ රැකවරණය ද වන සේක. විජාතීහු පොළොවේ සීමාවලින් ඔබ වෙත අවුත් කතා කොට, “අපේ පියවරු වැඩකට නැති බොරු දෙවිවරුන්ට ගැති ව සිටියහ.
“අපගේ සමිඳාණන් වහන්ස, අපගේ දෙවියන් වහන්ස, ඔබ ප්‍රශංසාව ද ගෞරවය ද බලය ද, ලබන්නට වටින තැනැන් වහන්සේ ය. මන්ද, ඔබ සියලු දේ මවා වදාළ සේක. ඔබගේ කැමැත්ත නිසා, සියලු දේ ඇති විය. සියලු දේ මවන ලද්දේ ය”යි කියන්නාහ.