Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගීතාවලිය 18:6 - Sinhala New Revised Version 2018

6 මාගේ විපතේ දී සමිඳුන්ට අයැදීමි, මාගේ දෙවිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ සිය මාලිගාවේ සිට මා හඬට සවන් දුන් සේක. මා යාදිනි එතුමාණෝ වෙත නැඟිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 මාගේ විපතේ දී සමිඳුන්ට අයැදීමි, මාගේ දෙවිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ සිය මාලිගාවේ සිට මා හඬට සවන් දුන් සේක. මා යාදිනි එතුමන් වෙත නැඟිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 මාගේ විපත්තියේදී ස්වාමීන්ට හඬගැසීමි, මාගේ දෙවියන්වහන්සේට මොරගැසීමි. උන්වහන්සේ තමන් මාලිගාවෙහි සිට මාගේ හඬ ඇසූසේක, උන්වහන්සේ ඉදිරියෙහි මාගේ මොරගැසීමද උන්වහන්සේගේ කණෙහි වැටුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 18:6
17 හුවමාරු යොමු  

මාගේ විපතේ දී මම සමිඳුන් යැදීමි. එසේ ය, මාගේ දෙවිඳුන්ට මොරගැසීමි. එතුමාණෝ සිය මාලිගාවේ සිට මාගේ හඬට සවන් දුන් සේක. මා යැදුම් එතුමන් වෙත නැඟිණි.


එවිට ලෙවීවරුන් වූ පූජකයෝ නැඟිට සෙනඟට ආශීර්වාද කළෝ ය. ඔවුන්ගේ හඬ අසනු ලැබී ය. ඔවුන්ගේ යාච්ඤාව උන් වහන්සේගේ පිරිසිදු වාසස්ථානය වන ස්වර්ගයෙහි පිළිගන්න ලදී.


හිමිතුමාණෝ සිය ශුද්ධ මැදුරේ වැඩ වසන සේක. එතුමාණන්ගේ සිහසුන සගලොවෙහි ය. හිමිතුමාණෝ සියැසින් ලෝ සත විමසා බලන සේක.


මාගේ විපතේ දී මම සමිඳාණන් වහන්සේට මොරගැසීමි. එතුමාණෝ මට උත්තර දුන් සේක.


හිමිතුමාණන්ගේ දෙනෙත දමිටුන් දෙසට ද එතුමාණන්ගේ දෙසවන ඔවුන්ගේ කන්නලව්වට ද යොමා ඇත.


මම ඔබ විපුල පෙම පෙරදැරි කොට ඔබ නිවෙසට පිවිසෙන්නෙමි; ගරුබිය පාමින් ශුද්ධ මැදුර අබිමුව නමදින්නෙමි.


විපත්තියේ දී මට යාච්ඤා කරන්න; මම නුඹ මුදන්නෙමි. නුඹ මට ගෞරව කරනු ඇත.”


භීතිය ද ත්‍රාසය ද මට තදින් පීඩා කරන්නේ ය; බියෙන් මාගේ ඇඟ කිලිපොළා යන්නේ ය.


බොහෝ කලක් ගත වූ පසු, මිසරයේ රජතුමා මියගියේ ය. ඉශ්රායෙල් ජනයා වහල් සේවය නිසා සුසුම්ලමින්, මොරගැසූ හ. ඔවුන්ගේ වහල් සේවය නිසා ම ඔවුන්ගේ කන්නලවුව දෙවියන් වහන්සේ වෙත පැමිණියේ ය.


එහෙත්, සමිඳාණන් වහන්සේ සිය ශුද්ධ මාලිගාවේ වැඩ සිටින සේක; මුළු පොළොව උන් වහන්සේ ඉදිරියෙහි නිශ්ශබ්ද වේ වා!


“අබ්බා, පියාණෙනි, ඔබට සියල්ලක් ම හැකි ය; මේ කුසලාන මා කෙරෙන් ඉවත් කළ මැනව; එහෙත් මාගේ කැමැත්ත නොව, ඔබගේ කැමැත්ත වේ වා”යි වදාළ සේක.


එබැවින් පේදුරු හිර අඩස්සියේ සිටිය දී සභාව ඔහු උදෙසා දෙවියන් වහන්සේට උදක් ම යාච්ඤා කළා ය.


එවිට ස්වර්ගයෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව විවෘත කරන ලද්දේ ය. උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව මාලිගාව තුළ පෙනුණේ ය. එවිට විදුලි කෙටීම් ද ශබ්ද ද ගිගුරුම් ද භූමිකම්පාවක් ද, මහ ගල් වර්ෂාවක් ද විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්