සමිඳුන්ගේ ක්‍රියා කොපමණ උදාර ද? ඒවාට ප්‍රිය වන සියල්ලෝ ඒවා තේරුම්ගැනීමට උත්සාහ කරති.
ගීතාවලිය 118:15 - Sinhala New Revised Version 2018 ප්‍රීතිවීමේ හා ගැළවීමේ හඬට සවන් දෙන්න. දමිටුන්ගේ කූඩාරම්වල ජය නාදය ඇසේ. සමිඳුන්ගේ බාහු බලය විකුම් දක්වයි. Sinhala New Revised Version ප්‍රීතිවීමේ හා ගැළවීමේ හඬට සවන් දෙන්න. දමිටුන්ගේ කූඩාරම්වල ජය නාදය ඇසේ. සමිඳුන්ගේ බාහු බලය විකුම් දක්වයි. Sinhala Revised Old Version ප්‍රීතිවීමේ හා ගැළවීමේ ශබ්දය ධර්මිෂ්ඨයන්ගේ කූඩාරම්වලය. ස්වාමීන්ගේ දකුණු හස්තය වික්‍රමාන්විතව ක්‍රියාකරයි. |
සමිඳුන්ගේ ක්‍රියා කොපමණ උදාර ද? ඒවාට ප්‍රිය වන සියල්ලෝ ඒවා තේරුම්ගැනීමට උත්සාහ කරති.
දමිටුනි, හිමිතුමාණන් කෙරේ ප්‍රීති වී උදන් අනන්න. අවංක සිත් ඇති සියල්ලෙනි, ප්‍රීති ඝෝෂා පවත්වන්න.
ඔබේ සෙනඟ සතුරන් පරදා ජය කෙහෙලි නැංවූයේ, තමන්ගේ ම කඩු පහරින් හෝ බාහු බලයෙන් හෝ නොවේ; එසේ වූයේ, ඔබ ඔවුන්ට ප්‍රේම කළ නිසා ඔබේ ම සුරතිනි, බාහු බලයෙනි; ඔබ සහතික ලෙස ඔවුන් සමඟ වැඩ සිටි බැවිනි.
සත්‍යය හා යුක්තිය රක්නා පිණිස මංගල රථයෙන් තේජසින් ජය බිම් බලා වැඩිය මැනව; ඔබේ බාහු බලයෙන් ඔබ උදුල ජය කෙහෙලි නංවනු ඇත.
දෙවිඳුන්ගේ සහාය ඇති ව අපි වීරයන් මෙන් සටන් කරන්නෙමු; එතුමාණෝ ම අපේ එදිරිකරුවන් පයින් පාගාදමන සේක.
එහෙත්, දැහැමියෝ දෙවිඳුන් අබිමුව ප්‍රීති ප්‍රමෝද වෙත් වා! ප්‍රීතියෙන් කුල්මත් වී ගී ගයත් වා!
සමිඳාණන් වහන්සේට නව ගීයක් ගයන්න; මන්ද, එතුමාණෝ අසිරිමත් ක්‍රියා කළ සේක. සිය බලයෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත් සේක.
එබැවින් සමිඳාණන් වන දෙවිඳාණෝ මෙසේ වදාරන සේක: “මට සේවය කරන්නන්ට කන්න තිබිය දී නුඹලාට බඩගිනි වන්නේ ය; ඔවුන්ට බොන්න තිබිය දී නුඹලාට පිපාසා වන්නේ ය; ඔවුන් ප්‍රීති ප්‍රමෝද වෙද්දී නුඹලාට ලජ්ජාව ඇති වන්නේ ය.
ඔහු තමාගේ ගෙට ඔවුන් කැඳවා ගෙන ගොස්, කෑමෙන් සංග්‍රහ කොට තමා දෙවියන් වහන්සේ අදහා ගත් බැවින් සිය ගෙයි වැසි සියල්ලන් සමඟ අතිශයින් ප්‍රීති විය.
එවිට ඔබේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ ද ඔබේ දරුදැරියන් ද ඔබේ දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. ලෙවීවරුන්ට වනාහි ඔබ සමඟ උරුමයක් හෝ රටින් කොටසක් හෝ අයිති නොවනු ඇත.
ස්වර්ගයෙනි, සැදැහැවතුනි, අපෝස්තුළුවරුනි, දිවැසිවරුනි, ඒ ගැන ප්‍රීති වන්න! මන්ද, ඈ ඔබට කළ වරද ගැන දෙවියන් වහන්සේ ඈ විනිශ්චය කළ සේක.