මාගේ විපත්ති සමයේ දී ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව; යැදුම් පුදන විට මට සවන් දී නොපමා ව පිළිතුරු දුන මැනව.
ගීතාවලිය 120:1 - Sinhala New Revised Version 2018 මාගේ විපතේ දී මම සමිඳාණන් වහන්සේට මොරගැසීමි. එතුමාණෝ මට උත්තර දුන් සේක. Sinhala New Revised Version මාගේ විපතේ දී මම සමිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ මට උත්තර දුන් සේක. Sinhala Revised Old Version මාගේ විපත්තියේදී ස්වාමීන්ට, මොරගැසීමි, උන්වහන්සේද මට උත්තරදුන්සේක. |
මාගේ විපත්ති සමයේ දී ඔබේ මුහුණ මා කෙරෙන් සඟවා නොගත මැනව; යැදුම් පුදන විට මට සවන් දී නොපමා ව පිළිතුරු දුන මැනව.
එවිට ඔව්හු තම විපතේ දී සමිඳුන්ට මොරගැසුවෝ ය. එතුමාණෝ ඔවුන්ට පැමිණි විපතින් ඔවුන් ගළවාගත් සේක.
සමිඳාණෝ ගෙය නොසාදන සේක් නම්, එය ඉදි කරන්නෝ නිකරුණේ වෙහෙසෙති. සමිඳාණෝ නගරය රැක බලා නොගන්න සේක් නම්, මුරකරුවෝ නිකරුණේ පිබිද සිටිති.
සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති, එතුමාණන්ගේ මාර්ගයෙහි හැසිරෙන සියල්ලෝ භාග්‍යවන්තයෝ ය.
සමිඳාණන් වහන්ස, මාගේ සිත තුළ අහංකාරයක් නැත. උදාරම් ලෙස මම ඇස් නොඔසවමි. වඩා උසස් දේ ගැන වත්, මාගේ තරම ඉක්මවා යන දේ ගැන වත් මම කරදර නොවෙමි.
රෑ කාලේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ සිටින සමිඳුන්ගේ සියලු මෙහෙකරුවෙනි, සමිඳුන්ට ප්‍රශංසා කරන්න.
මාගේ විපතේ දී සමිඳුන්ට අයැදීමි, මාගේ දෙවිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ සිය මාලිගාවේ සිට මා හඬට සවන් දුන් සේක. මා යාදිනි එතුමාණෝ වෙත නැඟිණි.
ස්තුති පූජා පුදන තැනැත්තේ මට ගෞරව කරයි; මට කීකරු වන හැම දෙන ම මම සැබැවින් ගළවාගන්නෙමි.”
“මාගේ පීඩාවේ දී සමිඳුන්ට හඬගැසීමි, එතුමාණෝ මට පිළිතුරු දුන් සේක. පාතාල ගැබේ සිට කෑගැසීමි, ඔබ මාගේ හඬ ඇසූ සේක.
ඔබ මුහුද මැද ගැඹුරට මා හෙළූ සේක. ජලධාරාවෝ මා සිසාරා සිටගත්හ. තරංග හා ජලකඳ සියල්ල මට උඩින් ගලා ගියේ ය.
උන් වහන්සේ දැඩි සිත් වේදනාවෙන් පෙළුණු සේක්, වඩාත් ඕනෑකමින් යාච්ඤා කළ සේක. උන් වහන්සේගේ ඩාදිය ලේ බින්දු මෙන් බිම වැටිණි.
ක්‍රිස්තුන් වහන්සේ මිනිසත්බව ගෙන සිටිය දී තමන් මරණයෙන් ගළවන්නට පිළිවන් වූ තැනැන් වහන්සේට බලවත් හැඬීමෙනුත් කඳුළු සැලීමෙනුත්, යාච්ඤා ද කන්නලවු ද ඔප්පු කළ සේක. උන් වහන්සේගේ දේව ගරුබිය නිසා, දෙවියන් වහන්සේ එයට සවන් දුන් සේක.
ඈ පිළිසිඳගෙන නියම කාලයේ දී පුත්‍රයෙකු ලැබුවා ය. ඈ ඔහුට සාමුවෙල් යන නාමය තැබුවා ය. “එසේ කෙළේ, මා සමිඳාණන් වහන්සේගෙන් ඔහු ඉල්ලාගත් බැවිනැ”යි ඈ කීවා ය.
මේ දරුවා දෙන ලෙස මම යාච්ඤා කෙළෙමි. සමිඳාණන් වහන්සේ ද මා උන් වහන්සේගෙන් ඉල්ලූ මේ ඉල්ලීම මට ඉටු කළ සේක.