Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 150 - Sinhala New Revised Version


පැසසුම් ගීයක්

1 සමිඳුන් පසසන්න. දෙවිඳුන්ගේ ශුද්ධ ස්ථානයෙහි දී එතුමන් පසසන්න. එතුමන්ගේ බලය පවත්නා අහස් තලයෙහි එතුමන් පසසන්න.

2 එතුමන්ගේ බලවත් ක්‍රියා නිසා එතුමන් පසසන්න. එතුමන්ගේ ලොවුතුරා මහිමතාව නිසා එතුමන් පසසන්න.

3 හොරණෑ නාදයෙන් එතුමන් පසසන්න. කුඩා වීණාවෙන් හා මහා වීණාවෙන් එතුමන් පසසන්න.

4 රඟපාමින් හා කිකිණි රබානෙන් එතුමන් පසසන්න. වීණාවෙන් හා නළාවෙන් එතුමන් පසසන්න.

5 හඬැති අත්තලින් ද උස් නද දෙන අත්තලින් ද එතුමන් පසසන්න.

6 ජීවමාන සියල්ලෝ සමිඳුන් පසසත් වා! සමිඳුන්ට ප්‍රශංසා වේ වා!

Ceylon Bible Society

Ceylon Bible Society
අපිව අනුගමනය කරන්න:



දැන්වීම්