සකල මැවිල්ලෙනි, සමිඳුන් සිහසුන පවතින සැම තැන එතුමාණෝ පසසන්න. මාගේ සිත, සමිඳුන් පසසන්න.
ගීතාවලිය 150:6 - Sinhala New Revised Version 2018 ජීවමාන සියල්ලෝ සමිඳුන් පසසත් වා! සමිඳුන්ට ප්‍රශංසා වේ වා! Sinhala New Revised Version ජීවමාන සියල්ලෝ සමිඳුන් පසසත් වා! සමිඳුන්ට ප්‍රශංසා වේ වා! Sinhala Revised Old Version හුස්ම ඇති සියල්ලෝම ස්වාමීන්ට ප්‍රශංසාකෙරෙත්වා. ස්වාමීන්ට ප්‍රශංසාකරව්. |
සකල මැවිල්ලෙනි, සමිඳුන් සිහසුන පවතින සැම තැන එතුමාණෝ පසසන්න. මාගේ සිත, සමිඳුන් පසසන්න.
මා මුවින් සමිඳුන්ට පැසසුම් ගී ගයන්නෙමි. සව් සත සදාකල් ම එතුමාණන්ගේ ශුද්ධ නාමයට ප්‍රශංසා කරත් වා!
මොවුහු සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරත් වා! එතුමාණන්ගේ නාමය පමණක් උදාරතර ය. එතුමාණන්ගේ මහිමය අහසත්, පොළොවත් ඉක්මවා යන්නේ ය.
එතුමාණෝ, අනාථයන්ගේ පියාණෝ ද වැන්දඹුවන්ගේ ආරක්ෂකයාණෝ ද වන සේක. සිය ශුද්ධ නිවාසයෙහි වසන එතුමාණෝ දෙවිඳාණෝ ය.
තවද, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද පොළොව යට ද මුහුදෙහි ද යන මුළු ලෝකයෙහි ඇති සියලු සත්ත්වයන්: “සිංහාසනයෙහි වැඩ සිටින තැනැන් වහන්සේටත්, බැටළු පෝතකයාණන්ටත් ප්‍රශංසාව ද ගෞරවය ද මහිමය ද පරාක්‍රමය ද සදහට ම වේ වා!”යි කියනු ඇසීමි.