ගීතාවලිය 133 - Sinhala New Revised Version 2018සහෝදර ප්‍රේමයේ අලංකාරය 1 සහෝදරයන් මෙන් එක් ව විසීම කෙතරම් ප්‍රියංකර ද? කෙතරම් යහපත් ද? 2 එය, ආරොන්ගේ හිස පිට වත් කරන ලද, ඔහුගේ රැවුල දිගේ කර පටිය දක්වා ගලා ගිය අනගි තෙලක් මෙන් පැතිර යන්නෙකි. 3 එය, සියොන් ගිර මත වැටෙන හෙර්මොන් කන්දේ පිනි හා සමාන ය. මන්ද, සමිඳාණෝ ඊට ආශීර්වාද කරන සේක. එනම්, සදාකාල ජීවනය ඊට දානය කළ සේක. |