Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 68:3 - Sinhala New Revised Version 2018

3 එහෙත්, දැහැමියෝ දෙවිඳුන් අබිමුව ප්‍රීති ප්‍රමෝද වෙත් වා! ප්‍රීතියෙන් කුල්මත් වී ගී ගයත් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 එහෙත්, දැහැමියෝ දෙවිඳුන් අබිමුව ප්‍රීති ප්‍රමෝද වෙත් වා! ප්‍රීතියෙන් කුල්මත් වී ගී ගයත් වා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 නුමුත් ධර්මිෂ්ඨයෝ සතුටුවෙත්වා; දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීතිමත්වෙත්වා. එසේය, ඔව්හු සන්තෝෂයෙන් ප්‍රීතිවෙත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 68:3
16 හුවමාරු යොමු  

දැහැමියා, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වී එතුමාණන් සරණ සොයා යන්නේ ය; අවංක සිතැති තැනැත්තා ප්‍රීතියෙන් පිරී යන්නේ ය.


නිතර ම ප්‍රීති වන්න,


අපි අතිශයින් ප්‍රීති සන්තෝෂවෙමු. උන් වහන්සේට ගෞරවය පිරිනමමු. මන්ද, බැටළු පෝතකයාණන්ගේ සරණ මංගල්‍යය පැමිණ ඇත. උන් වහන්සේගේ මනාලිය සැරසී සිටින්නී ය.


ස්වර්ගයෙනි, සැදැහැවතුනි, අපෝස්තුළුවරුනි, දිවැසිවරුනි, ඒ ගැන ප්‍රීති වන්න! මන්ද, ඈ ඔබට කළ වරද ගැන දෙවියන් වහන්සේ ඈ විනිශ්චය කළ සේක.


දමිටුනි, සමිඳුන් තුළ ප්‍රීති ප්‍රමෝද වෙන්න. එතුමාණන්ගේ සුවිශුද්ධ භාවය සිහි කොට එතුමාණන්ට ප්‍රශංසා කරන්න.


ඔබ උන් වහන්සේ නුදුටු නමුත් උන් වහන්සේට ප්‍රේම කරන්නහු ය. දැන් ඔබ උන් වහන්සේ නොදකින නමුත්, උන් වහන්සේ අදහා,


පවිටුන්ට දඬුවම් ලැබෙන විට දැහැමියා ප්‍රීති ප්‍රමෝද වන්නේ ය. දුදන ලෙයින් ඔහු තම පා සෝදා ගන්නේ ය.


දෙවියෙනි, මාගේ දෙවියෙනි, එවිට මම දිව්‍ය පූජාසනය වෙත, මාගේ පස්වණක් ප්‍රීතිය වන දෙවිඳුන් වෙත ගොස් වීණා වාදනයෙන් ඔබ පසසන්නෙමි.


සමිඳාණන් වහන්ස, ඔබේ බල පැරකුම් ගැන රජ තෙමේ උදන් අනයි; ඔබ දුන් විමුක්තිය ගැන ඔහු කොතරම් ප්‍රමෝද වන්නේ ද!


එවිට ඔබේ සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි ඔබ ද ඔබේ දරුදැරියන් ද ඔබේ දැසිදසුන් ද ඔබේ වාසල් දොරටු ඇතුළත සිටින ලෙවීවරුන් ද ප්‍රීති ප්‍රමෝද විය යුතු ය. ලෙවීවරුන්ට වනාහි ඔබ සමඟ උරුමයක් හෝ රටින් කොටසක් හෝ අයිති නොවනු ඇත.


දමිටුනි, හිමිතුමාණන් කෙරේ ප්‍රීති වී උදන් අනන්න. අවංක සිත් ඇති සියල්ලෙනි, ප්‍රීති ඝෝෂා පවත්වන්න.


එහෙත්, දුදනෝ වැනසෙති; හිමිතුමාණන්ගේ සතුරෝ වන මල් මෙන් මිය යති; දුම මෙන් පහවෙති.


මම මෙසේ කියමි: “පාරට්ටු කරන්නෙනි, පාරට්ටු නවතාලන්න; දුදනෙනි, අහංකාරකමින් උදම් නොවන්න;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්