Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

ගීතාවලිය 129 - Sinhala New Revised Version 2018


සතුරන්ට විරුද්ධ ව යැදීමක්

1 ඉශ්රායෙල් දැන් මෙසේ කියත් වා: “මාගේ තරුණ වයසේ පටන් සතුරෝ බොහෝ වර මට පීඩා කළෝ ය.

2 මාගේ තරුණ වයසේ පටන් සතුරෝ බොහෝ වර මට පීඩා කළෝ ය. එහෙත්, මාගෙන් ජය නොගත්තෝ ය.

3 කුඹුරක් සීසාන්නාක් මෙන් ඔව්හු මාගේ පිට ගැඹුරට හාරා තුවාළ කළෝ ය.

4 එහෙත්, සමිඳාණෝ ධර්මිෂ්ඨ ය; එතුමාණෝ දුෂ්ටයන්ගේ වහල් බැමිවලින් මා මුදා හරින සේක.”

5 සියොන්ට ද්වේෂ කරන සියල්ලෝ ලජ්ජා වී පලා යත් වා!

6 ඔව්හු වැඩෙන්නට පළමුවෙන් වියළී යන, පියස්ස පිට ඇති තෘණ මෙන් වෙත් වා!

7 කපන්නා එයින්, අත පිරෙන මිටියක් වත්, මිටි බඳින්නා ළය පුරවන මිටියක් වත් නොගන්නේ ය.

8 “සමිඳුන්ගේ ආශීර්වාද ඔබට වේ වා! සමිඳුන්ගේ නාමයෙන් අපි ඔබට ආශීර්වාද කරමු”යි මඟ යන කිසිවෙක් ඔවුන්ට නොකියන්නෝ ය.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්